ලෝක ව්‍යාප්ත කොවිඩ් වෛරසයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට හා බ්‍රසීලයටයි. ඇමරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට මිලියන 02 කට ආසන්න ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර 111,394 ක් මියගොස් තිබේ. බ්‍රසීලයේ ආසාදිතයන් ලක්ෂය 06 හමාර ආසාන්නයටම පැමිණ තිබේ. එරටින් වාර්තා වන මරණ ප්‍රමාණය 35,047 කි.
කොවිඩ් වෛරසය ව්‍යාප්තියත් සමග ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝද අනුගමනය කළේ එකම ප්‍රතිපත්තියකි. වෛරසරය සමග ජීවත්වීමට සූදානම් වියයුතු බව ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කළ අතර බොල්සොනාරෝ මෙම වෛරසය හැඳින්වූයේ එතරම් ගණන් ගතයුතු නැති පුංචි හෙම්බිරිස්සාවක් ලෙසයි.
බොල්සොනාරෝගේ පුංචි හෙම්බිරිස්සාව මේ වනවිට සමස්ත බ්‍රසීලයම බිලි ගනිමින් සිටී. බ්‍රසීලය මේ වනවිට වැඩිම ආසාදිතයන් අතින් ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර මරණ සිදුවීම අතින් තෙවැනි ස්ථානයේ රැඳී සිටී. තවත් දින කිහිපයකින්ම එහිද දෙවැනි ස්ථානයට පත්වීමට බොල්සොනාරෝට හැකිවනු ඇත.
ඊයේ සහ පෙරේදා යන දින දෙකේදීම බ්‍රසීලයෙන් 30,000 ඉක්මවන ආසාදිතයන් වාර්තා වූ අතර දහස ඉක්මවා මරණ වාර්තා වී තිබේ.
බ්‍රසීලය තුළ කෙතරම් වේගයෙන් වෛරසය පැතිරෙන්නේදැයි කිවහොත් සෑම මිනිත්තුවකටම වරක් නව ආසාදිතයෙකු වාර්තා වේ.
සිය ජනතාව වෛරසයෙන් බේරා ගැනීමට ක්‍රියාමාර්ග නොගෙන පාරම් බෑ බොල්සොනාරෝ දැන් නැවත වරක් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුව යමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සමගම ගැටුමකට එළඹ සිටී. සිය අසාර්ථකත්වය වසා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත චෝදනා එල්ල කරමින් ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට කටයුතු කරන බව පවසයි. එම සංවිධානය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින බවටද බ්‍රසීල ජනාධිපතිවරයා චෝදනා කරනවා.
මීට හේතු වී ඇත්තේ ලතින් ඇමරිකානු රටවල පනවා ඇති නීති ලිහිල් කිරීම හේතුවෙන් ඔවුන්ට ඉදිරියේදී ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමයි. මිනිස් ජීවිතවලට සිදුවන හානියට වඩා ආර්ථික හානිය ඉහළ යන බව පවසමින් බොල්සොනාරෝ රට කඩිනමින් නැවත විවෘත කරන බව පැවසීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබිණි.
UN
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…