දහයෙ කතා

දහයෙ කතා – මරණින් මතු අපි යන තැන

අපි කොයි යන්නේ – මරණින් පස්සේ?

1. පුරාණ ඉරානයේ පැවති ශරතුස්ත්‍රවාදය නමැති ආගමික දර්ශනයට අනුව දෙවියන් වසන තැනට යාම සඳහා මිනිසුන් මරණින් මතු පාලමක් තරණය කළ යුතුය. ඔවුන් ජීවත් ව සිටි කාලයේ පව් කර තිබේ නම් පාලම ක්‍රමයෙන් පටු වී කණපිට හැරෙයි. තවද පව්කාරයන් මේ ගමනේදී කුණුමස් කෑ යුතුය.

2.බැබිලෝනියානු පුරාණෝක්තිවලට අනුව ඉර්කල්ලා යනු අපායට සමාන තැනකි. මරණින් පසු මළ සිරුර වියෝජනය වනවිට ආත්මය වෙන්ව ගොස් රැකවලූන්ගේ පරීක්ෂාව මැද මඩ සහ දුහුවිලි අනුභව කළ යුතුය.

3. චීන පුරාණෝක්තිවලට අනුව ආත්මයන් පිහිවලින් සුසැදි කඳු පන්තියක් හෝ අයිස් ලෝකයක් මැදින් තමන් යා යුතු මග සොයාගත යුතු වේ.

4. තවද මරණින් පසු ද එම ආත්ම දෙවන වරටද මරණවලට මුහුණ දීමට ඉඩ ඇත. අපායේ ඉපදීමට ද පුළුවන.

5. මරණයට පත්වුයේ කෙසේද යන්න මත පුරාණ ඇස්ටෙක්වරුන් මරණින් මතු ජීවිත 1 සිට 3 දක්වා ප්‍රමාණයක් ලැබිය හැක. වයස්ගත වී හෝ රෝගාතුර වී මිය ගිය අය මික්ල්තාන් නමැති පොළොව යට ලොව උපදිති. මේ අතර, බිලි පූජාවලට ලක්කළ අය පාරාදීසයක උපදින බව ඇස්ටෙක් පිළිගැනීම විය.

History.com

6. ජැමෙයිකාවේ 30 දශකයේ ප්‍රචලිතව පැවති රස්ටෆාරියානු ආගමික ව්‍යාපාරය අනුව විශ්වාස කෙරුණේ මරණින් මතුද මිය ගිය කෙනා එම මළ සිරුරේම ජීවත් වන බවයි. අද පවා මේ දහම අදහන අය ලක්ෂයක් පමණ ජැමෙයිකාවේ වෙසෙති.

Repeating Islands

7. මිය යන මහල්ලන්ගේ ආත්ම එම නිවසේම සැරිසරමින් නිවෙස්වල ජීවත් වන්නවුන්ට බලපෑම් කරන බව අප්‍රිකානු ගෝත්‍ර ගණනාවක අදහසයි. භූමදාන කටයුතු ඉස්තරම් ලෙස නොකළොත් අකල් මරණ සහ වඳ භාවය ඇතිවන බව සිතයි.

TraditionsCustoms.com

8. පුරාණ මිසරවාසීන් විශ්වාස කළේද මරණින් පසු සිරුර හැරයාමට ආත්මය අසමත් බවය. එනිසා වැරදි වැඩ යැයි සම්මත දේ කළවුන් ව මමිකරණයට ලක් නොකර, හිපෝ-කිඹුල්-සිංහ ස්වරූපයක් සහිත දේවතාවියක් වෙත පූජාකිරීම සිදුවිය.

ChoiceMutual.com

9. 11-19 සියවස් අතර කාලයේ ජපානයේ යමගටා ප්‍රදේශයේ ජීවත් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ෂොකුසින්බොට්සු නමැති සම්ප්‍රදායක් ප්‍රගුණ කර තිබේ. ජීවත් ව සිටියදීම ස්වකැමැත්තෙන් මමිකරණයට ලක්වීම මගින් සම්බෝධිය ලබාගත හැකි බව එහි එක් ඉගැන්වීමකි.

VOYAPON | ස්වයං මමිකරණයට ලක් වූ ජපන් භික්ෂුවක්

10. පුරාණ ග්‍රීක විශ්වාසය වූයේ මළ මිනිසුන් ජීවිතය ගැන විනිශ්චය ලැබීම සඳහා ස්ටික්ස් ගංගාව වෙත යන බවයි. ඔවුන් මළසිරුරේ මුව තුළට කාසි කිහිපයක් දැමුවේ මළමිනිසා එම ගංගාව වෙත ගෙන යන තොටියාගේ ගෙවීම වශයෙනි.

Wikipedia

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

3 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

7 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

10 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

11 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

11 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

16 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago