උතුරු ග්‍රීසියේ කවාලා ප්‍රදේශයට සෙනසුරාදා දින (16) කඩා වැටුණු භාණ්ඩ රැගත් Antonov-12 යානය ගුවන් යානයේ රැගෙන ගොස් ඇත්තේ හමුදදා ආම්පන්න බව තහවුරු කර තිබේ. එම පුපුරන ද්‍රව්‍යත් සමඟ කඩා වැටුණු යානය හේතුවෙන් යානයේ ගමන්ගත් පුද්ගලයන් 8 දෙනෙකු මරණයට පත්ව තිබේ.
අනතුරට පත්වන විට බංගලාදේශයට මෝටාර් උණ්ඩ සහ ෂෙල් වෙඩි ඇතුළු උපකරණ ප්‍රවාහනය කරමින් සිටි බව සර්බියානු ආරක්ෂක අමාත්‍ය Nebojša Stefanović පවසා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. ග්‍රීසියේ ERTරාජ්‍ය විකාශනය සඳහන් කර තිබුණේ අනතුරුදායක භාණ්ඩ මෙහි ප්‍රවාහණය කරන්නට ඇති බවයි. ග්‍රිසීයේ ගිනි නිවීමේ භටයන්ට යානය සමීපයට යාමට නොහැකි වූ අතර නිරන්තර පිපිරීම් අධික දුම මෙන්ම දැඩි රස්නය අවට කලාපය තුළ දක්නට ලැබුණු බව නිවේදනය වේ. ඔවුන් තව දුරටත් විශ්වාස කරන්නේ මෙහි විෂ සහිත තත්වයක් ඇති බවයි.
කවාලා ප්‍රදේශයේ වැසියන්ට කඩා වැටුණු යානය සමීපයට යාම තහනම් කර ඇති අතර සිය නිවෙන් වල දොර ජනෙල නිතරම වසා තබා ගන්නා ලෙස රජය විසින් නිවේදනය කර තිබේ.
මෙම සිදුවීම පිළිබඳ යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක Oleg Nikolenko විසින් සිය මුහුණු පොතෙහි මේ පිළිබඳ සඳහන් කර තිබුණේ සර්බියාවේ සිට බංග්ලාදේශ් හරහා ජෝර්දානයට පියාසර කළ යානයේ එන්ජිමේ සිදු වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස කඩා වැටීමට ලක් වූ බවයි. යානයේ සිට මියගිය ලුද්ගලයන් 8 දෙනාම යුක්රේන වැසියන් බව තව දුරටත් හඳුන්වා ඇත.
ග්‍රීසියේ විදේශ කටයුත් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ අනතුර සිදුවූ අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ග්‍රීසිය විශේෂයෙන් පුහුණු කරන ලද කණ්ඩායමක් හා පොලිස් නිලධාරීන්ද සහිතව ගිනි නිවීමේ අංශය විසින් භටයන් 30 දෙනෙකු ගිනි නිවීමේ වාහන 7ක් සමඟ ගින්න මැඩපැවැත්වීමට යෙදවූ අතර යානයේ ප්‍රවාහණය කළ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පැවති සැකය හේතුවෙන් අදාළ කලාපය වටා ඔවුන් මුර වළල්ලක් යොදවා තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.
යානයේ පියාසැරි රෙකෝඩරය තවමත් සොයා ගැනීමට බලධාරීන් සමත් වී නොමැත. මෙහි වැඩිදුර විමර්ශන කටයුතු වෙන්වෙන් රජය රසායනික ආරක්ෂක කණ්ඩායමක්ද කැඳවා ඇති බව පැවසේ.
සශිකලා මධුෂාණී_
සබැඳි ලිපි : https://outboundtoday.com/%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a/
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…