‘‘මා ඔබට ආදරෙයි. ඔබට සහ ඔබ මට දුන් දෙයට.. හරියට මම වියපත් ආදරවන්තයෙක් වාගෙයි..‘‘
මෙසේ සඳහන් වන්නේ යුරෝපා කොමිසමේ උප සභාපති ෆ්‍රාන්ස් ටිමර්මන්ස් Frans Timmermans විසින් ගාඩියන් පුවත්පතට ලියන ලද ලිපියක ය.
ඔහු එම ලිපිය ලියන්නේ බ්‍රිතාන්‍යයට තමන් තුළ ඇති බැඳීම පෙන්වාලීමට ය. එය හුදෙක්ම උපහාසයෙන් බැහැර නොකළ යුතු, ඊට වඩා ගැඹුරක් සහිත කදිම ආදර හසුනකි.
‘‘මා ගියේ බ්‍රිතාන්‍ය පාසලකට බැවින්, ඔබ හැමදාම මගේ ජීවිතයේ කොටසක්. දැන් ඔබ වෙන් වී යනවා.. එය මගේ හදවත කඩා දැමුවා..“ යැයි එහි සඳහන් වේ.
2020 ජනවාරි 31 වැනිදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විමට නියමිත ය. දෙසැම්බර් 20 වැනිදා අගමැති බොරිස් ජොන්සන් විසින් බ්‍රෙක්සිට් ඩීල් එකට අදාළ සංශෝධිත නීති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත්තේ මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් දින 8කට පසුව ය.
යුරෝපා කොමිසමේ විධායක උප සභාපති ටිමර්මන්ස් මෙසේ ද කියයි. ‘‘මා මෑතකදී යුරෝපය වෙත ලියූ පෙම් හසුන් සහිත පොතක් කියවූවා. එය කියවූ මට, බ්‍රිතාන්‍යය කෙරෙහි මගේ සිතේ ඇති ප්‍රේමය දැල්වුණා..‘‘
ඕලන්ද ජාතිකයෙක් වන යුරෝපා කොමිසමේ උප සභාපතිවරයා, රෝමයේ පිහිටා තිබූ බ්‍රිටිෂ් ඉන්ටනැෂනල් පාසල වෙත ගිය සමය සිහිපත් කරමින් පවසන්නේ බ්‍රිතාන්‍යය සිය ජීවිතයේ කොටසක් ලෙස සැමදා පවතින බවයි. ඔහු මෙසේ ද කියයි. ‘‘මා දැන් ඔබව දන්නවා. ඒ වගේම ඔබට ආදරය කරනවා.‘‘
එක්සත් රාජධානිය තවමත් යුරෝපා සංගමය කෙරෙහි එක සිතකින් පසු නොවන බව තමන් දන්නේ යැයි ද ඔහු කියයි. ‘‘ඒ වගේම එයින් ඔබට රිදෙන බවත් මා දන්නවා..‘‘
‘‘ඇත්තම කියනවා නම්, ඔබ වෙන් වන්නට තීරණය කර ඇති බව ඇසූ විට මට බෙහෝ සෙයින් රිදුණා.. අවුරුදු 3කට පසුවත් ඒ දුක එලෙසමයි.‘‘
‘‘අපි කවදාවත් ඔබව දමා යන්නේ නැහැ. ඕනෑම වෙලාවක ආපහු එන්න!“
සමාජ මාධ්‍ය වලින් මේ ලිපියට අති දැවැන්ත ප්‍රතිචාරයක් ලැබෙමින් තිබේ. ග්‍රීන් පාටි නායක නැතලී බෙනට් ට්විටර් පණිවුඩයක් හරහා කියන්නේ ‘එම අමතක නොවන ලිපියක් බව‘යි. මේ අතර ලේබර් පක්ෂ සාමාජික සහ හිටපු ගමනාගමන ලේකම් ඇන්ඩෘ ඇඩොනිස් ට්විටර් හරහා පවසන්නේ එංගලන්තය යුරෝපා සංගමය වෙත නැවත පැමිණීම ‘කාලය පිළිබඳ ප්‍රශ්නයක්‘ පමණක් බවයි. නමුත් බ්‍රෙක්සිට් වෙනුවෙන් පෙනී සිටින හිටපු UKIP මහලේකම් පෝල් ඕක්ලි වැන්නුවන් නම් ඒ ගැන කතා කරන්නේ නොරිස්සුම් සහගතව ය.
ටිමර්සන්ගේ ගාඩියන් පුවත්පතට ලියූ ආදර හසුන ඉංග්‍රීසි බසින් මෙතැනින්..
Cover Photo: AFP
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…