මාලි රාජ්‍යයේ හමුදා නායක, කර්නල් අසිමි ගොයිටා මාස 9 ක් ඇතුළත දෙවැනි වරටත් කැරැල්ලක් ගසා එරට අන්තර්වාර ජනපති ලෙස ජූනි 7 වැනිදා දිවුරුම් දුන්නේය.
එවිට විපක්ෂයේ M5 ව්‍යාපාරයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව වීදි බැස්සේ හමුදා පාලනයට සහාය පළ කරමිනි.
එතෙක් පැවති සිවිල් අන්තර්වාර රජය විසුරුවා හරිමින් සිදුකළ මෙම බලය පැහැර හැරීම, නිල ඇඳුමට පෙම් බැඳි ජනතාවගේ ආශිර්වාදය ලබන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ජනපති ඊබ්‍රාහිම් බූවකාර් කෙයිටාගේ ආණ්ඩුව ඒ අනුව මළගම් ගියේය. ගොයිටා ඒ ආණ්ඩුවේ උප ජනපති විය. ඒ අනුව දැන් ක්‍රියාත්මක වන්නේ එහි දෙවැනි අදියරයි. ජනපති අසිමි ගොයිටා දැන් තමන්ගේම වූ කැබිනට්ටුවක් නම් කර තිබේ. ඔහු අවසන් වශයෙන් හමුදා කුමන්ත්‍රණයේ නිරත වූයේ, ජනපති, තමන්ගෙන් නොඅසා කැබිනට්ටුව විසුරවා දැමීම නිසා ය. පෙනෙන හැටියට මාලි වැනි ප්‍රජාතන්ත්‍රවාදී නොවන අප්‍රිකානු රටවල ජනපතිවරයා සහ කැබිනට්ටුව දෙකක් නොව එකකි.
දැන් නව ආණ්ඩුව යටතේ මාලි හි ආරක්ෂක ඇමතිවරයා කර්නල් සයිදෝ කැමරා ය. තවත් කර්නල්වරයෙක් වන දාවුද් අලි වො-හැමෙඩීන් ආරක්ෂක ඇමති ලෙස පත් කර තිබේ.
පසුගිය සඳුදා දිවුරුම් දුන් ගොයිටා ජනපති, එයින් දෙදිනකට පසු සිවිල් අගමැති කෙනෙක් පත් කළේය. චොගුල් මොකල්ලා මයිගා නමැති එම සිවිල් අගමැතිට, දැන් හමුදා නිලයන් සහිත, හමුදා බලයන් සහිත අති ප්‍රබල කැබිනට් ඇමතිවරුන්ට මැදි වී වැඩ කරන්නට සිදුව තිබෙන්නේ දත් තිස් දෙකට මැදි වූ දිවක් මෙනි.
හමුදා පාලනයට මාලි රාජ්‍යය කොන්දේසි විරහිතව නතු වෙද්දී බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික හවුලෙන් (ECOWAS) මාලි රාජ්‍යය ඉවත් කෙරිණි. එය, බටහිර අප්‍රිකාවේ ප්‍රබල රාජ්‍යයන් 15 ක එකතුවකි. ‘එකොවාස්‘ අවසාන වශයෙන් කර තිබූ ඉල්ලීම වූයේ සමගි ආණ්ඩුවක් පිහිටුවන ලෙස ය. නමුත් එම ඉල්ලීම ඉටු නොවීය.
මේ අතර, මාලි හි සන්නද්ධ අරගල සමනය කිරීම වෙනුවෙන් හමුදා සහාය ලබාදෙන ප්‍රංශය ද මෙම සිදුවීමෙන් පසුව හමුදා සහාය ලබාදීම නතර කර දැමුවේය. යුද්ධයෙන් බැට කන මාලි රාජ්‍යයේ ප්‍රංශ සොල්දාදුවෝ 5100 ක් සිටි අතර, ජනපති එම්මානුවෙල් මැක්‍රොන් කියා සිටියේ ඔවුන්ගේ මෙහෙයුම් වහාම නතර කරන බවයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…