ලොව යන අත

කී දේ නාහන ඉන්දුනීසියානුවන් බය කරන්නට ‘කොරෝනා හොල්මන්‘ පාරට බසියි!

පාර අද්දර නොසිතූ තැන්වල සිටගෙන සහ වාඩිවී සිටින මේ සුදු ඇඳගත් හොල්මන්, අනපේක්ෂිත ලෙස හිටිහැටියේම පැන පැන යන්නට පටන් ගනියි.

මේ වනාහී, ඉන්දුනීසියාවේ ලොක්ඩවුන් නියමයන් කඩ කරමින් පාරට එන ගම්වැසියන් බිය වද්දන්නට ගෙන ඇති අලුත්ම පියවරයි.

පොලිසිය සමග එක්ව මේ පියවර ගෙන ඇත්තේ ගම්මානයේ ගම් ප්‍රධානියා සහ තරුණ කැළ විසිනි. සමාජ දුරස්ථකරණය ක්‍රියාවට නැංවීම සඳහා ඔවුන් විසින් ගෙන ඇති අලුත්ම නිර්මාණශීලී පියවර මෙයයි.

මේ හොල්මන් ඉන්දුනීසියානු බසින් හැඳින්වෙන්නේ ‘පොකොං‘ (pocong) යනුවෙනි. සුදු පාට සාළු පොරවාගත්, ඇස්වල අඳුන් තවරාගත් මේ රූප, මළවුන්ගේ ආත්මයන් උගුල්වලට හසුවී ඇති ආකාරය නිරූපණය කරයි.

මුලින්ම මේ පොකොංලා වීදියට පැමිණි විට ගම්වැසියන් එයට ප්‍රතිචාර දැක්වූයේ හාත්පසින්ම වෙනස් අන්දමකට ය. ඔවුන් කළේ බියවී සැඟවෙනු වෙනුවට පෙරහැරේ ගොස් ඔවුන්ව බලන්නට ඒකරාශී වීමයි. අනතුරුව රාත්‍රිය ඔවුන්ට භාර කෙරිණි. ඉන්පසු බොහෝ දේ වේගයෙන් වෙනස් වන්නට පටන් ගත්තේය.

ඉන්දුනීසියාවේ ජනාධිපති ජොකෝ විඩෝඩෝ (Joko Widodo) රට ලොක්ඩවුන් කිරීම සලකන්නේ නොකළ යුතු දෙයක් ලෙස ය. ඒ වෙනුවට පරිස්සම් වීම සහ සමාජ දුරස්ථකරණය සෑහේ යැයි ඔහු කල්පනා කර තිබේ. නමුත් මේ වනවිට ඉන්දුනීසියාවෙන් මරණ 373 ක් සමග රෝගීන් 4,241 ක් හමුවී ඇත.

ඉන්දුනීසියානු සරසවියේ පර්යේෂකයන් පිරිසක් පසුගියදා අවධාරණය කළේ දැඩි ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන් හික්මවූයේ නැති නම් මැයි මාසය වන විට මරණ 140,000 ක් සමග ආසාදිතන් ලක්ෂ 15 ක් වාර්තා වීමේ දැඩි අවදානමක් පවතින බවයි.

පවතින මේ වාතාවරණය තුළ ගැමියන්ම එක් වී වඩාත් දැඩි පියවර ගනිමින් සිය සහෝදර ගම්මුන් හික්මවන්නට තීරණය කර තිබේ.

ඒ නිසා මේ හොල්මන්වල රාජකාරි අතරට ගම්මුන් බියවැද්දවීමට අමතරව, ගම්මුන් සමාජ දුරස්ථකරණය නිසි ලෙස පවත්වා ගන්නේදැයි අධීක්ෂණය කිරීම ද ඇතුළත් ය.

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

8 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

9 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

23 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago