පුවත්

සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය

සිංගප්පූරුවේ රජය විසින් ඊයේ (07) දිනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර ඇත. 48 හැවිරිදි සිංගප්පූරු ජාතික Norasharee bin Gous,​​සහ 31 හැවිරිදි මැලේසියානු ජාතික Kalwant Singh, වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වන අතර සිංගප්පූරු බන්ධනාගාර සේවය CNN වෙත විද්‍යුත් තැපෑලෙන් දැනුම් දී ඇත.

ඔවුන් සිං හෙරොයින් ග්‍රෑම් 60.15 (අවුන්ස 2.1) ළඟ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120.9 ක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී ඇත. සිංගප්පූරු නීතියට අනුව හෙරොයින් ග්‍රෑම් 15 (අවුන්ස 0.5)තමා සන්තකයේ තබා ගැනීම, මත්ද්‍රව්‍ය වැරදි ලෙස භාවිත කිරීමේ පනත යටතේ අනිවාර්ය මරණීය දණ්ඩනයට හේතු වේ.
මේ වන විට සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ පුද්ගලයන් 4 දෙනෙකු වෙනුවෙන් මරණ දණ්ඩනය ලබා දී ඇත. බොහෝ උද්ඝෝෂකයින් සමාව ඉල්ලා සිටි අතර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මැලේසියාව මෙම සතිය මුලදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිංගප්පූරුවේ එල්ලා මැරීමේනව රැල්ලක කොටසක්” ලෙස පෙනෙන්නට ඇති බවයි.
හෙරොයින් ග්‍රෑම් 42.7ක් (අවුන්ස 1.5ක්) ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 2009දී අත්අඩංගුවට ගනු ලැබූ මැලේසියානු පුරවැසියෙකු වූ 34 හැවිරිදි නාගේන්ද්‍රන් කේ. ධර්මලිංගම් 2010දී මරණ දණ්ඩනයට නියම විය. ඉනි අනතුරුව අනාවරණය වූයේ ඔහු බුද්ධිමය වශයෙන් යම් ආබාධිත තත්වයකට පත් වූවෙකු බවයි. මේත් සමඟ රට තුළ ක්‍රියාත්මක වන මරණ දඬුවම දැඩිලෙස විවේචනය වන්නට විය.

මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා අනිවාර්ය මරණීය දණ්ඩනය අමානුෂික දඬුවමක් ලෙස මානව හිමිකම් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි පර්යේෂණ සඳහා නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ Emerlynne Gil බ්‍රහස්පතින්දා සිංගප්පූරුවෙන් ඉල්ලා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙසයි. ඔහු වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ “සිංගප්පූරුව නැවත වරක් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට ​​වරදකරුවන් වූ පුද්ගලයින්ට මරණ දණ්ඩනය ලබා දී ඇත, මහජන විරෝධය නොසැලකිලිමත් ලෙස නොසලකා හැර ඇත,” ලෙසයි. මරණ දණ්ඩන විරෝධී ආසියා ජාලය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ සිංගප්පූරුව විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම හේතුවෙන් ගෝලීය වශයෙන් රට හෙලා දැකීමට ලක්ව ඇති බවයි. එය නීතියේ ආධිපත්‍ය මඟින් සංවර්ධනය වන රාජ්‍යක් වන සිංගප්පූරුවේ ප්‍රතිරූපය විනාශ කරන බවයි.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

8 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

9 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

23 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago