එය රජය පෙරළා දැමීම සඳහා නොව, තෙරේසා මේ බලයෙන් ඉවත් කිරීම අරමුණු කරගෙන ගෙන ආ එකක් වන නමුත් ආණ්ඩුව අස්ථාවර වීමේ විශාල අවදානමක් මේ නිසා පැන නැගී ඇත.
තෙරේසා මේ විසින්, බ්‍රෙක්සිට් පිළිබඳ ඡන්ද විමසීම ජනවාරි 14 වැනිදාට පෙර නොපැවැත්වෙන බව පැවසීමත් සමග ඔහු විසින් මෙය සිදුකර තිබේ.
තවත් මාසයක් මෙම ඡන්ද විමසීම සඳහා කල් ගැනීම පිළිගත නොහැකි බව කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් පවසයි.
මෙම බ්‍රෙක්සිට් ඡන්ද විමසීම තෙරේසා මේ විසින් පමා කරමින් සිටියේ පසුගිය සතියේ පටන් ය. මේ කාලයේ මෙය ඉදිරිපත් කළහොත් තමන් පරාජය වනු ඇති බවත් ඇය පිළිගෙන තිබිණි.
ජෙරමි කෝබින් පවසන්නේ, තවත් මාසයක් කල් ගැනීම මගින් එක්සත් රාජධානිය ‘ජාතික අර්බුදයක්‘ කරා තෙරේසා මේ විසින් ඇද දමන බවයි.
මේ අතර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, රජය පෙරළා දැමීම අදහස් නොවුණද, මෙම විශ්වාස භංගයට පක්ෂව බහුතර ඡන්ද ලැබුණහොත් එමගින් මහා බ්‍රිතාන්‍යයට නියමිත කාලයට පෙර මහා මැතිවරණයක් වෙත යාමට සිදුවනු ඇති බවයි.
2016 දී ලැබුණු බ්‍රෙක්සිට් ජනවරමට අනුව මහා බ්‍රිතාන්‍යය 2019 මාර්තු 29 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වී යා යුතුය. නමුත් ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පමණක් නොව යුරෝපා පාර්ලිමේන්තුවේ ද අනුමැතිය ලබාගත යුතුව තිබේ.
මීට පෙර මෙම බ්‍රෙක්සිට් අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනියට සිය පක්ෂයේ නායකත්වය අහිමි වීමේ අවදානමක් ද ඇති වූයේ පක්ෂය තුළින් විශ්වාස භංගයක් පැන නැගීම නිසා ය. එයින් 200:117 ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුව ඇය කෙළින්ම බෙල්ජියමේ බ්‍රසල්ස් බලා ගියේ බ්‍රසල්ස් නායකයන් සමග නීත්‍යානුකූල එකඟතාවයකට බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් එළඹීම සඳහා ය. කෙසේ නමුත් ජෙරමි කෝබින් විපක්ෂ නායකයා පවසා තිබෙන්නේ ඇය සිය රට තුළ තිබෙන ප්‍රධාන ඡන්ද විමසීම මග හරිමින් දෙසැම්බර් 11 වැනිදා සිට තවත් මාසයක් කාලය අපතේ හරින බවයි.
මේ අතර ස්කොටිෂ් නැෂනල් පක්ෂයේ (SNP) නායක නිකොලා ස්ටර්ජන් ද, ජෙරමි කෝබින් විසින් එක්සත් රාජධානිය දේශපාලනික වශයෙන් අස්ථාවර කිරීමට ගන්නා උත්සාහය විවේචනය කර තිබේ.
පෙර ලිපි-
තෙරේසා මේ පක්ෂයේ විශ්වාසය දිනයි, නමුත් තවත් විශ්වාසභංගයක් ඇය ඉදිරියේ
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.