කාලීන

බ්‍රිතාන්‍ය ෆයිසර් එන්නත ලබා දීම අරඹයි – පළමු එන්නත 90 හැවිරිදි කාන්තාවකට

ෆයිසර් – බයෝ ටෙක් එන්නත අද සිට ජනතාවට ලබා දීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙන අතර එහි පළමු එන්නත 90 හැවිරිදි කාන්තාවකට ලබා දී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පළකර තිබේ.

මාග්‍රට් කීනන් නමැති මෙම කාන්තාව පවසා තිබෙන්නේ තමන් ලබන සතියේදී 91 වැනි වියට පා තබන අතර මෙය සිය උපන්දිනයට පෙරම ලැබෙන හොඳ තෑග්ගක් විය හැකි බවයි.

“කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නත ලබා දුන් පළමු පුද්ගලයා වීම මට මහත් වරප්‍රසාදයක්. එය මම ප්‍රාර්ථනා කරන්නේ මෙය මට කලින් ලැබුණු හොඳම උපන් දින තෑග්ගයි. අවුරුද්දේ වැඩි කාලයක් තනියම සිටීමෙන් පසු නව වසරේ මගේ පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කරන්න මට අවස්ථාව ලැබේවි” යනුවෙන් කීනන් මහත්මිය තවදුරටත් පවසා තිබේ.

එමෙන්ම තමන්ව රැක බලාගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය NHS කාර්ය මණ්ඩලයට ස්තූතිය පළකරන්නේ කෙසේද යන්න තමන්ට සිතා ගත නොහැකි අතර තමන් මෙන්ම බිය නොවී මෙම එන්නත ලබා ගන්නා ලෙසත් ඇය සිය බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

”වයස 90 වේදී මට එය ගත හැකි නම් ඔබටත් එය කරන්න පුළුවන්” යනුවෙනුයි ඇය පවසන්නේ.

මේ වන විට එන්නත් මාත්‍රා 800,000ක් රටට ගෙන්වා ගෙන තිබෙන අතර මෙම මාසය අවසාන වන විට එන්නත් මිලියන හතරකට වැඩ රට තුළට ගෙන ඒමට බ්‍රිතාන්‍ය රජය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මෙම එන්නත ලබා දීමේ වැඩසටහන හරහා අවදානම් වැඩි කණ්ඩායම  මූලික ඉලක්කය වී තිබෙන අතර එහිදීත් සෞඛ්‍ය සේවා හා සත්කාර සේවාවල නියුතු පුද්ගලයන්ටද වැඩි තැනක් හිමිව තිබේ.

ඒ අනුව මෙම සතිය තුළ  රට පුරා රෝහල් 70 කදී  එන්නත ලබා දීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

ASK

Share

Recent Posts

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

3 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

3 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

4 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

4 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

17 hours ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

21 hours ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

1 day ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

1 day ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

1 day ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

1 day ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

1 day ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

2 days ago

ස්පාඤ්ඤයේ අගමැතිගේ බිරිඳට දුෂණ චෝදනා එල්ල වේ

අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…

2 days ago

ඉරානය සමඟ ගනුදෙනුව පරෙස්සමෙන්; ඇමරිකාව පකිස්ථානයට සම්බාධක පැනවීමේ අවදානම පිළිබඳව අනතුරු අඟවයි

එක්සත් ජනපදයේ සම්බාධක පිළිබඳ තර්ජන හුදෙක් පාකිස්තානය අධෛර්යමත් කිරීමට හේතු වේ..

3 days ago