වාර්තාගත උද්ධමනයක් (ආර්ථික වර්ධන වේගය -1.5) තුළ මුදල් අවප්‍රමාණ වීම , ඖෂධ මෙන්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිගයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනතාව ආර්ථිකයේ බරපතලම කම්පනය අති විඳිමින් සිටින බවත් , ඔවුන් පූර්ණ වශයෙන් මානුෂීය අර්බුදයකට යොමු වීමේ අවධානමක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය (OCHA) ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ පවතින මෙම අර්බුදකාරී තත්වය පිළිබඳ ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ නිත්‍ය ප්‍රවෘත්ති සාකච්ජාවෙි දී එක්සත් ජාතීන්ගේ මානුෂික කටයුතු සම්බන්ධීකරණය කරන Jens Laerke ප්‍රකාශ කරනු ලැබුවේ මෙවන් අදහසකි.
”ශ්‍රී ලංකාව මේ වන විට 1948න් පසු එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටියි. මෙම අවස්ථාව පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකි බවට අප කනස්සල්ලට පත්ව සිටිමු.”
අර්බුදය හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ මිලියන 1.7 ක ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 47.2 ක ආධාර ජුනි සහ සැප්තැම්බර් යන මාස අතර සැපයීමේ සැලැස්මක් තමන් වෙත ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති අතර , ශ්‍රී ලංකාවේ පවුල් වලින් 70% ක් දැනටමත් සිය ආහාර පරිභෝජනය අඩු කර ඇති බවත් , දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට හදිසි ආධාර අවශ්‍යව ඇති බවත්, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන UNICEFහි ශ්‍රී ලංකාවේ නියෝජිත Christian Skoog විසින් ජාත්‍යන්තර මාධය වෙත ප්‍රකාශ කර ඇත.
සශිකලා මධුෂාණී
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…