කාලීන

කොවිඩ් වසංගතය දුරලීමට සොල්දාදුවන් දෙසිය දෙනෙක් දින 9 කින් තැනූ ලන්ඩනයේ නයිටිංගේල් රෝහල

නමුත් කිසිම සද්දයක් නැතිව ලන්ඩනයේ පිහිටි ලොකුම සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාව වන ‘ඩොක්ලන්ඩ් එක්සෙල්‘, දින 9කින් එංගලන්තයේ ලොකුම රෝහල බවට පත්විය. මේ මහා පරිවර්තනය සිදු කිරීමට දායක වූයේ සොල්දාදුවන් 200 දෙනෙකි. එය දින කිහිපයක ප්‍රමාදයකින් පසු අද සවස විවෘත කෙරුණේය.

ඒ නිසා දැන් මෙය හැඳින්වෙන්නේ ඩොක්ලන්ඩ් එක්සෙල් හෙවත් London’s ExCeL centre ලෙස නොව නයිටිංගේල් රෝහල (Nightingale hospital) ලෙස ය.

මහා බ්‍රිතාන්‍යය මේ වන විට මුහුණ පා සිටින කොවිඩ්-19 වසංගතය ඉදිරියේදී තවදුරටත් උත්සන්න වුවහොත් පුළුල් ශක්‍යතාවයෙන් යුතුව සූදානම් ශරීරයෙන් සිටින මෙහි ඇඳන් 4000 ක් පිළිවෙළට තබා තිබේ.

එක වාට්ටුවක 200 දෙනෙකුගෙන් යුත් රෝහල් කාර්ය මණ්ඩලයක් මෙහිදී යෙදවිය හැකි අතර, ඒ අනුව බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය වන NHS හි කාර්ය මණ්ඩල සාමාජිකයන් 16,000 කට එකවර මෙහි සේවයේ යෙදිය හැකිය.

හමුදා ඉංජිනේරුවන් 200 දෙනෙකු විසින් දිනකට පැය 15 බැගින් මේ විශ්වකර්ම රෝහල ඉදිකරන්නට වෙහෙස වූයේ කොන්ත්‍රාත්කරුවන් 160 දෙනෙකුට අධික පිරිසකගේ සැලසුම අනුව ය. ශ්‍රීමත් ජෝන් ගිලන් රථ සේවයේ ස්වෙච්ඡා සාමාජිකයන් 750 දෙනෙකු මෙහි සේවය කරනු ඇත. එක්සත් රාජධානියේ විශාලතම රෝහල බවට එය දැන් පත්ව තිබේ.

අද සවස මෙය විවෘත කෙරුණේ කොවිඩ්-19 වින්දිතයෙකු අතින්ම වීම ද සුවිශේෂී ය. ඒ, චාල්ස් කුමරු අතිනි. ස්කොට්ලන්තයේ සිය නිවසේ සිට මෙය වීඩියෝ ලින්ක් ක්‍රමයට විවෘත කරනු ලැබුවේ, දුරස්ථ ක්‍රමයක් භාවිතයෙන් විවෘත කිරීමක් සිදුකළ ප්‍රථම රාජකීයයා බවට පත් වෙමිනි.

කොවිඩ් පොසිටිව් වීමෙන් පසු නිරෝධායනයට ලක්වූ චාල්ස් කුමරු මේ වන විට නිරෝගී සුවය ලබා තිබේ. ‘‘සිදුකළ නොහැකි දෙයක් යැයි සිතූ දේ ඔබ කළා..‘‘ යැයි එහිදී කුමරු පැවසුවේය.

මේ නම තබනු ලැබුවේ) ලෝක හෙද සේවයේ නිර්මාතෘ ෆ්ලොරන්ස් නයිටිංගේල්ගේ 200 වන ජන්ම සංවත්සරය ලබන මාසයට (මැයි 12) යෙදී තිබීම ද සලකා බලා ය.

Share

Recent Posts

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

29 mins ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 hour ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

16 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

19 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago