රුසියානු සහ ජපාන විද්‍යාඥයින් පිරිසක් විසින් වසර 40,000 පමණ පැරණි, හිම යුගයේ ජීවත් වූ වෘක වර්ගයකට අයත් වෘක හිසක් සොයාගෙන ඇත. මෙම වෘක හිස හිමවලට යටවීමෙන් මිදුණු පස් යට සැලකිය යුතු හානියකින් තොරව තැන්පත්ව තිබී ඇත. එය පසුගිය සතියේ ටෝකියෝ හිදී පැවැත්වුණු මැමත් ප්‍රදර්ශනයකදී මහජනතාවට විවෘත කරන ලදී.
සොයාගත් වෘක හිස සෙන්ටිමීටර් 40 ක් පමණ දිගු හිසක් වන අතර තවමත් ලෝමවලින් ආවරණය වී ඇත. මිය යන විට මෙම වෘකයා වයස අවුරුදු දෙකත් හතරත් අතර පසුවූ බවද සොයාගෙන ඇත.
මෙම වෘක හිස සොයාගෙන ඇත්තේ සයිබීරියාවේ යකුටියා ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මැමත් දල සොයමින් සිටියදීය. මීට පෙර මේ ආසන්න ප්‍රදේශවලදී හොඳින් සංරක්ෂණය වුණු, නොවැඩුණු ගුහා සිංහයින්ගේ කොටස්ද හමුවී ඇත.
වසර පුරාම මෙම ප්‍රදේශයේ පස් මිදී පවතින අතර, එමනිසා ඉපැරණි දල සහ මෘත ශරීර කොටස් දිරායාමෙන් තොරව සුරැකී පවතී. කෙසේනමුත්, ගෝලීය කාලගුණ වෙනස්කම් හේතුවෙන් මෙම හිම දියවෙමින් පවතින අතර, එනිසා මෙවැනි අවශේෂ කොටස් වඩාත් සුලබව මතුවෙමින් පවතී.
ස්ටොක්හෝම් හි පිහිටි ස්වාභාවික ඉතිහාසය පිළිබඳ වන කෞතුකාගාරයකට මෙම වෘක හිසේ සාම්පලයක් යොමුකිරීමෙන් පසුව නිර්ණය කර ඇත්තේ එය සහශ්‍රවර්ෂ 40ක් පමණ පැරණි පවයි.
මෙම වෘක හිස තුළ හොඳින් සංරක්ෂණය වූ වෘකයාගේ මොලයද ඇති බව විද්‍යාඥයින් පවසයි.
ස්ටොක්හෝම් සහ ටෝකියෝ හි විද්‍යාඥයින් විසින් මෙම වෘක හිසේ ඩී එන් ඒ සහ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කිරීමට සැලසුම් කරයි. මෙම වෘකයින් වඳවූවාද, එසේත් නැත්නම් නූතන වෘකයින් බවට පරිණාමය වුවාද, සහ ඔවුන් නූතන වෘකයාට කෙතරම් සමානකමක් දක්වන්නේද යන්න පිලිබඳ විද්‍යාඥයින් පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වේ.
Article contributed by SC.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…