ට්‍රම්ප්ගේ ‘ජනාධිපති සමාව‘ ලැයිස්තුව ප්‍රකාරව සමාව ලබන පිරිස අතර අති බහුතරය, අපරාධ යුක්තිය සම්බන්ධ ව ප්‍රතිසංස්කරණ පිළිබඳ කතා කළ උපදේශකයන් විසින් මෙහෙයවූ නඩුවලට අදාළ අය ය. ඒ අනුව ඇමරිකාවේ දැනට පවතින අපරාධ යුක්තික ක්‍රමය අනුව වරදකරුවන් බවට තීරණය වූ බොහෝ දෙනා මේ අතර සිටිති. සුළු වැරදිවලට දීර්ඝ කාලීන දඬුවම් විඳිමින් සිටි කිහිප දෙනෙක් ද එහි වෙති.
නමුත් අතිශයින්ම මතභේදාත්මක නම් කිහිපයක් ද මේ ලැයිස්තුවේ ඇත. ඔවුන් සියලුම දෙනා ට්‍රම්ප්ට ජනපති ධුරය ලබාගැනීමට උදව් කළ, ඔහුගේ උපදේශකයන් ලෙස කටයුතු කළ සහ අනතුරුව විවිධ දූෂණ වංචාවලට වරදකරුවන් වූ ට්‍රම්ප් ආධාරකරුවන් ය.
ස්ටීව් බැනන් එයින් කෙනෙකි. ට්‍රම්ප්ගේ “We Build the Wall” ඔන්ලයින් ප්‍රචාරණ ව්‍යාපෘතියේදී ඔහු, අරමුදල් ලබාදුන් අයට වංචා කළ චෝදනාවට වැරදිකරු වූ අතර, ඔහු අභියාචනයක් යොමු කර තිබිණි. 2016 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ස්ටීව් බැනන් දැඩි වෙහෙසක් ගත් බව නොරහසකි. ට්‍රම්ප් අවසාන දින කිහිපය පුරාම ස්ටීව් බැනන්ට ජනාධිපති සමාව දීමට සාකච්ඡා ගණනාවක් පවත්වා තිබේ.
තවද ජනවාරි 6 කැපිටල් හිල් වෙත එල්ල වූ මැර ප්‍රහාරය සමග ද ස්ටීව් බැනන්ගේ සම්බන්ධයක් ඇති බවට සැක පළ කෙරේ.
එලියට් ද අතීතයේදී ට්‍රම්ප් වෙනුවෙන් අරමුදල් රැස් කළ ප්‍රධාන පෙළේ පුද්ගලයෙකි. ඔහු සිර දඬුවම් විඳිමින් සිටියේ, විදේශීය කෝටිපතීන්ගෙන් ඩොලර් මිලියන ගණනක් ට්‍රම්ප් වෙනුවෙන් රැස් කිරීමේදී සිදුකළ වංචාවක් සම්බන්ධයෙනි.
ප්‍රකට රැප් ගායක ලී වෙයින් ද ට්‍රම්ප් වෙතින් ජනපති සමාව ලබා ඇත. ඔහු මයාමි හිදී නීතිවිරෝධී ලෙස ගිනි අවි භාවිතා කිරීම නිසා වරදකරුවෙකු වූ අයෙකි. ජනවාරි 28 දා සිට ඔහුගේ දඬුවම ආරම්භ වීමට නියමිත ව තිබිණි. තවත් රැප් ගායකයෙකු වන කොඩැක් බ්ලැක් ද ආයුධ චෝදනාවකට වරද පිළිගත් අයෙක් වේ.
මරියා බුටිනා නමැති රුසියානු ඔත්තුකාරිය, කළු සල්ලි සුදුකිරීම සහ වංචාවන් සම්බන්ධයෙන් ඇමරිකාවේදී වරදකාරියක වූ අයෙකි. ඇගේ පෙම්වතා වූයේ පෝල් එරික්සන් නමැති කොන්සවේටිව් මතධාරී දේශපාලන ක්‍රියාකාරිකයෙකි. ඔහුට ද ට්‍රම්ප් සමාව දී ඇත.
මේ අතර, දේශපාලන අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළ උතුරු කැරොලිනාවේ රොබිය් හේයිස් , ඩේට්රොයිට් හි හිටපු නගරාධිපති – මිනිස් ජාවාරම, බදු වංචා යනාදී බරපතළ වැරදි සඳහා වරදකරුවෙකු වූ ක්වාමේ කිල්පට්‍රික් හට ද ට්‍රම්ප් සමාව දී ඇත. ඉන්සයිඩර් ට්‍රේඩින් හෙවත් අභ්‍යන්තර තොරතුරු අනවරසරයෙන් ලබාගෙන ඔට්ටු ඇල්ලූ වෘත්තීමය ක්‍රීඩා ඔට්ටුතබන්නෙකු වූ විලියම් වෝල්ටර්ස්ද, ඔත්තුකරුවෙකු ලෙසට ඇමරිකානු නීතියෙන් වරදකරුවෙකු කර තිබුණු ඊශ්‍රායල් ගුවන් හමුදා නිලධාරියෙකු වන ඒවියම් සෙලා හට ද ට්‍රම්ප්ගේ සමාව ලැබී තිබේ.
බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි, ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයන් හෝ කැපිටල් හිල් ප්‍රචණ්ඩකාරීත්වයට හවුල් වූ ඔහුගේ අනුගාමිකයන් හෝ දැනට මෙම ලැයිස්තුවේ නැත.
නමුත් ට්‍රම්ප්ට තව පැය කිහිපයක් ඉතිරිව තිබේ. අවසාන මිනිත්තුවේදී ඔහු කුමක් කරාවිදැයි කිසිවෙකුට කිව නොහැක.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…