වැරදි කරුවන්ට විරුද්ධව දඬුවම් නියම කර ඔවුන්ව නැවත වැරදි කිරීමෙන් මුදවා ගැනීම හෝ සමාජයේ තවත් අයට නිසි ආදර්ශ ලබා දීම අධිකරණය හෙවත් උසාවිය මගින් නියම කිරීම ලොව සෑම රටකම පාහේ සිදුවන කාර්යයකි. බොහෝ විට සිදු වන්නේ වරද කරු සිර ගත කිරීම, මරණ දණ්ඩණය , ඇප නියම කිරීම , වැඩ තහනම් කිරීම ආදී තීන්දුය..
නමුත් කිසිවෙකුත් කිසි කළෙකත් අපේක්ෂා නොකරන පරිදි වරද කරුවන් හට අරුම පුදුම දඬුවම් උසාවිය විසින් නියම කළ අවස්ථාද නැත්තේම නොවේ.
ඩේවිඩ් බෙරී ඇමරිකාවේ මිසුරි පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ නීතිවිරෝධී ලෙස සතුන් දඩයම් කිරීමේ වරදටයි. ඔහු කළ වරදට අධිකරණය විසින් ලබා දුන් දඬුවම වූයේ වසරක කාලයක් සිර අඩස්සියේ තැබීමටත්. මසකට වරක් අනිවාර්යෙන්ම අඩුම තරමේ එක්වතාවක් හෝ ඩිස්නි කාටුනයක් කුඩා මුව පැටවෙකු, හාවෙකුගේ චරිත රැගත් බැමිබි කාටුනය නැරඹීමටත් වරද කරුට නියම කිරීමය.
2013 වසරේ චිකාගෝහී තරුණයෙන් දෙදෙනෙක් වෙත එරට අධිකරණය දින 45ක සිර දඬුවමක් ලබා දුන්නේය. ඉන් නොනැවතී ඔවුන්ගේ නගර මධ්‍යයේ බූරුවන් සමග පෙළපාළි යායුතු බවටද ඔවුන්ට නියම කෙරිණි. මෙම දඬුවම ඔවුන්ට නියම වුණේ ජේසුස් වහන්සේගේ කුඩා අවධියේ පිළිරුවක් පළුදු කිරීම , සොරකම් කිරීමට දඩුවම් ලෙසිනි
ඔක්ලෝහෝමාහී මිනී මැරුම් චෝදනාවක් එල්ලවූ පාසැල් ශිෂ්‍යයෙක්ටද අරුම පුදුම දඬුවමක් එරට උසාවිය විසින් නියම කරන ලදී. 17 හැවිරිදි ටයිලර් ඇලර්ඩ් නම් පාසැල් ශිෂ්‍යයා බීමතින් රිය පැදවීමේදී සිදුවූ අනතුරකින් ඔහුගේම මිතුරෙක් ඝාතනයට ලක් වීය. ඒ 2011 වසරේදීය. ඊට දඬුවම ලෙස නියම වූයේ ඔහු අනිවාර්යෙන්ම සිය උපාධිය අවසන් කළ යුතු බවත් වසරක් යන තෙක් මත්ද්‍රව්‍ය සහ නිකොටින් පරීක්ෂාවට යා යුතු බවත් මී ළග වසර 10ක් යනතුරු දේවස්ථානයට යා යුතු බවත්ය.
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා හී පුද්ගලයෙක් වෙත තවත් පුදුම හිතෙන දඩුවමක් එරට අධිකරණයෙන් නියම කරන ලදී. මොහුගේ දෙමවු පියන් විසින් ඔහුගේ පොකට් මනී , නැත්නම් දිනපතා වියදමට ලබා දෙන මුදල් නවතා දැමූ වේ යැයි කියමින් දෙමවු පියන්ව උසාවියට කැඳවන ලදී. 25 හැවිරිදි මොහු දෙමවුපියන්ගෙන් මසකට පවුම් 355ක් ඉල්ලා නඩු දැම්මේය. නමුත් උසාවිය විසින් දෙමවුපියන්ට නොව ඔහුට දඩුවම් නියම කළ අතර දඬුවම වූයේ දින 30ක් අතුළත ඔහු දෙමවුපිය නිවස අත්හැර යායුතු බවත් රැකියාවක් කර මුදල් උපයා සිය දෙපයින් නැගී සිටිය යුතු බවත්ය.
2008 වසරේදී ඇන්ඩෘ වැක්ටර් නම් පුද්ගලයාට සිය කාර් රථය තුළ ඉතාමත් ඉහළ හඬකින් සංගීතපටයක් වාදනය කිරීමට දඬුවම ලෙස පවුම් 120ක දඩයක් නියම වුණ අතර ඔහු පැය විස්සක් එක දිගට බීතෝවන්ගේ ශාස්ත්‍රීය සංගීතයට සවන්දුනහෝත් එම දඩ මුදල පවුම් 30 දක්වා අඩුවන බව අධිකරණ විනිශ්චයකරු විසින් තීරණය කරන ලදී. විනිසුරු සුසාන් ෆොනෝප්ට අවශ්‍ය වූයේ ඔහු රසවිඳින්නට අසමත් වූ සංගීතයට රස විඳින්නේ කෙසේදැයි යන්න ඔහුට අවබෝධ කරවීමටයි.
ඔහු එම නියමය පරිදි මිනිත්තු 15ක් පමණක් සංගීත පටයකට සවන් දුන් අතර සම්පූර්ණ දඩ මුදල ගෙවීමට කැමැත්තෙන් පිටව ගියේ තමන්ට බාස්කට් බෝල් තරඟයක් අතපසු වීමට යන බව පවසමිනි.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.