මත්ද්‍රව්‍ය නීති සඳහා ප්‍රසිද්ධ කලාපයක් වන අග්නිදිග ආසියාවේ තායිලන්තය තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් කංසා ඉවත් කර ඇත. එම කලාපයේ මෙවැනි තීරණයක් ගත් ප්‍රථම රට තායිලන්තයයි.
වසර පුරා නිවර්තන දේශගුණයක් පවතින තායිලන්තයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තුළ කංසා භාවිත කිරීම පිළිබඳ දිගු ඉතිහාසයක් ඇත.
කංසා තහනම ඉවත් කිරීම ඵලදායී තීරණයක් බව විචාරකයන් පවසන අතර තවමත් රටතුළ විනෝදාත්මක භාවිතය නීතියෙන් තහනම්ය. තායිලන්ත රජය මෙම තහනම ඉවත් කිරීමෙන් සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම හා කෘෂි කර්මාන්තයේ සංවර්ධනය අපේක්ෂා කෙරේ. සැබැවින්ම මෙය ඩොලර් බිලියන ගණනක් ලාභ ලැබිය හැකි කර්මාන්තයක් බව කියැවේ. රජය මේ වෙනුවෙන් පුද්ගලයන් වෙත කංසා පැල මිලියනයක් පමණ ලබා දී ඇත. මෙමගින් තායිලන්ත වැසියන්ට සිය ගෙවත්තෙහි අපනයන බොගයක් වශයෙන් වගා කර මුදල් ඉපයීමේ අවස්ථාව හිමි වේ.
තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය Anutin Charnvirakul සිය සමාජ ගිණුම්වල පවසා තිබුණේ කංසා වලින් මිනිසුන්ට හා රජයට මුදල් උපයා ගැනීමට මෙමගින් අවස්ථාවක් සැලසෙන බවයි. එමෙන් ම ඔහු මෙහිදී කංසා සමඟ පිසින ලද කුකුළු මස් පිගානක ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි එකතු කර තිබිණි. මේ අනුව භොජන හා බීම ඇණවුම් කරන්නන්ට කංසා මිශ්‍රිත කෑම බීම ඇනවුම් කිරීමේ හැකියාව පවතියි. එනමුත් Hallucinogenic (THC) හි 0.2% ට වඩා අඩංගු ඕනෑම නිෂ්පාදනයක් විකිණීම හෝ සැපයීම තවමත් නීති විරෝධී ය.
මේ වන විට මහාපරිමාණ සමාගම් වලට බලපත්‍ර සහිතව කංසා වගා කළ හැකිය. සාමාන්‍ය පුරවැසියන් බලධාරීන් සමඟ ලියාපදිංචි වන්නේ නම් නිවසේ පෝච්චිවල පැය හයක් දක්වා වගා කිරීමේ හැකියාව පවතියි. පෞද්ගලික භාවිතය පිළිබඳ ඇති තහනම තව දුරටත් එලෙසම පවතින අතර ප්‍රසිද්ධියේ දුම්පානයට එරෙහිව නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ එය මහජන පීඩාවක් ලෙස සලකාය. මෙහිදී වරදකරුවන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ද පවතියි.
මේ වන විට කංසා පාලනය පිළිබඳ පුළුල් නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතියි. ඉදිරියේදි නීති රීතිවල ලිහිල් වීමක් ඇතිවිය හැකි බව නීතිඥයින් ප්‍රකාශ කර තිබේ.
මෙම සැලසුම් යටතේ කංසා ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් නීතියෙන් වරදකරුවන් වූ සිරකරුවන් 4000 පමණ නිදහස් කිරීමට තායිලන්ත රජය අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
සශිකලා මධුෂාණී_
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…