හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති තේරීමේ අපේක්ෂකත්වයේ කොන්සර්වේටිව් නීති සම්පාදකයින් අතර ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.
ඔහු ඊයේ (14)දින පැවැති දෙවන ඡන්ද විමසීමෙන්ද මුල්තැනට පත්ව තිබේ. ඔහු කනිෂ්ඨ වෙළඳ අමාත්‍යවරියක වන Penny Mordaunt සහ විදේශ අමාත්‍ය Liz Truss ,හිටපු සමානාත්මතා අමාත්‍ය Kemi Badenoch සහ පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුවේ සභාපති Tom Tugendhat ආදීන් සමඟ කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් සඳුදා දින(18) පැවැත්වීමට නියමිත තෙවන ඡන්ද විමසීම වෙනුවෙන්ද පෙනී සිටිනු ඇත.
ඊයේ (14) දින පැවැති දෙවන ඡන්ද විමසීමේදී ඡන්ද 30 සීමාවට ළඟා වීමට අපොහොසත්ව නීතිපති සුවාලා බ්‍රවර්මන් ඉවත් විය. සිය ජයග්‍රහණය පිළිබඳ රිෂී සුනක් ට්විට්හි සඳහන් කර තිබුණේ මෙසේය. “අපේ ජාතියට මා සතුව ඇති සෑම දෙයක්ම ලබා දීමට මම සූදානම්. අපි එකතුවෙලා විශ්වාසය ඇතිකරගන්න, ආර්ථිකය ගොඩගන්න, රට එකතු කරන්න පුළුවන්.” ඔහුගේ මුල්ම ආර්ථික ප්‍රමුඛතාවය ඉහළ උද්ධමනය පාලනය කිරීමට ලබා දෙන බව ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
මම කොන්සර්වේටිව් ලෙස ප්‍රචාරණය කරන්නෙමි, මම කොන්සර්වේටිව් ලෙස ආණ්ඩු කරන්නෙමි. මට නායකත්වය දිය හැකිය, මට දැඩි තීරණ ගත හැකිය, මට දේවල් කළ හැකිය. මම පළමු දිනයේ සිටම අගමැති වීමට සූදානම්” Liz Truss මෙහිදී සිය පාක්ෂිකයන් වෙනුවෙන් ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ඡන්ද විමසීම ජූලි 21 වන විට අපේක්ෂකයන් දෙනෙනකු අතර තරඟය අපේක්ෂා කෙරේ. ඉන්පසුව රටේ කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින් අතරින් නව නායකයා තෝරා ගනු ලබන අතර සැප්තැම්බර් 5 වන දින එය ප්‍රකාශයට පත් කෙරේ.
පවතින තත්වය පිළිබඳ විචාරකයන් පවසන්නේ නව අග්‍රාමාත්‍යවරයාට බ්‍රිතාන්‍යයේ ආර්ථිකයේ සර්පිලාකාර උද්ධමනය, ඉහළ ණය ,යුක්රේනයේ යුද්ධය මගින් උත්සන්න වූ බලශක්ති අර්බුදයක් තුල ඉන්ධන මිල ඉහල යාම ආදී කරුණුවලට මුහුණ දීමටත් පක්ෂය තුළ මතභේද විසඳා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට සිදු වන බවයි.
සශිකලා මධුෂාණී_
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…