විශේෂාංග

‘සමාජවාදී’ පුටින් ගේ අන්ත ධනවාදී ජීවන ක්‍රමය – අත් ඔරලෝසුවම යම්තම් කෝටි 11යි!

මෑත කාලය තුළ බොහෝ දෙනෙකු ගේ අවධානයට වැඩිපුරම ලක්වූ පුවත වුනේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම. පැරණි සෝවියට් කලාපයට අයත් රටක් වන යුක්රේනය යුරෝපා හා නේටෝ එකමුතුව පසුපස හඹා යාම සහ සිය දේශපාලන හතුරා එක්සත් ජනපදය සමඟ මිත්‍ර වීම මත රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් ගනු ලැබූ ක්ෂණික රෞද්‍ර තීරණයක් ලෙස බොහෝ දෙනෙකු මෙය අර්ත නැංවූවා. රුසියානු මිසයිල හමුවේ යුක්රේනයේ කිරිදරුවන්ගේ පවා ජීවිත අහිමි වෙද්දී, පුටින් ගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් ප්‍රශස්ති ගී ගායනා කළ උදවිය අපේ මේ ලංකාවේ ද උන්නා. යුක්රේනයේ මතුව ඇති තත්ත්වය තුළ දේශපාලනික වශයෙන් කුමන පාර්ශවය හරි – වැරදි වූවත්, පුටින් දියත් කළ මෙහෙයුම කිසිඳු කෝණයකින් හෝ දර්ශනයකින් සාධාරණීකරණය කළ හැක්කක් නම් නෙමෙයි.

ඒ අතරේ පුටින් පිළිබඳ රසවත් තොරතුරු කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වන අයුරු දක්නට ලැබුණා. රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සතු අසීමිත ධනස්කන්ධය පිළිබඳවයි මෙම තොරතුරු වලින් අනාවරණය වූයේ. පහත දැක්වෙන්නේ, රුසියාවේ ජනාධිපතිවරයා ලෙස රජයෙන් ලබන සාධාරණ වැටුපෙන් තමා ජීවත් වන බව උදම් අනන ‘සමාජවාදී’ පුටින් ගේ සුඛෝපබෝගී ජීවන ක්‍රමය පිළිබඳ තොරතුරු ටිකක්.

සමාජවාදී කබාය ලක්ෂ 40යි!

පුටින් විලාසිතාව පිළිබඳ සැලකිලිමත් පුද්ගලයකු බව හා තම විලාසිතා සඳහා ඉතා අධික මුදලක් වැයකරන පුද්ගලයකු බව ඔබ ඇතැම් විටක නොදන්නවා ඇති. නමුත් එය සත්‍යයක්! ඉතාම නවීන විලාසිතා පිළිබඳව ඔහු දැඩි අවධානයකින් පසුවන බව කියවෙනවා. මෑත දිනක පුටින් කබායක් හැඳ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය වල පළ වූ අතර, විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ මෙම කබාය ලෝරෝ පියානා සන්නාමය දරන කබායක් බවත්, එහි වටිනාකම පවුම් 10,000 පමණ (රුසියානු රූබල් මිලියන 1.5 ක්) පමණ බවත් ය. ශ්‍රී ලංකා රුපියල් වලින් මෙහි වටිනාකම රු. මිලියන 3.8 කට අධික ය. මෙම කබායෙහි වටිනාකම සාමාන්‍ය රුසියානු පුරවැසියකුගේ දළ මාසික වැටුප මෙන් 31 ගුණයක්. මෙම මොහොතේ, කිටොන් නම් ඉතාලි ජාතික විලාසිතා නිර්මාණකරු අතින් නිමවූ ක්‍රීම් පැහැති ජම්පරයක් ද ඔහු හැඳ සිට ඇති අතර, එහි වටිනාකම පවුම් 2,400ක් බව පැවසෙනවා. එය ශ්‍රී ලංකා රුපියල් වලින් රු. 919,000 පමණ වනවා. හාස්‍යයට කරුණ වන්නේ පුටින් මෙම කබාය සහ ජම්පරය හැඳ සිටින අන්දම දැක්වෙන ඡායාරූපය ගෙන තිබෙන්නේ, ඔහු ජාතිය අමතා යුක්රේනය සමඟ එක්වන බව ප්‍රකාශ කළ මොහොතක වීමයි.

රෂියා බියෝන්ඩ් පුවත්පතට අනුව, සාමාන්‍යයෙන් පුටින් ජනාධිපති ලෙස දෛනිකව හඳිනු ලබන කළුපැහැති කාර්යාල ඇඳුම පවුම් 4,000 වනවා. එය ශ්‍රී ලංකා රුපියල් වලින් රු. මිලියන 1.5 ක අගයක්. මෙම ඇඳුම් ඔහු මිළදී ගනු වෙනුවට ඔහු වෙනුවෙන්ම මසා දෙනු ලබන බවයි වාර්තා වන්නේ.

පුටින් ජාතිය අමතමින් – ඡායාරූපය: SWNS

පුටින් වඩාත්ම ප්‍රිය කරන ඇඳුම් වන්නේ ඉතාලියේ බ්‍රියෝනි සන්නාමය දරන ඇඳුම් ය. එමෙන්ම ඔහු වඩාත් ප්‍රිය කරන සපත්තු වන්නේ ජෝන් ලොබ් හෝ සැල්වතෝර් ෆෙරගාමෝ ය.

මෙම සියලු ඇඳුම් පැළඳුම් වල ලේබල ඉවත් කිරීමට පුටින් ගේ පෞද්ගලික විලාසිතා නිර්මාණකරු කටයුතු කරන බව ද එම වාර්තා වල සඳහන් වනවා. පුටින්ගේ සුඛෝපභෝගී විලාසිතා රුචිකත්වයන් සඟවා තැබීමට එසේ සිදුකරන බවයි පැවසෙන්නේ.

සමාජවාදී අත් ඔරලෝසුව කෝටි 11යි!

පුටින් සතුව පවුම් 500,000 කට අධික (රු. මිලියන 181 කට ඉහත) අත් ඔරලෝසු එකතුවක් ඇති බව ද කියවෙනවා. මෙම ඔරලෝසු එකතුවේ ටුවර්බොග්‍රාෆ් සන්නාමයේ අත් ඔරලෝසුවක් තිබෙන අතර, එහි තනි වටිනාකමම පවුම් 300,000 බවයි පැවසෙන්නේ. එය ශ්‍රී ලංකා රුපියල් වලින් රු. මිලියන 114 පමණ වනවා. මෙම අත් ඔරලෝසුවේ පටිය අතින් මසන ලද කිඹුල් සමින් නිමවා ඇති අතර, කටු රනින් නිමවා තිබෙනවා.

මෙම අත් ඔරලෝසුව ජර්මනියේ හිටපු චාන්සල්වරිය වන ඇන්ජෙලා මර්කල් සමඟ පුටින් අතට අත දෙන මෙහොතක කැමරා කාචයේ සටහන් වී තිබෙනවා.

පුටින් සතු මෙම අසාමාන්‍ය ලෙස මිළ අධික අත් ඔරලෝසු ගැන අනාවරණයක් කරමින් රුසියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන සොලිඩැරිටි ඉකුත් 2012 වීඩියෝපටයක් මුදා හැර තිබෙනවා. එහි අනාවරණය කරන පරිදි මෙම අත් ඔරලෝසු වල වටිනාකම ඔහු රජයෙන් උපයන මුදල මෙන් සය ගුණයක්!

පුටින් ගේ අත් ඔරලෝසුව ඡායාරූප ගත වූ මොහොතක් – ඡායාරූපය: Getty Images

එමෙන්ම, පවුම් 45,000 (රු. මිලියන 17) වටිනා පටෙක් ෆිලිප් පර්පචුවල් කැලෙන්ඩර් සන්නාමයේ අත් ඔරලෝසුවක් හා, පවුම් 6,450 (රු. මිලියන 2.4) වටිනා ටුවර්බොග්‍රාෆ් සන්නාමය නිර්මාණය කළ අ ලාන්ජ් සහ සොහ්නෙ සමාගමට අයත් ෆ්ලයිබැක් සන්නාමයේ අත් ඔරලෝසුවක් ඔහු පැළඳ සිටි අන්දම ද මෙම දේශපාලන කණ්ඩායම විසින් අනාවරණය කර ගැනීමට සමත්ව තිබෙනවා. පුටින් සතු අති සුඛෝපභෝගී අත් ඔරලෝසු වලින් සමහරක් ඔහු දන්නා හඳුනන පුද්ගලයන්ට තෑගි ලෙස ලබා දුන් අවස්ථා තිබෙන බව ද ඔවුන් පවසනවා.

ව්‍යායාම කරන්නෙත් සමාජවාදීව – යම්තම් ලක්ෂ 09ක ධාවන ඇඳුමක්!

පුටින් ජනාධිපතිවරයා ව්‍යායාම කරන අවස්ථාවක ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය වල හුවමාරු වන අතර, විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ මෙම අවස්ථාවේ ඔහු හැඳ සිටින්නේ ලෝරෝ පියානා සන්නාමයට අයත් පවුම් 2,400 ක් වටිනා ධාවන ඇඳුමක් බවයි. එය ශ්‍රී ලංකා මුදලින් රු. 918,000 කට අධිකයි. මෙහි ඇති පුදුමයට කරුණ ලෙස විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ව්‍යායාම කරන විට හැඳිය යුතු සාමාන්‍ය සිරුරට පහසු ධාවන ඇඳුම් වලට වඩා දහඩිය උරා නොගන්නා ලෝම සහ සේද යන අමුද්‍රව්‍ය වලින් මෙම ධාවන ඇඳුම නිර්මාණය කර ඇති බවයි.

සමාජවාදීව ලෝරෝ පියානා හැඳ ව්‍යායාම කරන පුටින් – ඡායාරූපය: Getty Images

සමාජවාදීව ලෝරෝ පියානා හැඳ ව්‍යායාම කරන පුටින් – ඡායාරූපය: Getty Images

සමාජවාදී පුටින් මාලිගය වැඩිය නෑ කෝටි 29,000යි!

පුටින් සතු මේ ධනස්කන්ධය එතනින් නිමාවන පාටක් නැහැ. රුසියාවේ හිටපු විපක්ෂ නායක හා දැන් වසර 13 ක සිරදඬුවමක් අත්විඳින ඇලෙක්සි නවාල්නි අනාවරණය කළ පරිදි ව්ලැදිමිර් පුටින් සතුව පුටින්ස් පැලස් (පුටින්ගේ මාලිගය) නම් අප්‍රසිද්ධ සුවිසල් මන්දිරයක් තිබෙනවා. විවිධ සුඛෝපභෝගී අංගනයන්ගෙන් යුතු මෙම මන්දිරය ඩොලර් බිලියන 1 ක වටිනාකමකින් (රු. බිලියන 290) යුක්ත බවයි ඇලෙක්සි අනාවරණය කර තිබුණේ.

මෙම මන්දිරයේ විශාල දේවස්ථානයක් සහ රඟමඬලක් ඇති අතර, මාස්ටර් බෙඩ්රූම් ආකාරයේ ප්‍රධාන නිදන කාමරයක් සහ අමුත්තන් සඳහා සකස්කරන ලද නිදන කාමර දුසිම් ගණනක් තිබෙන බවත්, එහි රැඳී සිටින ඕනෑම කෙනෙකුට ලාස් වෙගාස් ආකාරයේ කැසිනෝ ශාලාවක් භාවිතා කිරීමට හැකි බවත් ඇලෙක්සි අනාවරණය කර තිබෙනවා. එමෙන්ම, ලැප් ඩාන්සින් නර්තනයේ යෙදෙන තැබෑරුම් හා පිහිනුම් ක්‍රීඩාවේ යෙදිය හැකි තැබැරූම් ද මෙම මන්දිරයට ඇතුළත් වන බව පැවසෙනවා. තව ද, නිදන කාමර 11 කින් යුක්ත වර්ග අඩි 27,000 ක කලාපයක් ආවරණය කරන ආගන්තුක නිවසක් ද මෙම මන්දිරයට සම්බන්ධ කර තිබෙන බව කියවෙනවා.

රහසිගත පුටින් මාලිගය – ඡායාරූපය: BBC

කෙසේවෙතත්, රුසියානු රජය නම් පවසන්නේ මෙම සුවිසල් මන්දිරය ව්‍යාපාරික ප්‍රජාව සමඟ ගනුදෙනු කරන ව්‍යාපාරික පරිශ්‍රයක් බවයි. ‍

මීට අමතරව නිවාස 19ක්, ගුවන් යානා හා හෙලිකොප්ටර 58ක් සහ පවුම් මිලියන 73 (රු. බිලියන 28) ක සුපිරි නෞකාවක් පුටින් සතු වන බව ද කියවෙනවා.

මිනිසා යනු දේශපාලන සත්ත්වයෙක්. බලය හා ආධිපත්‍යය පෙන්වීම, ගැටුම් ඇතිකරගැනීම, තම මතයට එකඟ නොවන තැන ඇණකොටා ගැනීම මේ දේශපාලන චර්යාවේ ව්‍යූත්පන්නයන්. මූලධර්මවාදී හා අන්තවාදී න්‍යායන් වල පිහිටා පුද්ගලයන්ට කෙණහිලිකම් කිරීම, බෙදීම පෝෂණය කිරීම, මර්දනය කිරීම, ධනය එක්රැස් කර ගැනීම හා එම ධනය ආරක්ෂා කර ගැනීමට යළි කෙණහිලිකම්, බෙදීම හා මර්දනය දියත් කිරීම මෙලොව උපත ලබන දරුවකුට උපතින් පිහිටන දෙයක් නොවෙයි, නමුත් එකී ව්‍යසනයන් සිදුකිරීමට මෙම මනුෂ්‍ය සත්ත්ව පැටවා සමාජානුයෝජනය වූයේ යම් සේ ද, ඔහු තුළ තිබෙන දේශපාලන චර්යාව ඊට රුකුලක් වන්නට ඇති බව නම් කිව යුතුයි.

දාර්ශනිකයකු ගොඩනඟන දර්ශනයක් සැබවින්ම දර්ශනයක් බවට පත්වන්නේ, එහි භාවිතය තුළින් ගොඩනැඟෙන සමාජය යහපත් වනවා නම් පමණි. සමාජ දර්ශනයක් බිහිවන්නේ කොතනින් ද, එතන සමාජ අරගලයක් ද බිහිවනවා; විප්ලවයක් ද ඇතිවනවා; සමාජ පෙරළීන් පවා සිදුවනවා. නමුත් මුල් දර්ශනය අභිබවා ගිය එහි විකෘතීන් බිහිවීම ද අපට සමාජයේ අපමණ දක්නට ලැබෙනවා. මෙය ත්‍රිපිටකය, ශුද්ධ වූ බයිබලය, ශුද්ධ වූ කුරාණය පමණක් නොව, ඩාස් කැපිටා ග්‍රන්ථයට ද වලංගු වන යතාර්ථයක්.

සමාජවාදය යනු සමාජයක සෑම තලයකම ජීවත් වන පුද්ගලයකුටම එක හා සමානව සලකන, නීතියේ අධිපත්‍යය සුරකින, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ හා ධනය බෙදී යාමේ විෂමතාවය අවම කරනු ලැබූ සමාජ ක්‍රමයක්. සමාජවාදයක් තුළ කිසිවිටක එක් පාර්ශවයක් අසීමිත ධනයක් එක්රැස් කරගෙන සිටින අතරවාරයේ තවත් පාර්ශවයක් මහමඟ කුසගින්නේ මිය යන්නට බැහැ.

රජයෙන් ලබන සාධාරණ වැටුපෙන් තමා ජීවත් වන බව උදම් අනන ව්ලැදිමිර් පුටින් යනු සෝවියට් කලාපය තුළ කලක තිබූ එවන් මුල් සමාජවාදී ප්‍රවාහයේ විකෘති අතුගංගාවකින් බිහි වූ ප්‍රතිඵලයක් බව මා සිතන්නේ මේ නිසා ය.

ප්‍රමෝද් චින්තක පීරිස්

Share

Recent Posts

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

7 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

22 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago