පුටින් මේ වනවිට දරුණු පිළිකා රෝගයකින් පෙළෙමින් සිටින අතර පිළිකාව ඔහුගේ ශරීරය පුරා පැතිර ගොස් ඇති බවයි ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කරන්නේ.
මීට අමතරව පුටින්ගේ ඇස් පෙනීම බරපතල ලෙස දුර්වල වී ඇති අතර දරුණු හිසරදයකින්ද ඔහු පීඩා විඳිමින් සිටී. මීට අමතරව රුසියානු නායකයාගේ සිහි කල්පනාවද දුර්වල වෙමින් තිබේ.
හිටපු රුසියානු බුද්ධි අංශ නිළධාරියෙකු වන බොරිස් කාර්පිචොව් හරහා ලබාගත් තොරතුරු මත ඉන්ඩිපෙන්ඩන්ට් මෙම අනාවරණය සිදු කරයි. රුසියාවෙන් පළාගිය හිටපු බුද්ධි අංශ නිළධාරියා මේ වනවිට ලන්ඩන් නගරයේ රැඳී සිටී.
කාර්පිචොව් පවසා තිබෙන්නේ පුටින් සම්බන්ධයෙන් රහස් රැසක් තමා සතුව තිබෙන බවයි.
මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන පුටින් දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳින බව මීට පෙරද බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි. පුටින් රෝගියෙකු බව තහවුරු කිරීම සඳහා ඡායාරූප කිහිපයක්ද බටහිර මාධ්‍ය පළකර තිබිණි.
කෙසේ නමුත් රුසියානු බළධාරීන් පවසන්නේ පුටින් තවමත් පූර්ණ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි. ඔහුට කිසිදු රෝගී තත්වයක් නොමැති බවත්, තවත් බොහෝ කලක් පුටින් රුසියාවට නායකත්වය ලබාදෙනු ඇති බවත් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් අවධාරණය කරනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේදී 70 වැනි වියට පත් වූ පුටින් නිරෝගීව සිටින බව තහවුරු කිරීම සඳහා රුසියානු රාජ්‍ය මාධ්‍ය දැඩි උත්සාහයක් ගනිමින් සිටින අතර දෛනිකව ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටින ඡායාරූප පවා ප්‍රසිද්ධ කරයි.
UN for LNW
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…