ප්‍රංශයේ සංස්කෘතික ඇමතිවරයා වන ෆ්‍රෑන්ක් රිස්ටර් කොවිඩ්-19 වෛරසය වැළඳුණු නවතම දේශපාලනඥයා බවට පත්ව ඇති බව වාර්තා වේ. ෆ්‍රෑන්ක් රයිස්ටර් මහතා හොඳින් හා නිවසේ විවේක ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් බීඑෆ්එම් රූපවාහිනියෙන් පැවසීය.
ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු කොවිඩ්-19 වෛරසයෙන් පෙළෙන බව සඳුදා මාධ්‍ය වාර්තා කර ඇති අතර, ප්‍රංශයේ වෛරසය වැලදුණ පිරිස අතරට රාජ්‍ය සභා ආපනශාලාවේ කාර්යයේ නියුතු සේවකයකුද ඇතුළත් බව ද වාර්තා වේ.
රයිස්ටර් මහතා ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනාගෙන් එක් අයෙකුගෙන් වෛරසය වැළඳී ඇති බව සංස්කෘතික අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ ආසාදිත ඇමතිවරයා අවසන් දින කිහිපයකට පෙර ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හමු වී ඇත.
පැරිස් ගුවන්තොටුපල මෙහෙයුම්කරු ඒඩීපී හි ප්‍රධාන විධායක නිලධාරී ඔගස්ටින් ඩි රොමානෙට් ද වෛරසය සඳහා ධනාත්මක බව පෙන්වා කර ඇති අතර ඔහු නිවසේ සිට වැඩ කරමින් සිටින බව ප්‍රකාශකයෙක් මීට පෙර ප්‍රකාශ කළේය.
වෙනත් කිසිදු රජයේ නිලධාරියෙකුට තවමත් වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වේරන් මහතා පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ පසුගිය සති දෙකක කාලය තුළ කිසිවෙකු කැබිනට් රැස්වීම්වලදී අතට අත දීම් සිදු නොකළ බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…