පරිසර

බොලීවියාවේ හරිත නිම්නයෙන් යළි ඉපැදුණු යක්ෂ ලිලිපුට්ටෝ, කොඩි සර්පයෝ සහ මර්සිඩීස් මැඩියෝ

බොලිවියානු අගනුවර වන ලා පාස් අසල පිහිටා ඇති සොන්ගෝ නිම්නය මේ කලාපයේ “හදවත” ලෙස හැඳින්වේ. උස් කඳු බෑවුමකින් යුත් රළු කඳු යනු හොඳින් සංරක්‍ෂිත නිකේතන සහ වාසස්ථාන සමූහයක් වන අතර ඒවා සශ්‍රීක ජෛව විවිධත්වයකින් යුක්ත ය. එහි වළාකුළුවල ගෑවෙන තරම් උස් කඳු මුදුන්වලින් සුසැදි තුරු වියන්වලින් යුක්ත වනාන්තර දක්නට ලැබේ. මේවා හඳුන්වන්නේ ‘ක්ලවුඩ් ෆොරස්ට්‘ හෙවත් ‘වළාකුළු වනාන්තර‘ යනුවෙනි.

“mountain fer-de-lance” නමැති උග්‍ර විෂැති වයිපර් වර්ගයේ සර්පයන් හමුවන්නේ එයිනි. ‘ලිලිපුට් මැඩියා‘ නමැති අඟුටුමිටි මැඩි විශේෂයක් ද එයින් හමු වී තිබේ. “Bolivian flag snake” එවැනි තවත් අමුත්තෙකුට ජීව විද්‍යාඥයන් විසින් ප්‍රදානය කර ඇති නමයි. මහේශාක්‍ය පෙනුමැති ඕකිඩ් කුසුම් ද, අසාමාන්‍ය පෙනුමැති සමනළ විශේෂ ද එයින් හමු ව ඇත.

ඊයේ (14) දිනයේ පළ කළ අලුත්ම පර්යේෂණ වාර්තාවකින් හෙළිවන මේ තොරතුරුවලට අනුව ඔවුන් සොයාගෙන තිබෙන්නේ 2017 වසරේදී සිදුකළ දින 14 ක ගවේෂණ චාරිකාවකිනි. Conservation International නමැති ලාභ නොලබන සංවිධානය විසින් ට්‍රොන්ඩ් ලාසන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සොයාගැනීම් සිදුකර ඇත.

‘‘සොන්ගෝ නිම්නයේදී ඔබට ඇසෙන්නේ සොබාදහමේ කටහඬයි. සියලුම ආකාරයේ කෘමීන්ගේ, මැඩියන්ගේ සහ පක්ෂීන්ගේ ඇමතීම් ඔබට එහිදී ඇසේවි. අරුමැසි කලබලයක් සහ දියඇලි ධාරා කඩා හැලෙන හඬ ඔබට ඇසේවි. මේ හැම දෙයක්ම පෙඳ පාසි, ඕකිඩ් සහ මීවනවලින් සුසැදි ඝන ස්ථරයකින් ආවරණය වී තිබෙනවා‘‘

යැයි ලාසන් CNN පුවත් සේවය සමග පැවසීය.

උග්‍ර විෂැති වයිපර්

පහර දීමට සැරසී සිටින උග්‍ර විෂැති වයිපරයෙක්

අතිශයින්ම විෂ සහිත කඳුකර වයිපර් සර්පයාට නම දී තිබෙන්නේ fer-de-lance යනුවෙනි. අතිශය දිග දළ සහ තාප සංවේදී සම උන්ට ගොදුර වෙත විදුලි වේගයෙන් ඇදී ඒමට පාර කියයි. මෙම සර්පයා මීට පෙර විද්‍යාවට හසු වී නැත.

බොලීවියානු කොඩි සර්පයා – Bolivian flag snake

This snake (Dipsas cf. catesbyi) found on the Zongo RAP expedition in Bolivia is specialized to feed on snails and slugs.

බොලීවියානු කොඩි සර්පයා ගොළුබෙල්ලන් සහ හම්බෙල්ලන් කෑමට විශේෂණය වී ඇත.

බොලීවියානු කොඩි සර්පයාට ඒ නම ලැබී තිබෙන්නේ උගේ පිට මත ඇති රතු, කහ සහ කොල පැහැ පීත්ත පටි නිසා ය. ගවේෂකයන්ගේ අධ්‍යයනයට ලක් වූ කඳුකරයේ උසම ස්ථානයේ යටි රෝපණයේ පහළම ස්ථරයේ ඌ කදිමට සැඟවී සිටියේය.

ලොව කුඩාම උභයජීවියෙක් – ලිලිපුට් මැඩියා

The ‘lilliputian frog’

ලොව කුඩාම උභය ජීවියෙකු සේ දැන් සැලකෙන ලිලිපුට් මැඩියා – illiputian frog වැඩිම වුණොත් දිගින් වැඩෙන්නේ සෙන්ටිමීටරයක් දක්වා ය. සිය දුඹුරු පාට සමෙහි පාට වෙනස් කරමින් පෙඳපාසිවල පැහැය දක්වා රූපාන්තරණය වෙමින් පාසි සහ පස තුළ වසන් වී සිටීමට ඌට පුළුවන.

යක්ෂ ඇස් ඇති මැඩියා – Devil-eyed frog

වඳ වී ගියා යැයි සැලකූ, නමුත් ඇන්ඩීස් හි සොන්ගො නිම්නයෙන් සොයාගත් ජීවී විශේෂ 4 ක් වන අතර, යක්ෂ ඇස් ඇති මැඩියා එයින් එක් විශේෂයකි. උගේ ඇස් මායාකාරී ය. ගැඹුරු රතු ඇස් වටයට මැදි වූ තද කළු පැහැති ඇස් බෝල දෙකක් ඌට තිබේ. අවසන් වතාවට මේ මැඩියා දැක තිබෙන්නේ මෙයට වසර 20 කට පෙර ය. මේ නිම්නය ආශ්‍රිතව වසර 20කට පෙර ජල විදුලි බලාගාරයක් සඳහා වේල්ලක් බඳින ලද අතර, ඉන්පසු මේ දක්වාම උන් දැකගන්නට ලැබුණේ නැත.

මර්සිඩීස් මැඩියා

RAP in Bolivia, 2017.

අතිශයින්ම දුර්ලභ මේ ‘මර්සිඩීස් රොබර් මැඩියා‘ සොන්ගො නිම්නයට අමතරව දැකගත හැක්කේ ලෝකයේ ඉතා සීමිත ස්ථාන කිහිපයකදී පමණි.

වසර 98 කින් හමු වුණු අමුතු සමනළයා

වසර 98 කින් දුටු satyr butterfly නමැති සමනළයා ද මේ ගවේෂණයේදී නැවත හමු විය. satyr butterfly ආහාරයට ගන්නේ කුණු වුණු පළතුරු පමණකි. මල් රොන් ඔහුට අකැප ය. මුළු ලෝකයෙන්ම දැකගත හැක්කේ  සොන්ගෝ නිම්නයේදී පමණකි.

කුණු වුණු පළතුරු පමණක් ආහාරයට ගන්නා satyr butterfly

සොන්ගො නිම්නයෙන් අති දුර්ලභ ඕකිඩ් විශේෂ ද අලුතෙන් සොයාගෙන තිබේ. ඒවා ප්‍රමාණයෙන්, පැහැයෙන් සහ හැඩයෙන් සුවිශේෂී ය. අලුත සොයාගත් Adder’s mouth orchid එවැන්නකි.

මෙම ඡායරූපයේ දැක්වෙන කප් ඕකිඩ් මනරම් දම් සහ කහ පැහැයක සම්මිශ්‍රණයකි.

තවද අතිශය පුදුම සහගත ලෙස මෙම නිම්නයෙන් සොයාගත් අලුත් උණ විශේෂයේ උණ බම්බු, මේ නිම්නයේ වෙසෙන ස්වදේශිකයන්ට නම් කිසිසේත්ම අලුත් දෙයක් නොවේ. ඔවුන් නිවාස සාදන්නටත් බටනළා සාදන්නටත් ඒවා දශක ගණනක් තිස්සේ භාවිතා කර තිබේ.

පාරිසරික වෙනස්කම්වලට හැඩ ගැසුණු නිම්නයක්

ලාසන් පවසන ආකාරයට මේ සොන්ගො නිම්නය කාර්මීකරණය වන ලෝකයට අනුවර්තනය වී ඇති අතිශය දුර්ලභ සොබාදම් කලාපයකි. මෙහි දැකගත හැකි ඇතැම් ජීවී විශේෂ ලෝකයේ අන් කිසි තැනක දැකගත නොහැකි වන අතර, පුදුමය වන්නේ ඒවා නොනැසී පැවතීමේ කලාව සොයාගෙන තිබීමයි. බොහෝ ජීවීන් මිහිතලය උණුසුම් වන විට වඩාත් ඉහළ ශීතල වන කොරිඩෝර සොයා සංක්‍රමණය වී තිබේ. වනාන්තර හරහා ගමන් කරමින් කඳුකරය වෙත සේන්දු වී තිබේ. මේ සියල්ල සිදුවන අතරවාරයේ සොන්ගො නිම්නය මුලු ලැපාස් අගනුවරටම සිය දිය ඇලි මගින් ජල විදුලිය ලබාදෙන අතර, ලාපාස්වලින් ඔබ්බට ද ජලය සම්පාදනය කරයි.

The Andean mountains of the Zongo Valley in Bolivia where the RAP expedition took place are steep and rugged, with numerous waterfalls and cascades.

Share

Recent Posts

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

5 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

5 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago