කාලීන

තෙරේසා මේ පක්ෂයේ විශ්වාසය දිනයි. නමුත් තවත් විශ්වාසභංගයක් ඇය ඉදිරියේ

එහිදී ඇයගේ පක්ෂ නායකත්වයට පක්ෂව ඡන්ද 200 ක් සහ විපක්ෂව ඡන්ද 117 ක් ලැබී තිබිණි. එය 63% ක ප්‍රතිශතයකි. මේ වසරේ තෙරේසා මේ හට එල්ල වූ විශාලතම නායකත්ව අභියෝගය මෙයයි.

විශ්වාසය ජයග්‍රහණය කිරීමෙන් පසුව තෙරේසා මේ මෙසේ පැවසුවාය.

‘‘මෙය දීර්ඝ සහ අභියෝගාත්මක දිනයක්.. අද රාත්‍රියේ පැවති ඡන්ද විමසීමෙන් මට මගේ සගයන් බහුතරයකගේ විශ්වාසය දිනාගැනීමට හැකි වුණා. ඒ සහයෝගයට මා කෘතඥ වන අතරම, සැලකිය යුතු සගයන් පිරිසක් මට එරෙහිවත් ඡන්දය ලබාදුන්නා. ඔවුන් පවසන දේවල් වලට මා ඇහුම්කන් දෙනවා..“

තමන්ට එරෙහි කොන්සවේටිව් මන්ත්‍රීවරුන් ගැනද එසේ ගෞරවයෙන් යුතුව සිහිපත් කළ තෙරේසා මේ සඳහන් කළේ, බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට වඩාත් හිතවාදී අනාගතයක් ලබාදීම සඳහා කටයුතු කඩිනම් කරන බවයි.

මේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනාගතය තීරණය කරන ප්‍රධානතම මාතෘකාව බවට පත්ව තිබෙන්නේ බ්‍රෙක්සිට් ය.

බ්‍රෙක්සිට් හෙවත් ‘බ්‍රිටිෂ් එක්සිට්‘ හෙවත්,  බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයක් ලෙස පැවතිය යුතුද යන්න පිළිබඳ 2016 ජූනි 23 ජනමත විචාරණයක් පැවති අතර, එහිදී ඉතා කුඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් (51.9%ක්) බ්‍රිතාන්‍ය ජනතාව කියා සිටියේ තමන්ට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව ය.

නමුත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වී හුදකෙලා වුවහොත් එය බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇත. මේ අතර, බ්‍රෙක්සිට් සඳහා ජනමතය වෙනස් කිරීමට පුරෝගාමී වූ නයිජල් ෆෙරාජ් වැනි දේශපාලකයන් මේ වන විට ඒ පිළිබඳ සාපේක්ෂව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී, බ්‍රෙක්සිට් හි ආදිනව වටහාගත් ජනතාව, තමන්ට යුරෝපා සංගමයෙන් ඉවත් වීම අවශ්‍යදැයි නැවත සිතාබලමින් සිටිති.

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, බ්‍රෙක්සිට් පිළිබඳ නැවත සිතා බැලිය යුතු බව සිය පක්ෂයට සහ ජනතාවට අවධාරණය කරමින් සිටියදී මෙම විශ්වාසය උරගාබැලීමේ අභියෝගය ඇගේ පක්ෂය තුළින්ම ගෙන ආවේ මේ අතරවාරයේදී ය.

ඇගේ පක්ෂ නායකත්වයට විපක්ෂව ඡන්දය දුන් 37% ක් දෙනා හෙවත් ඇගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් 48 දෙනෙක් පවසන්නේ ඇය 2016 ජනමත විචාරණයට ද්‍රෝහී වූ බවයි.

බ්‍රිතාන්‍ය අගමැතිනිය, අද දිනයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන යුරෝපා සංගමයේ සමුළුවකට ද සහභාගි වීමට නියමිත ය. ඇයට මෙයට සහභාගි වීමට සිදු වන්නේ විශ්වාස භංගයෙන් ජයගෙන පැය 24 ක් ඉක්මයාමට ද ප්‍රථමව ය. මෙහිදී ඇය, නීතිමය වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වීමේදී බ්‍රිතාන්‍යය මුහුණ දෙන සියලු නෛතික ගැටළු, සෙසු යුරෝපා රටවල නායකයන් 27 දෙනාට පැහැදිලි කරනු ඇත.

කෙසේ නමුත් පසුගිය සතියේ යුරෝපා අධිකරණය ලබාදුන් තීන්දුවෙන් ප්‍රකාශ වී තිබෙන්නේ ඇයට සෙසු සාමාජික රාජ්‍ය 27 හි අනුමැතියකින් තොරව හෝ ඔවුන්ට නොදන්වා වුවද බ්‍රෙක්සිට්වලින් ඉවත්විය හැකි බව ය. වෙනත් වචනවලින් පවසන්නේ නම් බ්‍රෙක්සිට් ආපසු හැරවිය හැකි බව ය.

එහෙත් දැනට බ්‍රිතාන්‍යය තුළ පවතින තත්වයට අනුව, බ්‍රෙක්සිට් යෝජනාව ඉවත් කර ගැනීමේ තීරණය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමේදී ඇය නැවත වරක් විශාල අභියෝගයකට මුහුණ පානු ඇත.

එයට හේතුව මේ සඳහා ඇය තම පක්ෂයේ සිටින බ්‍රෙක්සිට්වලට පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද බහුතර සහයෝගය දිනාගත යුතුව තිබෙන නිසා ය.

මේ පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක – කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් කියා තිබෙන්නේ, ඇය විසින් පාලක කොන්සවේටිව් පක්ෂයේ විශ්වාසය දිනා ගැනීමෙන් කිසිදු වෙනසක් සිදු නොවූ බවයි. ‘‘කිසිවක් වෙනස් වුණේ නැහැ‘‘ යැයි ඔහු බීබීසී පුවත්සේවයට පවසයි.

එසේම සුදුසු අවස්ථාවක් බලා, එනම් ජයග්‍රහණය කිරීමට හැකි වේයැයි විශ්වාස කළ හැකි වාතාවරණයක් පවතින විටෙකදී, බ්‍රිතාන්‍ය අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ද ජෙරමි කෝබින් කියා තිබේ. එයින් නොනැවතී මහ මැතිවරණයකට යන බව ද ඔහු පවසා ඇත.

කෙසේ නමුත් ඊයේ ලද ජයග්‍රහණයෙන් පසුව තෙරේසා මේ හට තව වසරක කාලයක් පක්ෂ නායකයත්වය දැරීමට නීතිමය බාධාවක් නොමැත. එහෙත් ඇය ස්කොටිෂ් කොන්සවේටිව් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තු බහුතරය දිනා ගැනීමේ අභියෝගයට මේ වන විට නැවතත් මුහුණ දී සිටියි.

පෙර ලිපි-

දස දහසකගේ සහභාගිත්වයෙන් ලන්ඩනයේ බ්‍රෙක්සිට් විරෝධී මහා රැළියක්

බ්‍රිතාන්‍යය ජරාවාස කිරීම හෙවත් බ්‍රෙක්සිට් පෙන්වා ගෙදර යාම

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 hour ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

5 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

9 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

10 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

11 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago