පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙම සති අන්තයේ ධූරයෙන් ඉවත් කිරීම වීම සිදුවනු ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ ඔහුට එදිරිව එල්ල වූ වූ විශ්වාසභංගයට බාධා කිරීමට ඔහු ගත් පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසුවයි.
ඛාන්ට එරෙහි විශ්වාසභංගයක් පාකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ‘ජනතා පක්ෂය’ ප්‍රමුඛ විපක්ෂ සන්ධානයයි. ඊට හේතු වූයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිව යුතු බව පෙන්වා දෙමිනි.
විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට අදාල ඡන්ද විමසුම පැවැත්වීමට සූදානම් වෙද්දී, නියෝජ්‍ය කතානායක කියා සිටියේ විශ්වාසභංගය පාකිස්තාන ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය අවලංගු කරන බවය.
පසුව ඔහුගේ රජය පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයක් කැඳවීය.
ඒ අනුව, විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය අතර, ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) නියෝග කළේ විශ්වාසභංග යෝජනාවලියට අදාල ඡන්ද විමසුම වහා පවත්වන ලෙසය. ඒ අනුව, ඡන්ද විමසුම හෙට (9) පැවැත්වෙනු ඇත. විශ්වාසභංග ව්‍යවස්ථාවට පටහැනි යැයි කීම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ද ඉම්රාන්ට විරෝධය පළ කරමින් විපක්ෂයට සහාය දැක්වීය. ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියේ විපක්ෂයේ විශ්වාසභංගයේදී තමන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ලබා දෙන බවය.
දේශපාලන විචාරකයන් මත පළ කරන්නේ මෙහිදි ඉම්රාන් ඛාන් මහතා පරාජයට පත්වී තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවටයි.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…