පුවත්

චීනයේ සිය ඉතුරුම් ඉල්ලා වීදිබට තැන්පත්කරුවන්ට ප්‍රහාර (photos & video)

පසුගිය අප්‍රේල් මාසයේ සිට, චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ ග්‍රාමීය බැංකු හතරක් ඩොලර් මිලියන ගණනක් වටිනා තැන්පතු කැටි කර කිරීම හේතුවෙන් සිය ඉතුරුම් ඉල්ලා තැන්පත් කරුවන් කරන ලද සාමකාමී විරෝධතාවය චීන බලධාරීන් විසින් ඊයේ (11)දින ප්‍රචණ්ඩ ලෙස විසුරුවා හැර තිබේ.

කොවිඩ් අගුලුලෑම් වලින් බැට කෑ ලක්ෂ සංඛ්‍යාත ගනුදෙනුකරුවන් සිය රැකියා අහිමිවීම් සමඟ බරපතල ලෙස ජීවනෝපාය තර්ජනයකට මුහුණ පා ඇත. ඔවුන් විසින් පසුගිය මාස දෙක පුරා හෙනාන්හි පළාත් අගනුවර වන Zhengzhou නගරයේ පෙළපාලි කිහිපයක් පවත්වා සාමකාමී විරෝධතා කිහිපයක් පැවැත්වුවමුත් එය බීරි අලින්ට වීණා වැයීමක් විය.

කොවිඩ් අගුලුලෑම් වලින් බැට කෑ ලක්ෂ සංඛ්‍යාත ගනුදෙනුකරුවන් සිය රැකියා අහිමිවීම් සමඟ බරපතල ලෙස ජීවනෝපාය තර්ජනයකට මුහුණ පා ඇත. ශවුන් විසින් පසුගිය මාස දෙක පුරා හෙනාන්හි පළාත් අගනුවර වන Zhengzhou නගරයේ පෙළපාලි කිහිපයක් පවත්වා සාමකාමී විරෝධතා කිහිපයක් පැවැත්වුවමුත් එය බීරි අලින්ට වීණා වැයීමක් විය. ඊයේ දිනයේදී චීන මහජන බැංකුවේ Zhengzhou ශාඛාවෙන් පිටත රැස් වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් සටන්පාඨ කියමින් සිය ඉතුරුම් ඉල්ලා පළාත් පාලන ආයතනවලට එරෙහිව ක්‍රියා කිරීමක් මෙහිදී දක්නට ලැබිණි. ඔවුන් මධ්‍යම රජය මත විශ්වාසය තබන බව මෙහිදී පෙනෙන්නට තිබිණි.“හෙනාන් රජයේ දූෂණයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව” ලෙස ඔවුන්ගේ ප්‍රදර්ශන පුවරු වෙත දක්නට ලැබිණ.

හදිසියේ සාමකාමී විරෝධතාවට කඩා වැදි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ හැසිරීම හේතුවෙන් තත්වය අවුල් වියවුල් වන්නට විය. සාක්ෂිකරුවන් සහ සමාජ මාධ්‍ය වීඩියෝවලට අනුව, ආරක්ෂක නිලධාරීන් විරෝධතාකරුවන් පඩිපෙළෙන් පහළට ඇද දමා කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු ප්‍රතිරෝධය දැක්වූ අයට පහර දීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් ඇති විය. විශාල පිරිසක් හමුදා අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන වෙත යවන ලදි. තුවාල කරුවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන ලදි. බොහෝ දෙනෙක් සවස් වන විට රැඳවුම් භාරයෙන් නිදහස් වූ බව ජනතාව පැවසූහ. “මෙවර ඔවුන් මෙතරම් ප්‍රචණ්ඩකාරී සහ නිර්ලජ්ජිත වනු ඇතැයි මම අපේක්ෂා නොකළෙමි. ඔවුන් අපව කුරිරු ලෙස විසුරුවා හැරීමට පෙර සන්නිවේදනයක් හෝ අනතුරු ඇඟවීමක් නොතිබුණි,” ලෙසයි විරෝධතා කරුවන් CNN වෙත ප්‍රකාශකර තිබුණේ.


හෙනන් ග්‍රාමීය බැංකු පාලනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අපරාධ කල්ලියක සාමාජිකයින් මේ වන විට අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලීසිය ප්‍රකාශ කරයි. බැංකු විධායකය ව්‍යාජ ණය ලබාදී නීතිවිරෝධී ලෙස මුදල් හුවමාරු කළ බවට ද සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇති අතර, මේ වන විට ඔවුන්ගේ ඇතැම් මුදල් සහ වත්කම් රාජසන්තක කර අත්හිටුවා ඇත.
කෙසේ නමුත් පීඩාවට පත් තැන්පත්කරුවන් අහිමි වූ ඉතුරුම් සහ විනාශ වූ ජීවනෝපාය පිළිබඳ මහා පරිමාණ පෙලපාලි තවදුරටත් රට පුරා සංවිධානය කරනු දක්නට ලැබෙන බව පැවසේ. ඔවුන් විසින් බලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මර්දනය හෙළා දැක ඇති. මධ්‍යම රජය පිළිබඳ පෙර පැවති විශ්වාසය පලුදු වූ බව CNN වෙත ප්‍රකාශ කර තිබේ.

ඡායාරූප : CNN

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

6 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

6 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

10 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

14 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

15 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

15 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

19 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago