පුවත්

සිය දූෂකයන් නිදැල්ලේ සැරිසරණ බිල්කිස් බානෝගේ අනුවේදනීය කතාව

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ 2002 වසරේදී ඇති වූ මුස්ලිම් විරෝධී කෝලහාලයකදී හින්දු මැර පිරිසක් විසින් සිය පවුලේ සාමාජිකයන් 14 දෙනෙකු ඝාතනය කරනු දැක සමූහ දූෂණයට ලක් වූ බිල්කිස් බානෝගේ නඩුවෙහි ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි වැරදිකරුවන් 11 දෙනෙකු අගෝස්තු 15 වන දා ඉන්දීය නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාරයෙන් නිදහස් කර ඇත.

මේ සම්බන්ධයෙන් පීඩාවට පත් බිල්කිස් බානෝ ප්‍රකාශ කර තිබුණේ මෙම ස්ත්‍රී දූෂකයන් නිදහස් කිරීම අසාධාරණ වන අතර යුක්තිය සම්බන්ධයෙන් ඇගේ විශ්වාසය බිඳ දැමීමට එය සමත් වූ බවයි. ඇය ගුජරාට් රජයට ආයාචනා කරමින් කියා සිටියේ බියෙන් තොරව සහ සාමයෙන් ජීවත් වීමට මට ඇති අයිතිය නැවත තමන්ට නැවත ලබා දෙන ලෙසයි.

ගෝද්‍රා නගරයේ මගී දුම්රියක ඇති වූ ගින්නකින් හින්දු බැතිමතුන් 60 දෙනෙකු මිය යාමෙන් පසු ආරම්භ වූ කෝලාහල අතරතුර බිල්කිස් බානෝට සහ ඇගේ පවුලේ අයට එල්ල වූ ප්‍රහාරය අතිශය බිහිසුණු අපරාධවලින් යුක් එකකි. ගින්න ඇවිළීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ට දොස් පවරමින්, හින්දු මැර කල්ලි මුස්ලිම් අසල්වැසි ප්‍රදේශවලට පහර දෙමිනි. දින තුනක් තුළ, මිනිසුන් 1,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මුස්ලිම්වරු ය. දුම්රිය ගින්නෙන් පසු දින උදෑසන බිල්කිස් බානෝ එවකට 19 හැවිරිදි වියේ පසු වූ අතර ඇගේ දෙවන දරුවා ලැබෙන්නට සිටි ගැබිණියක් විය. ඇය සිය තුන් හැවිරිදි දියණිය සමඟ ගෝද්‍රා අසල රන්දික්පූර් නම් ගම්මානයේ තම දෙමාපියන් බැලීමට යමින් සිටියාය.

මෙහිදී ඇය හින්දූන්ගේ පහර දීම් වලට ලක්වූ අතර ඔවුන් පොලු වලින් පහර දී සිය දියණිය උදුරා බිමට දමා ඇගේ හිස ගලක ගැසූ බව ප්‍රකාශ කරයි. ඇයට පහර දුන් අය ගමේ සිටි ඇගේ අසල්වැසියන් වූ අතර, ඇය හැදී වැඩෙන විට දිනපතාම පාහේ දැක ඇති පිරිමින් විය. ඔවුන් ඇගේ ඇඳුම් ඉරා දැමූ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ගැබිණියක් වූ ඇයව දූෂණය කරන්නට විය. අනතුරුව අධික පහරකෑම් වලට ලක්වූ බිල්කිස් බානෝ සිහිසුන් වීම හේතුවෙන් ඔවුන් ඇය මිය ගිය බවට සැක කර දමා යන්නට විය. ඔවුන් පලා යමින් සිටියදී දින දෙකකට පෙර දරුවෙකු ප්‍රසූත කළ ඇගේ ඥාති සොහොයුරිය දූෂණය කර ඝාතනය කර ඇති අතර ඇගේ අලුත උපන් බිළිඳා මරා දමා තිබිණි. 17 දෙනෙකුගෙන් යුත්ව සිටි ඔවුන්ගේ කණ්ඩායමේ බිල්කිස් බානෝ සමඟ පිරිමි ළමයින් දෙදෙනෙක් සමූල ඝාතනයෙන් දිවි ගලවා ගැනීමට සමත් විය.

ඇතැම් පොලිස් සහ රාජ්‍ය නිලධාරීන් ඇයව බිය ගන්වමින් සාක්ෂි විනාශ කිරීමට උත්සහ ගත් අතර ඇයව පරීක්‍ෂා කළ වෛද්‍යවරුපවා ඇය දූෂණයට ලක්ව නැති බව පවසා මරණ තර්ජන එල්ල කරන්නට විය. ගුජරාටයේ උසාවිවලට ඇයට යුක්තිය ඉටු කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ වූ අතර ඇගේ නඩුව මුම්බායි වෙත මාරු කළේය. ඒ අනුව මෙම නඩුවේ පළමු අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ 2004 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ෆෙඩරල් විමර්ශකයන්ට නඩුව භාර දීමෙන් පසුවය.

බිල්කි බානෝස් මරණ තර්ජන මධ්‍යයේ අප්‍රකට වෙසෙමින් වසර ගණනාවක් කළ සටන එක මොහොතකින් අවසන්ව ඇත. ස්ත්‍රී සූශකයන්ට පොදු සමාව ලබා දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න මතු කරමින් ඇත. කෙසේ නමුත් බිල්කිස් බානෝට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් හෘද සාක්ෂිය ප්‍රශ්න කරමින් ඇත.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

7 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

7 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

21 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago