මෙය ‘සුමනදාස අබේගුණවර්ධන වර්ගයේ‘ අනාවැකියක් නොව ඇමරිකාවේ ප්‍රකට තාරකා භෞතික විද්‍යාඥයෙකුගේත් නාසා ආයතනයේත් අනාවැකියකි.
එය පෘථිවියට පතිත වීමට සුළු ඉඩක් ඇති බවට ද වාර්තා වේ.
සමාජ මාධ්‍ය තුළ විශාල කැළඹීමක් ඇති කළ මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මේ වන විට පසු විපරම් රාශියක් සිදු කෙරෙමින් පවතියි.
ඒ අනුව කියැවෙන්නේ බොහෝ දුරට මෙය පෘථිවිය වෙත ළඟා වීමට ප්‍රථම, හැමවිටම පාහේ සිදුවන පරිදි ගිනි ගෙන දැවී විනාශ වීමට නියමිත බව ය.
නමුත් යම් හෙයකින් එය පෘථිවියේ ගැටුණහොත් ඉතා කුඩා අවශේෂයන් පමණක් පෘථිවියට පතිත වනු ඇතැයි කියවේ. ඒ අනුව ඒවායින් වීදුරු ජනේල බිඳී යාම හෝ උල්කාෂ්ම වැස්සක් ඇති වීම වැනි සුළු දෙයක් සිදුවනු ඇත.
නාසා ආයතනය විසින් ‘හානිකර වස්තුවක්‘ ලෙස අජටාකාශ වස්තුවක් නම් කිරීමට නම් එය අවම වශයෙන් විශ්කම්භයෙන් මීටර 140 ක් පමණ විය යුතුය. නාසා ආයතනය විසින් හඳුනාගත් මෙවැනි වස්තු 2000 ක් පමණ අජටාකාශයේ තිබේ. ඒ අතර දැවැන්ත උල්කාපාත (ඇස්ටරොයිඩ) මෙන්ම වල්ගාතරු ද ඇත.
මෙම ඇස්ටරොයිඩය (උල්කාපාතය) නම් කර තිබෙන්නේ 2018VP1 යනුවෙනි.
එය අජටාකාශයේ සිට පෘථිවිය දෙසට ඇදී ඒම ආරම්භ වන විට ශීතකරණයක් තරම් විශාල පාෂාණයක් ලෙස පවතිනු ඇති බවටත් වාර්තා වේ. එහි විශ්කම්භය අඩි 6.5 ක් පමණ වනු ඇත.
නාසා ආයතනයට අනුව මෙය පෘථිවියේ වායුගෝලයට ඇතුළු වීමේ සම්භාවිතාවය 0.41%ක් පමණ වනු ඇත.
නමුත් මෙය නිත්‍ය ලෙසම කිව නොහැක්කේ, ගතවූ වසර දෙක පුරාම මේ පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඔවුන්ට ලැබී නැති අතර, එය පෘථිවිය දෙසට ඇදී ඒමට නියමිත බව නිරීක්ෂණය කිරීමට ද ඔවුන් අසමත් වී ඇති නිසා ය. තවද එහි පිහිටීමද සොයාගැනීමට නාසා ආයතනය සමත් වූයේ නැත. නමුත් නාසා ආයතනය පෙරයීම් කරන්නේ, එය පැසිෆික් සාගරයට ඉහළින්, පෘථිවි තලයට සැතපුම් 260,000 ක දුරින් ඇදී යනු ඇතැයි කියා ය.
මේ පිළිබඳ මුලින්ම ඉන්ස්ටර්ග්‍රෑම් සහ ට්විටර් හරහා හෙළිකර තිබුණේ නීල් ඩිග්‍රොස් ටයිසන් විසිනි. ඔහු නිව්යෝක් නුවර පිහිටා තිබෙන Rose Center for Earth and Space හි හේඩන් ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂවරයා ද වේ.
ඔහු මෙසේ ද කියයි.
‘‘එය නොවැම්බර් 2 වැනිදා පෘථිවිය හමුවනු ඇත. නමුත් එය හානියක් සිදු නොකරනු ඇත. ඒ නිසා, ලෝක විනාශය 2020 දී සිදු වේ නම් එයට වගකිව යුත්තේ විශ්වය නොවේ!‘‘
එසේ නම් එයට වග කිව යුත්තේ කවුදැයි අපට සිතාගත හැකිය. නොවැම්බර් 3 වැනිදා, එනම් පසුදා පැවැත්වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පුල පුලා බලා සිටින ඇමරිකානු ජනාධිපතිවරණයයි!
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…