චරිත

නොනිදන ඔත්තුකාරයා – ඇලන් පින්කර්ටන්

එක්දහස් අටසිය දහනවය වසරේ කඳුකරබද ස්කොට්ලන්තයේ උපන් පින්කර්ටන් අදක්ෂ, චර චර ගාමින් කතා කරන ප්‍රියමනාප නැති ගැටවරයෙක් ලෙස ජීවිතය පටන් ගෙන සිටියේය. රැකියාව ලෙස පීප්ප සාදන අතර චාටීස් ව්යාපාරයේ තරුණ සාමාජිකයෙක් බවට පත්වී ගායිකාවක හා විවාහ විය. ජීවිතයෙන් සාර්ථකත්වයක් ලද නොහැකි තැන ඔහු තීරණය කළේ පවුල පිටින් ඇමරිකාව බලා යන්නට ය. හොර රහසේ හෝ නීතිවිරෝධී ලෙස ඇමරිකාවට ගිය පසුද පින්කර්ටන්ගේ වෘත්තිය වූයේ පීප්ප කර්මාන්තයයි. ඔහු චිකාගෝ නුවර තෝරාගත්තේය. ඉන්පසු, අදටත් හෙළිදරව් වී නැති සිද්ධි සමුදායකින් අනතුරුව ඔහු ව පත් කෙරුණේ චිකාගෝ නුවර ප්‍රථම රහස් පරීක්ෂකයා ලෙස ය.

ඇමරිකාවේ සිවිල් යුධ සමයේදී යුනියන් හමුදාවට බැඳෙන විට ද පින්කර්ටන්, ඔත්තුසේවාවට අදාළ තමන්ගේම ශිල්පීය පද්ධතියක් සකස් කර ගෙන සිටියේය. ‘ෂැඩොවින්’ ලෙස වෘත්තිකයන් අතර ප්රකට යම් පුද්ගලයෙකු පිළිබඳ නිරන්තර හා දැඩි සෝදිසියකින් පසුවීම එයින් එකකි. සිවිල් යුද්ධයෙන් පසු 1861-62 සමයේදී ඔහු යුනියන් ඔත්තුසේවා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. මේරිලන්ඞ් හි බැල්ටිමෝරයේදී ඒබ්රහම් ලින්කන් සිය දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන විට එම කලූ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව කටයුතු කළේ මේ ස්කොට්ලන්ත සුදු ජාතිකයා ය. ඔහු අවශ්ය විටෙක මේජර් ඊ.ජේ. ඇලන් ලෙස පෙනී සිටිමින් තොරතුරු එක්රැුස් කළේය. ඉන්පසු ‘ද ඉන්ටෙලිජන්ට් ස්ර්විස්’ හෙවත් ‘ඔත්තු සේවය’ ලෙස එදා හැඳින්වූයේ ඇමරිකා එක්සත් ජනපද රහස් ඔත්තු සේවයයි. එහි ප්‍රධානියා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පින්කර්ටන් නිතරගයෙන්ම එහි මුල් පුටුවට පත්විය. සිවිල් යුධ සමයේදී දකුණු දිග රාජ්යයන් හි හමුදාමය තොරතුරු ලබාගන්නා කණ්ඩායමක් ඔහු විසින් නිර්මාණය කර තිබිණි. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ව ඉලක්ක කරගෙන ඇතිවූ කුමන්ත්‍රණයක් ලත් තැනම ලොප් කිරීමට සමත් වූ ඔහු, ශීතල යුධ සමයේ ජනාධිපති ඒබ්‍රහම්ගේ උපදේශකයා විය.

ඒබ්‍රහම් ලින්කන් සමග | PinkertonLincolnMcClernand

1850 දශකයේ සිදුවූ දුම්රිය මංකොල්ල ගණනාවක වගකිවයුත්තන් නීතියේ රැුහැනට හසුකර ගැනීම, බුද්ධි අංශ ප්‍රධානියා වීමෙන් පසු ඔහු කළ ප්‍රථම වැඩවලින් එකකි. එසේ ලුහුබැඳගිය අය අතර පූජිත මංකොල්ලකරුවෙකු වූ රෙනෝ ගැන්ග් සහ පිටුවහලෙකු වූ ජෙසී ජේම්ස් ද වූහ. මේ අතරින් ජෙසී ජේම්ස්ගේ සිද්ධිය, දක්ෂතාවය පිළිබඳ පරීක්ෂණයේදී පින්කර්ටන් අසමත් වූ එකම අවස්ථාව ලෙස සැලකෙයි.

ජෙසී ජේම්ස් ව දඩයම් කිරීම සඳහා පින්කර්ටන්ගේ සේවය මුදල් ගෙවා ලබාගැනීමට අදාළ දුම්රිය සමාගම තීරණය කර තිබිණි. මුදල් සම්භාරයක් වැය කළත් ඔහුව හසුකර ගන්නට පින්කර්ටන් ට නොහැකි විය. ඒ නිසා දුම්රිය සමාගම වහාම ඉදිරි මුදල් ප්‍රතිපාදන කපා හැරියේය. එවිට පින්කර්ටන් සිය ඉලක්කය සම්පූර්ණ කර ගත්තේ පුද්ගලික මුදල් වැය කරමින් ජෙසී ජේම්ස් පසුපස හඹා යමිනි. පින්කර්ටන්ගේ එක් සහායකයෙක් මේ අතර අමනෝඥ ලෙස නොසැලකිලිමත් වෙමින් ජෙසී ජේම්ස්ගේ වතුයාය ට යාබද ස්ථානයක රැකියාවක නියැළෙන්නට විය. නාට්‍යය අවසාන වූයේ ජෙසී ජේම්ස් විසින් පින්කර්ටන්ගේ සහායකයා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. මෙයින් මද කම්පනයකට පත්වූ ඔහු ජෙසී ජේම්ස්ව ලුහුබැඳීම නතර කර දැමුවේය.

පින්කර්ටන් ධනපති පංතිය වෙනුවෙන් ද වැඩ කළ ඔත්තුකරුවෙකි. එක් අතකින් ඒබ්‍රහම් ලින්කන් වැනි වැඩකරන පන්තියේ මිනිසෙක් සහ වහල් භාවයට එරෙහි වූවෙක් තැනීම සඳහා සිය ශ්‍රමය වැය කළ ඔහු, අනෙක් පසින් යෙදවුණේ කම්කරු පංතිය හා කම්කරු සංගම් මර්දනය කිරීම සඳහා ය. 1872 වසරේදී ස්පාඤ්ඤ රජය පින්කර්ටන් ව කුලී හේවායෙකු වශයෙන් සිය රට කැඳවීය. ඒ, වහල් භාවය අවසන් කර පුරවැසියන්ට ඡන්ද අයිතිය ලබාදීම අරමුණු කළ කියුබානු විප්ලවය මැඬිය හැකි මං සෙවීම සඳහා ය.

විශ්‍රාම යාමෙන් පසු ඔහු රහස් පරීක්ෂක ප්‍රබන්ධ ලියන්නට පටන් ගත්තේය. ඒවායේ රහස් පරීක්ෂක කතාන්දර ලෙස අඩංගු වූයේ ඔහුගේම අත්දැකීම් ය. නමුත් සාහිත්‍යමය අගයෙන් හීන ඒ පොත්, මූලික වශයෙන් සිය රහස් පරීක්ෂක ඒජන්සිය ප්‍රවර්ධනය කිරීම සඳහා ලියන ලද ඒවා බවට චෝදනාවක් තිබේ. පින්කර්ටන්ගේ කාර්යාලය ක්‍රම ක්‍රමයෙන් ඇමරිකාවේ හා කැනඩාවේ කම්කරු ව්‍යාපාර අවුල් කර දමන ප්රධානතම අදිසි බලවේගය බවට පත් විය.

රෝස් ඕ නීල් නමැති ඔත්තුකාරියක සමග අනුරාගී සබඳතාවක් පවත්වාගෙන ගියත් පින්කර්ටන් කිසිදා විවාහ වූයේ නැත. ඔහුගේ ජීවිත කතාව රූප මාධ්‍ය මහත් අභිරුචියකින් ග්‍රහණය කර ගෙන තිබේ. 1990 වසරේදී ටර්නර් ටෙලිවිෂන් ජාලය විසින් මේ සබඳතාව අළලා රූපවාහිනී වෘත්තාන්තයක් ද නිර්මාණය කළ අතර එහි පින්කර්ටන්ගේ චරිතයට පණ පෙව්වේ, පසුව සුපර්මෑන් චරිතයට පණ පෙව් ක්‍රිස්ටෝපර් රීව් විසිිනි. 2001 වසරේ තිරගත වූ ඇමරිකන් අවුට්ලෝස් චිත්‍රපටයේ පින්කර්ටන් ලෙස තිමොති ඩැල්ටන් පණ පෙව්වේය. මේ අතර ලින්කන් ට එරෙහිව ඇතිවූ කුමත්‍රණය විදහාපාමින් 2012 වසරේදී නිර්මාණය කළ ‘සේවින් ලින්කන්’ චිත්රපටයේදී පින්කර්ටන් චරිතය මාකස් ජේ. ෆ්රීඩ් විසින් රඟපානු ලැබිණි.

අද දක්වා ද ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වාගෙන යන ‘‘පින්කර්ටන් නැෂනල් ඩිටෙක්ටිව් ඒජන්සි’ හෙවත් ‘පින්කර්ටන් ජාතික රහස් පරීක්ෂක ඒජන්සියේ නිර්මාතෘවරයා ඔහු ය. එහි පිවිසුම් දොරටවු අසල මේ පාඨය ගසා ඇත. ‘‘අප කිසිදා නොනිඳන්නෙමු’’. එය වනාහී ඇලන් පින්කර්ටන්ගේ ආදර්ශ පාඨය යි.

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

12 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

14 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

18 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

18 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

18 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

19 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

3 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago