ඔවුන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වාර්තා කිරීමෙන් පසුව නිකුත් කර ඇති දර්ශන පිළිබඳව මේ වනවිට ලොවපුරා දැඩිලෙස කතාබහට ලක්ව තිබේ.
රුසියානු ගගනගාමීන් සඳහා වන සම්මත නිළ ඇඳුම සරල නිල් පැහැයෙන් යුක්ත වන අතර ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශගත වීමට පෙර ඔවුන් සැරසී සිටියේද නිල් පැහැති වර්ණයෙනි. කෙසේ නමුත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත වාර්තා කරන විට ඔවුන් කහ පැහැති වර්ණයෙන් සැරසී සිටියේය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ලොවපුරා බොහෝ රටවල්, ජාත්‍යන්තර සංවිධාන රුසියානු ආක්‍රමණයට එරෙහිවෙමින් යුක්රේනයට සහාය පළකළ අතර යුක්රේනයට සහාය දැක්වීම සංකේතවත් කිරීම සඳහා යුක්රේන ධජයේ වර්ණ භාවිතා කරයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය රුසියානු ගගනාගාමීන් තිදෙනාද කහ පැහැති වර්ණයෙන් සැරසී සිටියේ යුක්රේනයට සහාය පළ කිරීම සඳහාද යන්න මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.
කෙසේ නමුත් රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, ගගනගාමීන් යුක්රේනයට සහයෝගය දක්වන බව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ආයතනය පවසන්නේ ගගනගාමීන් තිදෙනාම මොස්කව් Bauman කාර්මික විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වන බැවින් ඔවුන් එම විශ්වවිද්‍යාලයේ ලාංඡනයේ වර්ණවලින් සැරසී සිටි බවයි.
මේ සම්බන්ධයෙන් ගගනගාමීන් පවසා තිබෙන්නේ තමන් භාවිතා කරන ඇඳුම්වල වර්ණය තෝරා ගැනීම ගගනගාමීන්ගේ අයිතියක් බවයි.
අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලඟා වූ ඩෙනිස් මැට්වීව්, ඔලෙග් ආර්ටෙමියෙව්, සර්ජි කෝර්සකොව් යන ගගනගාමීන් තිදෙනා ඉදිරි මාස 06 ක පමණ කාලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කරනු ඇත.
රුසියාව, ඇමරිකාව, කැනඩාව, ජපානය සහ තවත් යුරෝපීය රටවල් කිහිපයක එකතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. එහි වැඩි බරක් දරන්නේ අභ්‍යවකාශ මෙහෙයුම්වල බලවතුන් දෙදෙනා වන ඇමරිකාව හා රුසියාවයි.
යුක්රේන අර්බුදය හේතුවෙන් දෙරට අතර සබඳතා බිඳවැටී තිබෙන නමුත්, අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සඳහා ඉන් කිසිදු බාධාවක් සිදුව නොමැත.
UN for LNW
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…