පාරක් නැති ගමක් නෙදර්ලන්තයේ!

පාරක්-තොටක් නැති ගමක් යන්න ලංකාවේ අපට අලුත් කතාවක් නොවේ. නිසි මාර්ග සංවර්ධනයක්, යටිතල පහසුකම් කිසිවක් නොමැති ගම්මාන රාශියක්ම ලංකාවේ හද්දා පිටිසර, රට හදන කිසිවෙකුගේ ඇස නොගැටී අපමණ තිබේ. නමුත්, නෙදර්ලන්තය, නොඑසේ නම් ඕලන්දය වැනි සංවර්ධිත සහ මානව සංවර්ධන දර්ශකයේ ඉහළින්ම තිබෙන රටකින් ‘පාරක් නැති ගමක්‘ ගැන වාර්තා වීම නම් හැබෑම ප්‍රවෘත්තියකි.

නෙදර්ලන්තයේ මේ ‘පාරක් නැති ගම‘ අති දුෂ්කර එකක් නම් නොවේ. අති සුන්දර දියුණු ගමකි. ගමේ නම ‘ගිතූන්‘ ය. මේ ගමට පාරවල් නැත්තේ මිදුලට බැස්සත් එය වටවී තිබෙන්නේ වතුරෙන් වන නිසා ය. ඒ නිසාම එයට අන්වර්ථ නාමයක් ද පටබැඳී ඇත. ඒ, ‘නෙදර්ලන්තයේ වැනීසිය‘ යන්නයි. වැනීසිය ද සහමුලින්ම පාහේ ජලයෙන් වටවී ඇති ඉතාලි නගරයක් බව ඔබ දන්නවා ඇත.

 අතිශය සුන්දර නිසාම මේ ගම සංචාරක පාරාදීසයකි. නමුත් එහි යන එන කිසිවෙක් එහි නිකැළැල් කම පළුදු කරන්නේ නැත.

වැනීසියේ ජනතාව ගොන්ඩෝලා බෝට්ටුවලින් දිය අගල දිගේ එහා මෙහා යන ආකාරයටම මේ ගමේ උදවියද එහා මෙහා යන්නේ බෝට්ටු සේවාවක පිහිටෙනි. ඒවා ගොන්ඩෝලා බෝට්ටු මෙන් බාහු බලයෙන් ක්‍රියාකරන ඒවා නොව විදුලි බලයෙන් ක්‍රියා කරන වේගවත් බෝට්ටු වේ. මේ ගමේ ගොඩබිම පිහිටා තිබෙන්නේ කුඩා දූපත් සමූහයක් ලෙස ය. ඒ දූපත් හැම එකක්ම පාලම්වලින් එකිනකෙට සම්බන්ධ වෙයි.

ඒ නිසා මේ ගමේ බැලූ බැලූ අත පාලම් ද අඩු නැතිව තිබේ. සොබා සෞන්දර්යයෙන් අනූන මේ ගම, පාපැදි සංචාර සඳහා ඔබින පටු මාවත්වලින් ද සුසැදී ඇත. සියවස් ගණන් පැරණි පියැසි සහිත නිවාස ද එහි නොවරදින ලකුණකි. එහි තිබෙන ඇතැම් නිවාසයක් හොබිට් කතාමාලාවේ හොබිට් නිවස සිහිගන්නවිය. අතිශය සුන්දර නිසාම මේ ගම සංචාරක පාරාදීසයකි. නමුත් එහි යන එන කිසිවෙක් එහි නිකැළැල් කම පළුදු කරන්නේ නැත.

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

4 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

9 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

9 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

9 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

9 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

23 hours ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

1 day ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

1 day ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

1 day ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

1 day ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

1 day ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

2 days ago