රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ගෑස් සහ විදුලි මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට සාපේක්ෂව බල ශක්ති සමාගම් මත හදිසි බදු පැනවීමක් කළ යුතු බවට යුරෝපා සංගමයේ ප්‍රධානී Ursula von der Leyen විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙමඟින් බල ශක්ති සමාගම්වල විදුලිය 5%කින් කප්පාදු කිරීමට හා මිල ගණන් ඉහළ දැමීම අපේක්ෂා කරන අතර මිලියන සංඛ්‍යාත ව්‍යාපාර සහ කුටුම්භ මේ හේතුවෙන් කනස්සල්ලට පත්ව තිබේ.
කෙසේ නමුත් මෙම යෝනාව වෙනුවෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් මෙම මාසය අවසන් වන විට එකඟතාවක් ඇති කර ගත යුතුව ඇති අතර ඉන් ඉපැයීමට බලාපොරොත්තුවන මුදල ඩොලර් බිලියන 140ක් පමණ වේ.
මෙවැනි යෝජනාවක් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ප්‍රධානී Ursula von der Leyen විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ යුක්රේන යුද්ධය හේතුවෙන් හා ගෑස් හා විදුලිය හිගයකින් පීඩා විඳින පාර්භෝගිකයන්ගෙන් ලාභ ලැබීමට බල ශක්ති සමාගම් කටයුතු කිරීම වැලැක්වීම මින් අපේක්ෂා කරන බවයි.
යුක්රේන යුද්ධය හේතුවෙන් යුරෝපා සංගමය රුසියාවට සම්බාධක යෙදීමත් සමඟ ගෝලීය බලශක්ති සැපයුම්කරුවෙකු වන වන විට රුසියාවෙහි කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇත. ඔවුන් එකී පාඩුව ගෑස් හා තෙල් මඟින් පියවා ගනිමින් ඇත.
යුරෝපා සංගමයේ ආනයනික ගෑස් වලින් 40% ක් රුසියාව සතු වූ අතර යුක්රේන ආක්‍රමනයත් සමඟ එම ගෑස් ආනයනය 10% දක්වා පහත වැටීණ. ඊට සාපේක්ෂව මිලද ඉහළ යනු ලැබීය. විදුලිය නිපදවීම වෙනුවෙන් ගෑස් කොටසක් ද පුළුස්සා දැමීමට සිදුවන බැවින් ඉහළයන ගෑස් මිල විදුලි බිල ද ඉහළ නංවමින් ඇත. ඒ අනුව බලශක්ති අර්බුදය උග්‍ර වී ඇති අතර ඒ වෙනුවෙන් දිගු කාලීන, බලශක්ති වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ යෝජනාවන් අත්‍යාවශව ඇත.
කෙසේ නමුත් ලබන වසර දක්වා ඒවා සූදානම් නොවන බැවින් මෙම බදු පැනවීම කළ යුතුව ඇති බව බව යුරෝපා සංගමයේ ප්‍රධානී Ursula von der Leyen මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
සශිකලා මධුෂාණී_
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…