එදා

නොවැම්බර් 2 – දවසේ වැදගත්කම

අද, නොවැම්බර් 2 වැනිදා යි

  • මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන අපරාධවල දණ්ඩ මුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය ‘International Day to End Impunity for Crimes against Journalists අද යි.

ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සේවකයින් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඬුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් ‘විනිර්මුක්තිය‘ හෙවත් ‘දණ්ඩමුක්තිය‘ අවසන් [#endimpunity] කළ යුතු යැයි යන අර්ථයෙන්, ලොව පුරා එැවැනි අපරාධ සිදුකරන රාජ්‍යන්ට බලපෑම් කිරීම සඳහා 2013 නොවැම්බර් 2වනදා එක්සත් ජාතීන්ගේ 68වන සමුලුවේදී එකඟතාවයක් ඇති කර ගන්නා ලදී. ඒ අනුව අද දිනය මෙසේ හැඳින්වෙයි.  මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එවැනි රාජ්‍යයන්ට බලපෑම් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස සම්මත විය.

  • අද, සම්මානනීය සහ ලොව පුරා ඉතා ජනප්‍රිය බොලිවුඩ් නළුවකු වන ශාරුක් ඛාන් ගේ උපන් දිනය යි.

1868 – වේලා කලාප – නවසීලන්තය පළමු වරට සම්මත වේලා කලාප පිළිගනියි.

1917 – බ්‍රිතාන්‍යය බැල්ෆෝර් ප්‍රකාශනය නිකුත් කරයි. මෙය පලස්තීනය යුදෙව් ජනතාව ගේ භූමියක් ය යන මතයට සහයෝගය පළ කරමින් නිකුත් කරන ලද්දකි.

1936 – BBC One බිහිවෙයි

1936- බ්‍රිතාන්‍ය විකාශන සමාගම (British Broadcasting Corporation – BBC) ට අයත් ප්‍රථම රූපවාහිනී නාලිකාව වශයෙන් BBC One Television network අරඹයි. මෙය ලොව ප්‍රථම දිනපතා රූපවාහිනී සේවය ද වෙයි. ඉමේජ් රෙසොලූෂන් හෙවත් පින්තූරවල විභේදන බලය තත්වයෙන් ඉහළ අගයක් නිරන්තරයෙන්ම ගත් ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙසට ද මෙය ලෝක ඉතිහාසයට එක් වෙයි.

1947 – හොවාඩ් හියුස්ගේ හර්කියුලිස් ගුවනට

1947 – එවකට ලොව විශාලතම ගුවන් යානය වන Hughes H-4 Hercules යානය එහි ප්‍රථම (සහ එක ම) ගුවන් ගත වීම සිදු කරයි. මෙහි ගුවන් නියමුවා වශයෙන් කටයුතු කරන්නේ හොවාර්ඩ් හියුස් ය. පසුකලෙක හොවාඩ් හියුස්ගේ ජීවිත කතාව අළලා ‘දි ඒවියේටර්‘ නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය වෙයි. ගුවන් යානා ශිල්පයට පෙම්බැඳි කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ හොවාඩ් හියුස් ලෙස එහිදී රංගනයෙන් එක් වන්නේ ලියනාඩෝ ඩි කැප්රියෝ ය.

1949 – ඉන්දුනීසියාවට නිදහස

1949 – නෙදර්ලන්තය සහ ඉන්දුනීසියා ජනරජය හේග් එකගතාවට අත්සන් තබති. මේ හරහා ඉන්දුනීසියාව ප්‍රකාශයට පත් කළ නෙදර්ලන්තයෙන් නිදහස් වීම පිළිබද අර්බුදයට තිත තැබිණ; එ නම් ඉන්දුනීසියාව නිදහස් රටක් වශයෙන් නෙදර්ලන්තය පිළි ගත්තේ ය.

1956 – ගාසා තීරයට ඊශ්‍රායල් ආක්‍රමණය – සූවස් අර්බුදයේ ඇරඹුම

1956 – ඊශ්‍රායලය ප්‍රථම වතාවට ගාසා තීරය ආක්‍රමණය කළේ සහ එය අත්පත් කර ගත්තේ 1956 වසරේ අද වැනි දිනෙක ය. 1949 වසරේ සිට ඒ දක්වා ඊජිප්තු හමුදා පාලනය යටතේ පැවති ගාසා තීරය, මෙසේ ඊශ්‍රායලය විසින් අල්ලා ගැනීමත් සමග ඊශ්‍රායල – පලස්තීන අර්බුදයේ කේන්ද්‍රස්ථානයක් බවට ගාසා තීරය පත් වෙයි. පුරා වසරක් සටන් පැවතිණි. Suez Crisis හෙවත් සූවස් අර්බුදය යනුවෙන් මෙය හැඳින්වේ.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

6 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

12 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

14 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

14 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

15 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

15 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago