සෞඛ්‍ය

කොරෝනා මඬින්නට දින 90 ක් ගෙදර ඉන්න නිව්යෝක් වැසියන්ගෙන් ලංකාවට කදිම පාඩමක්

පැය කිහිපයක් ඇතුළත නව රෝගීන් දහස් ගණනක් වාර්තා වුණු තත්වයක් තුළ පවා ඔවුන් සිය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වෙමින් ඒවා සීමා කරති.

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 7000 ඉක්මවද්දී නිව්යෝක් නුවර වැසියන්ට අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් බැහැර වන සේ ‘විලම්බන කාලයක්‘ (moratorium) පනවා තිබේ.

මුලින් මෙය ‘නිවසින් එළියට බැසීම තහනම්‘ (stay-at-home order) කරන නියෝගයක් ලෙස මුලින් වාර්තා වුවද එය එසේ නොවන බව ද ජාත්‍යන්තර පුවත් සේවා අවධාරණය කරයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය කටයුතු සහ සේවාවන් සඳහා පමණක් නිවසින් පිටතට යාමට ඔවුන්ට තවදුරටත් අවසර ලැබේ.

මෙය ලංකාවේ මෙන් ‘අද හවස සිට ඇඳිරි නීතිය‘ යැයි ඊයේ උදේ කීවාක් මෙන් උන් හිටි ගමන් පැනවූ නියෝගයක් නොවන අතර, ඔවුන්ගේ වේලාවෙන් අනිද්දා, එනම් ඉරිදා රාත්‍රී 8 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම වැනි කටයුතු සඳහා දින 2කට ආසන්න කාලයක් ඔවුන්ට ලබා දී තිබේ.

දියුණු රටක පාලකයන් පුරවැසියන්ගේ යාම්-ඊම් සහ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඔවුන්ගේ ප්‍රවේශය සීමා කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති ගැන පාඩමක් ද මෙමගින් ලංකාව වැනි රටවලට උගත හැකිය.

නිවසින් පිටතට යන්නට පුළුවන්ද?

මෙය ක්‍රියාත්මක වන්නේ රෝගය ව්‍යාප්ත වීම මර්දනය කරන helpful hints වශයෙන් නොව, නීතිමය අර්ථයෙනි. ‘‘අපිට හැම කෙනෙක්ම ආරක්ෂිත කරන්න ඕනෙ. එහෙම නොවුණොත් කිසිම කෙනෙක් ආරක්ෂිත නැහැ..‘‘ යැයි නිව්යෝක් ජනපදයේ අගනුවර සේ සැලකෙන ඇල්බනි හි ප්‍රධානියා පවසයි.

මේ අනුව නිව්යෝක් හි ජනගහනය වන මිලියන 19.5 ක් දෙනාට, එනම් ලක්ෂ 195කට මෙම නව නීතිය බල පැවැත්වෙනු ඇත. කෙසේ නමුත් මෙමගින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් අවම වශයෙන් හෝ ආරක්ෂා කිරීමට උත්සාහ කරයි.

ඒ අනුව,

  • අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ මිලදී ගැනීමට යාම
  • වෛද්‍යවරයා මුණ ගැසීමට හෝ රෝහල කරා යාම
  • සිය සුනඛයන් පාරේ ඇවිද්දවීම
  • රෙදි සෝදනාගාර වෙත යාම

වැනි කටයුතු පවා තහනම් නැත.

එයට හේතුව වී තිබෙන්නේ ඇමරිකාවේ රාජ්‍ය නිලධාරීන් විසින් එම කටයුතු ජනතාවට ‘අත්‍යාවශ්‍ය දේවල්‘ සේ සැලකීමයි.

නිව්යෝක් ජනපද ප්‍රධානීන්ගේ අර්ථ දැක්වීමට අනුව ‘අත්‍යාවශ්‍ය ගමන් බිමන්‘ ලෙස සැලකෙන්නේ,

  1. අත්‍යාවශ්‍ය සැපයුම් මිලදී ගැනීමට යාම
  2. සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශය
  3. පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් රෝග උවදුරට ලක් වෙමින් තිබෙන්නේ නම් ඔවුන්ට උපකාර කිරීමට යාම

යනාදියයි.

එකිනෙකාගෙන් දුරස්ථව එළිමහන් ක්‍රියාකාරකම් ද මේ කාලය තුළ නිව්යෝක් නුවර තහනම් නැත. ‘ඒ අනුව දිවීම, කඳු නැගීම වැනි තනිව එළිමහනේ කරන ක්‍රීඩාවන්ට කිසිම තහනමක් නැහැ. නමුත් පස්දෙනෙකු සමග එකතු වී පැසිපන්දු ක්‍රීඩාකිරීමට අවසර නැහැ..‘‘ යැයි ද බලධාරීහු කියති. කිසිදු හේතුවක් නිසා නිව්යෝක් නුවර වැසියන්ට පොකුරු පිටින් හමුවීම මේ අනුව තහනම් ය.

යාම් ඊම් තහනමක් නැති වෘත්තීන්

අත්‍යාවශ්‍ය සේවාවන් හි නිරතවන්නන් හට යාම් ඊම් තහනමක් මේ කාලය තුළදී බල නොපැවැත්වේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය වෘත්තීන් ඇමරිකාවේ සැලකෙන සෞඛ්‍ය සේවාවන්, සනීපාරක්ෂාව, ආහාර සේවාවන්, නීති සාධන සේවාවන් මෙන්ම ගෑස් පිරවුම්හල් සහ ඇඳුම් ශෝධනාගාරවල සේවකයන්ට මෙම තහනම බල පැවැත්වෙන්නේ නැත.

එකඟ නොවුණොත් මොකද වෙන්නෙ?

නිව්යෝක් ජනපදය තුළ සියලු පුද්ගලයන්ට සහ සියලු ව්‍යාපාර සඳහා දින 90 කට මේ නීති බලපැවැත්වේ. එය කඩ කරන්නේ නම් එමගින් ‘‘මහජන සෞඛ්‍යයට ක්ෂණික උවදුරක් සහ දැවැන්ත තර්ජනයක්‘ ඇති කරන සේ සලකා නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත. ඒ අනුව මෙම අණ නොතකා පවත්වාගෙන යන ඕනෑම ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දඩ ගැසීම හෝ බලයෙන් වසා දැමීම සිදු වනු ඇත.

නමුත්, එම ව්‍යාපාරවල නියුතු තනි පුද්ගලයන්ට නිව්යෝක් ජනපදය දඩ නොගසනු ඇත.

පොදු ප්‍රවාහන සේවා

නිව්යෝක් නුවර පවතින්නේ රටේ විශාලතම සහ පැරණිතම උමං දුම්රිය (MTA) පද්ධතිය යි. ඒවා මේ කාලය තුළ සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන අතර, ලංකාවේ මෙන් ඕනෑම කෙනෙකුට නොමිලේ ඕනෑම තැනක නැගී යා නොහැක. පෙර පරිදිම නිසි පරිදි මුදල් ගෙවා ප්‍රවේශපත් ලබාගෙන ඒවා පරිහරණය කළ හැකිය. නමුත් ඒ, අත්‍යාවශ්‍ය අවස්ථාවන් වල ය. පොදු ප්‍රවාහන සේවාවන් පාවිච්චි කිරීමෙන් හැකි තාක් ජනතාව අධෙර්යමත් කිරීමට නිව්යෝක් ජනපදය කටයුතු කරමින් සිටියි.

මහා මාර්ග, ගෑස් පිරවුම් හල් සහ ඇතැම් මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන සුපුරුදු පරිදිම විවෘත ව තබනු ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පැවසුවේ ඇමරිකානු පුරවැසියන් නිවාසවල සිරගත කිරීමට ෆෙඩරල් ආණ්ඩුව සූදානම් නැති බවයි.

මේ අනුව සිය පුරවැසියන්ව අවම පීඩාවකට පත් වන සේ නිරෝධානය හෝ නිවසේ රඳවා ගැනීම හෝ සමාජ හැසිරීම් අවම කරන්නට ඇමරිකාව පියවර ගෙන තිබේ.

‘හරි නම් මේ දවස් දෙකකට දැමූ ඇඳිරි නීතිය සති දෙකක්වත් තියන්න ඕනෙ‘‘ යැයි පාරම්බාන චන්න ජයසුමනලා සිටින, තමන් පාවිච්චි කළ මුහුණු ආවරණයත් ගළවා කිසි ගාණක් නැතිව අනෙක් අය අතට දෙන වජිර අබේවර්ධනලා සිටින, ජනජීවිතයට දෙන අවධානය මොහොතකට හෝ අඩුකර නැහැයි කටින් බතල හිටවන අගමැතිවරුන් සිටින ලංකාවට ඇමරිකාවෙන් මේ මොහොතේ උගත හැකි පාඩම් රාශියකි.

පෙර ලිපි –

දින දෙකකට නෙවෙයි සති දෙකකට ඇඳිරි නීතිය දාන්න ඕනෙ! – චන්න ජයසුමන
ඇඳිරි නීතිය දැමුවේ ‘අමන කාලකණ්නි‘ නිසාද?

වජිරගේ වසංගත දානය – තමන් පාවිච්චි කළ මුඛ ආවරණය ගළවා තව කෙනෙකුට දෙයි
ජන ජීවිතයට දෙන අවධානය මොහොතකට හෝ අඩු කර නැහැ – අගමැති කියයි

Share

Recent Posts

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

4 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

4 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

4 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

4 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

18 hours ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

21 hours ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

1 day ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

1 day ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

1 day ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

1 day ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

1 day ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

2 days ago

ස්පාඤ්ඤයේ අගමැතිගේ බිරිඳට දුෂණ චෝදනා එල්ල වේ

අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…

2 days ago

ඉරානය සමඟ ගනුදෙනුව පරෙස්සමෙන්; ඇමරිකාව පකිස්ථානයට සම්බාධක පැනවීමේ අවදානම පිළිබඳව අනතුරු අඟවයි

එක්සත් ජනපදයේ සම්බාධක පිළිබඳ තර්ජන හුදෙක් පාකිස්තානය අධෛර්යමත් කිරීමට හේතු වේ..

3 days ago