සෞඛ්‍ය

චීනය තුළ කොරෝනා රෝගීන් ලක්ෂ 15 ක්! – මේ යුද්දයේදී ඇත්ත කියන්නේ කවුද?

‘‘චීනය ලෝකයට දෙන දත්ත බොරු. මරණ ප්‍රතිශතය 2.1% නෙවෙයි, හැම දවසකම චීන ජනගහනයෙන් 2.1% බැගින් මිය යමින් සිටිනවා!‘‘

මේවා අතිශය බරපතළ ප්‍රකාශයන් ය. නමුත් රෝග නිධානය දරා සිටින වුහාන් පළාතේ සැබවින්ම සිදුවන්නේ කුමක්ද? ඒ ගැන දන්නේ කවුද? අවාසනාවකට මෙන් චීන ජාතිකයන් ෆේස්බුක් ඇතුළු සම්මත සමාජ ජාල පාවිච්චි කරන්නේ නැත. නමුත් චීනය තුළ සිටින විදේශිකයන් සහ චීනයෙන් පිටත සිටින චීන ජාතිකයන් විසින් මේ වන විට ‘කොරෝනා ප්‍රවෘත්ති යුද්ධයක්‘ ආරම්භ කර තිබේ.

ට්විටර් ඇතුළු සමාජජාලවලට චීනයේ ජංගම දුරකථන හරහා බෙදා හැරෙන්නේ සම්පූර්ණයෙන්ම ‘ෆේක් වීඩියෝ‘ද? නමුත් ඒ වීඩියෝ ඔබ දැක තිබේ නම්, ඒවා හුදෙක් රඟපෑම් නොවන බව ඔබට දැනෙනු ඇත. එවන් එක් වීඩියෝවක දැක්වෙන්නේ කොරෝනා ආසාදිතයෙකු යැයි සැක කෙරෙන රෝගියෙකු සතෙකු ඇදගෙන යනවාක් මෙන් චීන සෞඛ්‍ය සේවකයන් විසින් බලහත්කාරයෙන් වාට්ටුවක් තුළට දමන ආකාරය ය. ට්‍රොලිවල ගෙන එන මළ සිරුරු දෙක තුන බැගින් එකම මිනී ඇතිරිලිවල ඔතා ගෙන යන අයුරු තවත් වීඩියෝවක දැක්වේ.

‘‘කොරෝනා රෝගීන් දහස් ගණනක් දවසකට මිය යනවා. ඔවුන් කෙළින්ම ආදාහනය කර දමනවා. මළ සිරුරු මහා පරිමාණ ආදාහනාගාරවල පුළුස්සා දමනවා..‘‘

තවත් වීඩියෝවක දැක්වෙන්නේ මිය ගිය අයට අයත් යැයි පවසන ජංගම දුරකථන සිය දහස් ගණනක් තළා දමන ආකාරය ය.

තවත් ට්විටර් සටහනක දැක්වෙන්නේ වුහාන් පළාතේ දිනකට මිනිසුන් 2000 බැගින් ආදාහනය කළ හැකි ආදාහනාගාර පවතින බවයි. ඒවායේදී කොරෝනා රෝගීන් දවා හළු කරන බව නොකියා කියැවේ.

සැබවින්ම ඇස් අදහා ගත නොහැකි තරම් අමානුෂික මිනිස් සංහාරයක් කොරෝනා නිසා චීනය තුළ සිදු කෙරෙමින් පවතින්නේද?

චීන කොමියුනිස්ට් පාලනය තොරතුරු වාරණයක් සහිතව කොරෝනා රෝගය පිළිබඳ තතු ලබාදෙන බව ලොවට අලුත් කතාවක් නොවේ. නමුත් මේ සා සංහාරයක්?

කොරියානා ජෝන්ස්ගේ යූ ටියුබ් චැනලය

චීනය තුළ කොරෝනා රෝගීන් ලක්ෂ 15 ක් සිටින බව ප්‍රකාශ වන්නේ දකුණු කොරියාවේ සිට ක්‍රියාත්මක වන බව කියන යූ ටියුබ් චැනලයක් මගිනි. එහි නම ‘කොරියානා ජෝන්ස්‘ Koreana Jones ය. මෙම යූ ටියුබ් චැනලය 2013 වසරේදී සක්‍රිය කර ඇති එකක් නිසා, එය හුදෙක් කොරෝනා ගැන බොරු වපුරාලීම අරමුණු කර ගනිමින්ම, එසේත් නැතිනම් කොරෝනා පුවත්වලට ලොව පුරා උණුසුම් ඉල්ලුමක් තිබෙන නිසා සිය ප්‍රේක්ෂකාගාරය පුළුල් කර ගැනීම සඳහා කරන ලද උත්සාහයක්ම යැයි ද එක එල්ලේ කිව නොහැක.

[embedyt] https://www.youtube.com/watch?v=anU42cc0b54[/embedyt]

පසුගිය පෙබරවාරි 7 වැනිදා අන්තර්ජාලයට මුදා හැර ඇති මෙම වීඩියෝවේ තිබෙන්නේ සත්‍යයක් නම්, එය මේ දක්වා තහනමට ලක් නොකළේ මන්දැයි අසන්නෝ ද සිටිති. මනා ලෙස ඉංග්‍රීසි උප සිරැසි යොදා ඇති නිසා මෙම වීඩියෝවට මේ වන විට අති මහත් ප්‍රචාරයක් ලැබී තිබේ. මේ වීඩියෝ මගින් සිදු කරන්නේ සම්මත මාධ්‍ය විසින් ස්වයං වාරණයකට ලක් කර ඇති තොරතුරු සහ පුවත් නිදහසේ බෙදා හරිමින් ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමද? එසේත් නැතිනම් කොරෝනා සම්බන්ධයෙන් අනියත බියක් වපුරමින් ලොව පුරා චීන විරෝධයක් ඇති කිිරීමද?

මෙම නවතම යූ ටියුබ් වීඩියෝවේදී ‘විෂ්ල් බ්ලෝවර්‘ ලෙස ක්‍රියා කරන්නේ ගුවෝ වෙන්ගුයි නමැති අයෙකි.

කවුද මේ ගුවෝ වෙන්ගුයි?

‘‘අපි පරිස්සම් වෙන්න ඕනෙ. අපිට සත්‍යය දැනගන්න ඕනෙ. විනිවිදභාවය.. මිනිසුන් මිය යාම නවත්තගන්න ඕනෙ. ඇමරිකාවට සහ යුරෝපයට මේ මාරක රෝගය පැතිරයාම වළක්වා ගන්න ඕනෙ..‘‘ චීන කෝටිපතියෙකු මෙසේ පවසන අන්දම රැගත් වීඩියෝ පටයක් මේ දිනවල යූ ටියුබ් හරහා වයිරල් වෙමින් තිබෙන්නේ චීනය විසින් කොරෝනා වසංගතය පිළිබඳ සත්‍ය තත්වය ‘මහා පරිමාණයෙන් වසං කරමින් සිටින බව‘දැක්වෙන බරපතළ ප්‍රකාශ ගණනාවක් සමග ය.

Guo Wengui ගුවෝ වෙන්ගුයි නමැති මෙම වීඩියෝවේ පෙනී සිටින චීන කෝටිපතියා, 2014 වසරේදී චීනයෙන් ඇමරිකාව බලා පළා යන්නෙකි. ඔහු whistle-blower කෙනෙක් හෙවත් ජුලියන් අසාන්ජ් වැනි, ලෝකයෙන් වසං කරන ඇත්ත, සම්මත ක්‍රමයෙන් බැහැරව ලොවට නළා පිඹිනවාක් මෙන් හඬ නගා කියන්නට ප්‍රිය කරන අයෙක් බවත්, වරක් ඔහු විසින් “Expose Revolution” යනුවෙන් මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර තිබූ බවත් කියැවේ. ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ සතුරෙකි. ඒ නිසාම, ඔහු ඇමරිකානු හිතවාදී සහ චීන විරෝධී ප්‍රචාරණයක නිරත වෙතැයි අපට කිව හැකිද?

මේ ගෝලීය වසංගතයේදී චීනය ඇත්ත කියන්නේද? චීනය පමණක් නොව ජාත්‍යන්තර පුවත් සේවාවන්ගේ හැසිරීම ද මෙම වීඩියෝ ක්ලිපයේදී බරපතළ ලෙස ප්‍රශ්න කෙරේ. වුහාන් පළාතේදී දින 10කින් කොරෝනා සඳහා රෝහලක් ඉදි කළ බව පළ කළ නිව්යෝක් ටයිම්ස් පුවත්පත, එම රෝහල්වල ඇතුළත පවතින බිය ජනක තත්වය ගැන කිසිවක්ම පළ නොකරන බවට එහිදී චෝදනා කෙරේ.

එම වීඩියෝ ක්ලිපය, වෙනත් අයගේ වීඩියෝ ක්ලිප කිහිපයකින් ද සමන්විත වේ. නව වුහාන් රෝහලේදී චුන් චු-ෂිල් නමැති අයෙකු විසින් ලබාගෙන ඇති අභ්‍යන්තර දර්ශන උපුටා දක්වමින් ගුවෝ වෙන්ගුයි අපෙන් ප්‍රශ්නයක් අසයි. ‘‘මේ විවෘත අවකාශයට සමීපයෙන් ඇඳන් තැබීම ආරක්ෂිත යැයි ඔබ සිතනවාද?“

වුහාන් නගරයේ මරණ ප්‍රතිශතය සහ මිය ගිය අය පුළුස්සා දැමෙන වේගය

ගුවෝ වෙන්ගුයි මෙහිදී ඉදිරිපත් කරන දත්තවලට අනුව වුහාන් පළාතේ පැය 24 ම ක්‍රියාකාරී තත්වයේ තිබෙන ආදාහනාගාර 49 ක් මේ වන විට තිබේ. දිනකට ඒවායේ මළ සිරුරු 1200 බැගින් පුළුස්සන බව ඔහු කියයි. මේ වන විට එම ආදාහනාගාර දින 17කට වඩා එක දිගට ක්‍රියාත්මක වී ඇත. වුහාන් පළාතේ තත්වය එය වන විට මේ හා සමාන තත්වයක් චීනයේ වෙනත් නාගරිකයන්ගේ ද ඇති වී තිබෙන බව ගුවෝ පවසයි.

නිල වාර්තාවලට අනුව වුහාන් හි කොරෝනා රෝගීන් සඳහා වෙන් කළ රෝහල් ඇඳන් ගණන 43000 ක් බව කීවත්, සත්‍ය ප්‍රමාණය 530,000 ක් බව ද ගුවෝ තවදුරටත් පවසයි.

චීනය නිල වශයෙන් කියන කතාව

චීනය මේ දක්වා හෙළි කර ඇති තොරුතුරුවලට අනුව නිරෝධායන තත්වය යටතේ සිටින්නේ පුද්ගලයන් 50,000 පමණි.

මිය ගිය ගණන දළ වශයෙන් 500 ක් පමණ වේ.

ගුවෝ මෙසේ අසයි. ‘‘එසේ නම් වුහාන් පළාතට ලක්ෂ ගණන් ඇඳන් අවශ්‍ය වන්නේ ඇයි?“

2.1% මායාවක්ද?

චීනය විසින් තොරතුරු ලබාදීමේදී මුල පටන්ම ඔවුන් පැවසුවේ මරණ ප්‍රතිශතය 2.1%ක් බව ය. දින 5 ක් මුළුල්ලේ මිය ගිය සංඛ්‍යාව හරියටම 2.1%ක් ලෙස රඳවා තබාගැනීමට චීන බලධාරීන් කටයුතු කර තිබිණි. ගුවෝ මෙහිදී චෝදනා කරන්නේ කොරෝනා රෝගීන්ගේ මරණය පවා චීන ආණ්ඩුව විසින් පාලනය කර ඇති බවට ය. සැබවින්ම සිදුවන්නේ චීන ජනගහනයෙන් 2.1% බැගින් දිනපතා මරණයට පත්වීම යැයි ඔහු එහිදී ඉඟි කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන කතාව

අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා කොරෝනා රොගීන්ගේ සංඛ්‍යාව හැට දහස (60,000) දක්වා ඉහළ ගොස් ඇති බව පිළිගෙන තිබේ. වුහාන් පළාතට අමතරව හුබෙයි පළාතෙන් ද වසංගත තත්වයේ හිස එසවීමක්, එනම් නව රෝගීන් 13,000 ක් පිළිබඳ පුවතක් චීන බලධාරීන් විසින් සනාථ කර ඇත.
https://www.msn.com/en-xl/asia/asia-top-stories/huge-rise-in-coronavirus-cases-casts-doubt-over-scale-of-epidemic/ar-BBZZ4oN?li=BBJGzsi

මේ අතර පසුගිය පෙබරවාරි 4 වැනිදා, කොරෝනා රෝගය පිළිබඳ පැතිර යන ව්‍යාජ පුවත් සහ පදනම් විරහිත පුවත් හා තොරතුරු ගැන ද ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ අවධානයක් යොමු කර තිබිණි. Misinformation on the coronavirus might be the most contagious thing about it

ෂී ජින් පින්ගේ නරක කාලයක්ද?

මේ වන විට සවුත් චයිනා මෝනින් පෝස්ට් වැනි පුවත්පත්වල සෙමෙන් සෙමෙන් චීන ජනපති ෂී ජින් පින් විවේචනය කරන ආකාරයේ ලිපි ද දක්නට ලැබේ. කොරෝනා වසංගතය දැන් දැන් හුවා දැක්වෙන්නේ ෂී ජින් පින්ගේ අසාර්ථකත්වය ලොවෙන් වසං කළ නොහැකි වූ අවස්ථාවක් ලෙස ය.

* * * *

නරක සහ භයානක පුවත්වලට ඉක්මනින් තටු ලැබීම මේ ලෝකයේ ස්වභාවයයි. ඒවා තටු ලැබ විදුලි වේගයෙන් සංසරණය වේ. නමුත් ඒවා අසත්‍ය පුවත් නොවේ නම්…? චීනය තොරතුරු වාරණයකින් තොරව විවෘත ලෙස ලෝකයට කොරෝනා ගැන කීවේ නම් මෙතරම් දෙයක් සිදු නොවනු ඇත. නමුත් ලෝකයෙන් හතරෙන් තුනක් අල්ලා ගත් ජෙන්ගීෂ් ඛාන්ගේ අවතාරය යැයි කියන ෂී ජින් පින්, කවදත් ගුප්ත මිනිසෙකි. චීන බූවල්ලා ලෝකය අල්ලා ගනිමින් සිටින ආකාරය ගැන අප විසින් ද ලිපි ගණනාවක් පළ කර ඇත. කොරෝනා විසින් චීන බූවල්ලා අඩපණ කරමින් සිටින්නේද? චීනය පමණක් නොව, උතුරු කොරියාව තුළ පවා කොරෝනාවල සත්‍ය තත්වය ගැන විශාල සැක සංකා ඇති වී තිබේ. ෂී ජින් පින් පමණක් නොව, චීනයේ කොරෝනා රෝගීන් ලක්ෂ 15 ක් සිටින්නේ යැයි ටක්කෙටම කියන ගුවෝ පවා තමන්ගේ ම න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන‘ඇජෙන්ඩා‘කාරයෙකු විය හැකිය.

කෙසේ නමුත් එක් දෙයක් නම් ඉතා පැහැදිලි ය. ‘ගුප්ත මිනිසුන්‘ සහ ‘ගුප්ත රටවල් ‘නිසා මේ ලෝකය වඩාත් සැක සහිත තැනක් බවට පත් වෙමින් තිබේ.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

36 mins ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

4 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

18 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

21 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago