හුස්ම ගැනීමේ අපහසුතාවය, හිසේ කැක්කුම, සෙම්ප්‍රතිශ්‍යා ගතිය යනාදී කොරෝනා රෝගයේ අප දන්නා රෝග ලක්ෂණ ලැයිස්තුවට දැන් අලුත්ම රෝග ලක්ෂණ 2 ක් ද එකතු වී තිබේ. ඒ, ගඳ සුවඳ නොදැනීම සහ රසය නොදැනී යාමේ තත්වයයි.
මේ බව අවධාරණය කරන්නේ ලන්ඩනයේ කිංස් කොලෙජ් හි පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි.
කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත හාර ලක්ෂයක් දෙනා (400,000) යොදාගෙන සිදුකළ පර්යේෂණයක් වන නිසාම, මේ සොයාගැනීම අපට ලෙහෙසියෙන් බැහැර කළ නොහැක.
ඔවුන්ට අනුව මෙම තත්වයට ගොදුරු වන අයගෙන් 20%කට ආසන්න ප්‍රමාණයකට මෙම ගඳ සුවඳ නොදැනීම සහ රසය නොදැනීම යන තත්වයන් අත්දැකීමට සිදු වේ.
මේ සඳහා පර්යේෂකයන් විසින් Covid Symptom Tracker app නමැති යෙදවුමක් (ඇප් එකක්) භාවිතා කළ අතර, එහිදී රෝග ලක්ෂණවල සුබලතාවය ලැයිස්තුගත වූයේ මේ අන්දමිනි.
53% – දැඩි විඩාබර ගතිය සහ මහන්සිය
29% – නොනවතින කැස්ස
28% – කෙටි හුස්ම (දීර්ඝ ලෙස සුපුරුදු පරිදි හුස්ම ගැනීමේ නොහැකියාව)
18% – ගඳ සුවඳ හෝ රසය නොදැනී යාම
10.5% – උණ ගතිය
මෙම නියැදිය සඳහා තෝරාගත්තේ කොවිඩ්-19 වැළඳී ඇතැයි සැක කරන අය හාරලක්ෂයක් බව ඉහත සඳහන් කළෙමු. මේ අතරින් 1,702 ක් දෙනා කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්වූ අතර, එයින් 579 දෙනෙක් කොවිඩ්-19 පොසිටිව් බව, එනම් රෝගයට ගොදුරු වී ඇති බව සොයා ගැනුණි. නියැදියෙන් බහුතරක් වන 1,123 ක් දෙනා පරීක්ෂණයේදී නෙගටිව් බව පළ කළහ. එනම් ඔවුන් රෝග ලක්ෂණ පළ කළත් රෝගයට ගොදුරු වී තිබුණේ නැත.
ඒ අනුව මෙහිදී වඩා වැදගත් වූයේ, රෝගයට ද ගොදුරු වූවන්ගේ රෝග ලක්ෂණ අතරින් ගඳ සුවඳ සහ රසය දැනීම අහිමි වූවන්ගේ තත්වයයි.
එවිට හෙළි වන්නේ කොරෝනා වසංගතයට ගොදුරු වූවන්ගෙන් දළ වශයෙන් 2/3 ක්, එනම් 59%ක් දෙනා ගඳ සුවඳ නොදැනීමේ ලක්ෂණය පෙන්වා ඇති බවයි.
ඒ අනුව මෙය කිසිසේත්ම නොසලකා හැරිය හැකි තත්වයක් නොවේ.
කොවිඩ්-19 ආසාදනයේ රෝග ලක්ෂණ අතරින් මුල් තැනක් මේ අනුව ගඳ සුවඳ නොදැනීමට හිමිවිය යුතුය. සැබවින්ම මේ වන විට වසංගතයෙන් වැඩිපුරම බැට කමින් සිටින එක්සත් රාජධානිය වැනි රටවල් සලකා බලමින් සිටින්නේ මෙයට අදාළව කොවිඩ්-19 මාර්ගෝපදේශන අලුතෙන් නිකුත් කිරීම පිළිබඳව ය.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…