එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර පිහිටි නිවසක තමාව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවාගෙන සිටින බව ඩුබායි හි පාලකයාගේ දියණිය පවසයි. ඩුබායි හි පාලකයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප සභාපති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ගේ දියණිය වන ලතීෆා බින්ට් මොහොමඩ් අල් මක්ටූම් කුමරිය 2018 පෙබරවාරි මාසයේ දී යාත්‍රාවකින් ඩුබායි වෙතින් පලා යාමට උත්සාහ කරමින් සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් ඉන්දියන් සාගරයේදී ඔවුන්ට බාධා පමුණුවා තිබේ.
වසරකට පමණ පසු, ලතීෆා ඇගේ පවුලේ අය සමඟ ඩුබායි හී නිවසේ ජීවත් වෙන බව සදහන් ප්‍රකාශයක් හා ඇය එක්සත් ජාතීන්ගේ සංගමයේ කොමසාරිස් සමග සිටිමින් ගන්නා ලද ඡායාරූපත් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන වම් සේවය හරහා නිකුත් කරන ලදී.
කෙසේ වෙතත්, බීබීසී පැනෝරාමා පවසන්නේ ලතීෆා යැයි සදහන් කරන අයෙක් සිදු කරන ලද වීඩියෝ ක්ලිපයක් හමුවී ඇති අතර එම වීඩියෝවෙන් පෙන්වන්නේ ඇය ඩුබායි හී නිවසක සිරගත කර ඇති බවයි. මෙම වීඩියෝව සිදු කළ දුරකථනය සොරකම් කරන ලද එකක් බවද සදහන්.
එම වීඩියෝවේ “I’m a hostage, I’m not free. I am prisoned in this jail. My life is not in my hands,” යනුවෙන් ඇය පවසා සිටියි. මීට වසර තුනකට පෙර ඩුබායි සිට පැන යාමට තැත් කළ දා සිට ඇයව “හුදෙකලා සිර කඳවුරක” රඳවාගෙන සිටින බව එම වීඩියෝ පටයේ සඳහන් වේ. බීබීසී පැනෝරාමා සේවය සදහන් කරන්නේ ඔවුන් මේ වන විටත් කුමරියව සිරගත කර සිටින ප්‍රදේශය සොයාගෙන ඇති බවයි. ඔවුන් පවසන්නේ ඇයව පොලිස් භටයන් 30 ක් පමණ මුර කරන බවත්, නිවසේ සියලු ජනේල වසා දමා ඇති බවත්ය.
ඇය පළා යාමට උත්සාහ කළ දිනයේදී ඇගේ මිතුරිය වන ටීනා ජවුහයිනන් ඇයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටව ගොස් විදේශයක නව ජීවිතයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීම සඳහා පළා යාමට උදව් කර තිබේ. වසරකට පසුව, ජවුහයිනන් පවසන්නේ කුමරිය වෙත දුරකථනයක් සොරෙන් ගොස් භාර දීමට කිරීමට උදව් කළ පුද්ගලයෙකු තමා සම්බන්ධ කර ගත් බවයි.
“ඇය ඉතා සුදුමැලි ය, ඇය මාස ගණනාවක් තිස්සේ හිරු එළිය දැක නැත. ඇයට කළ හැකි එකම දෙය නම් කාමරයේ සිට මුළුතැන්ගෙයටත්, මුළුතැන්ගෙයි සිට කාමරයටත් යාමයි.” ජවුහයිනන් පවසයි.
[embedyt]https://youtu.be/Ts8FJhKK7ss[/embedyt]
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…