එසැණ පුවත්

40 වසරකට පසු Voyage සමඟින් ABBA සජීවී වේදිකාවේ ත්‍රිමාණ සජීවීකරණ ගමන අරඹයි!

සතලිස් වසරක නිහැඬියාවකින් අනතුරුව 70 දශකයේ ගීත අමන්දානන්දය ABBA පළමුවරට සිය සංගීත රාවය ලොව පුරා නාද කළේ ඉකුත් වසරේ සැප්තැම්බර් 02 දිනය. ඒ I Still Have Faith In You සහ Don’t Shut Me Down නමින් ගීත දෙකක් එදිනම එළිදක්වමින්, නවතම ගීත එකතුවක් වූ Voyage නම් සංගීත ඇල්බමය එළිදැක්වීමට නියමිත බවත්, එතනින් මත්තට ත්‍රිමාණ සජීවීකරණ සජීවී සංගීත ප්‍රසංගයක් එළි දැක්වීමට නියමිත බවත් ප්‍රකාශ කරමිනි.

ABBA ගේ සම්ප්‍රාප්තිය පිළිබඳව Outbound Today අප මුල පටන්ම තොරතුරු වාර්තා කළ අතර, මෙම පුවත ලොව පුරා බාල මහළු ABBA රසිකයන්ට එක හා සමානව නෙතට කඳුලක් එක්කිරීමට සමත් විය. ABBA සිය සම්ප්‍රාප්තිය 2021 සැප්තැම්බර් 02 වන දින නිවේදනය කළ අතර, පොරොන්දු වූ පරිදිම නොවැම්බර් 05 වන දින නවතම ගීත දහයකින් සමන්විත Voyage නම් සංගීත ඇල්බමය එළි දැක්වීම සිදුවිය.

මීට අමතරව, I Still Have Faith In You හා Little Things නම් නවතම ABBA ගීත දෙකට සංගීත වීඩියෝ පට දෙකක් නිකුත් කිරීම සිදුවිය.

යළි සංගීත ස්ටුඩියෝවට ගිය ABBA – ඡායාරූපය – බීබීසී

ABBA ලබාදුන් මීළඟ පොරොන්දුව වූයේ ඔවුන්ගේ තරුණ අවධියේ පෙනුම ප්‍රතිනිර්මාණය කළ ත්‍රිමාණ සජීවීකරණ හොලොග්‍රෑම් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමයි. මේ සඳහා එක්සත් රාජධානියේ ලන්ඩනයේ වෙනම සංගීත රංග ශාලාවක් නිර්මාණය කිරීම ආරම්භ විය. 2021 වර්ෂය වන විට එහි ඉදිකිරීම් කටයුතු අවසාන වූ අතර, ප්‍රසංගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියළු පහසුකම් එම රංශ ශාලාවේ ඇතුළත් වේ.

Voyage ව්‍යාපෘතියේ නිශ්පාදන කටයුතු වල ABBA සාමාජික බෙනී ඇන්ඩර්සන්ගේ පුත් ලුඩ්විග් ඇන්ඩර්සන් සිටීම ද විශේෂත්වයකි. ABBA ගේ සම්ප්‍රාප්තිය නිවේදනය කිරීම හා සමඟාමීව රූපවාහිනියේ තිරගත වූ වාර්තාමය වැඩසටහන් වල මෙම හොලොග්‍රෑම් සංගීත ප්‍රසංගය පැවැත්වෙන්නේ කෙසේද යන්න පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලුඩ්විග් ලබා දෙයි.

මෙම හොලොග්‍රෑම් සංගීත ප්‍රසංගය අත්විඳීමට ටිකට්පත් වෙන්කරවා ගැනීම ඉකුත් වර්ෂයේ පටන්ම සිදුවූ අතර, ඒ සඳහා ABBA ගේ නිල වෙබ්අඩවියට අමතරව, ABBA Voyage නමින් වෙනමම වෙබ්අඩවියක් ද නිර්මාණය විය. මීට අමතරව මෙම වෙබ් අඩවිය හරහා ABBA Voyage සංගීත ඇල්බමය, එම ඇල්බමයේ ඇතුළත් සිංගල්ස් හෙවත් තනි ගීත සතරක් – I Still Have Faith In You, Don’t Shut Me Down, Just A Notion හා Little Things – වෙනමම පිටපත් ලෙස, සංයුක්ත තැටි, කැසට්පට හා වයිනයිල් තැටි වශයෙන් මිළදී ගැනීමටත්, ඩිජිටල් වශයෙන් මිළදී ගැනීමටත් පහසුකම් සපයා දී තිබිණි.

ABBA ගේ ත්‍රිමාණ සජීවීකරණ සංගීත ප්‍රසංගය තුළ නව මෙන්ම පැරණි ABBA ගීත රාශියක් ගැයීමට නියමිතව ඇති බවට වාර්තා වේ. මෙම හොලොග්‍රෑම් ප්‍රසංගයේ දී ABBA ගීත 22 ක් වාදනය වීමට නියමිත බවත්, එම ගීත වලට මුල් ABBA සාමාජිකයන් සතර දෙනා වන ඇග්නේතා ෆෙල්ට්ස්කොග්, බියෝර්න් උල්වේයස්, බෙනී ඇන්ඩර්සන් සහ ඇනිෆ්‍රිඩ් ලින්ස්ටඩ් ගේ තරුණ විය ප්‍රතිනිර්මාණය කළ හොලොග්‍රෑම් විසින් ගායන දායකත්වය ලබා දෙන බවත්, සත්‍ය වාදකයන් සිටින පසුබිම් සංගීත කණ්ඩායමක් විසින් සංගීතය සපයන බවත් කවදත් ජාත්‍යන්තර සංගීත වේදිකාවේ පුවත් සැමට පෙර වාර්තා කරන රොලිං ස්ටෝන්ස් පුවත්පත අනාවරණය කරයි.

මෙම ත්‍රිමාණ සජීවීකරණ ව්‍යාපෘතියට අතිජනප්‍රිය චිත්‍රපට නිශ්පාදකවරයකු වන ජෝර්ජ් ලූකස් ගේ Industrial Light & Magic තාක්ෂණ සහාය ද ලැබී ඇති බවට වාර්තා වන අතර, හොලොග්‍රෑම් ABBA සාමාජිකයන් සතර දෙනාට අමතරව වේදිකාවේ සිටින සත්‍ය පසුබිම් සංගීත කණ්ඩායම සංවිධානය කර තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Klaxons කණ්ඩායමේ ජේම්ස් රයිටන් විසිනි.

මීට අමතරව, නව හොලොග්‍රෑම් ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ABBA සාමාජිකයන් සතර දෙනා නව විලාසිතා මාදිලි රැසකින් සැරසී සිටීමට නියමිත බව ද වාර්තා වෙයි. 70 දශකයේ සුපුරුදු බෙල්බොටම්ස් කලාවෙන් ද ඔබ්බට නවතම විලාසිතා මාදිලි රැසකින් මෙම හොලොග්‍රෑම් ABBA සාමාජිකයන් සතර දෙනා සැරසී සිටින බවට සඳහන්. මේ සඳහා අවශ්‍ය විලාසිතා අදහස් ලබා ගැනීමට ලොව ප්‍රකට විලාසිතා සන්නාමයක් වන Dolce & Gabbana සමාගම සමඟ ABBA ගිවිසුම් ගත වී ඇති බව ද වාර්තා වේ.

මෙම Voyage ව්‍යාපෘතිය සඳහා ABBA අතිවිශාල පරිශ්‍රමයක් කැපකර තිබේ. මේ වන විට ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටින ඇග්නේතා, බියෝර්න්, බෙනී සහ ඇනිෆ්‍රිඩ් සතලිස් වසරකට පසු නැවත වරක් සිය රසිකයන් සතුටු කිරීමට සංගීත ස්ටුඩියෝව වෙත පියමැනීමට කටයුතු කළ මොහොතේ සිට, සජීවී ප්‍රසංගය සඳහා එකදිගට සති හයක කාලයක් හොලොග්‍රෑම් සජීවීකරණය සඳහා අවශ්‍ය පදනම නිර්මාණය කර ගැනීමට රංගන කටයුතු වල නියැලීම දක්වා එම පරිශ්‍රමය විහිදී තිබේ. මේ සඳහා ත්‍රිමාණ සජීවීකරණය නිර්මාණය කිරීමට හඳිනු ලබන විශේෂ ඇඳුම් කට්ටල හැඳ ගීත ගායනය කිරීමට මුල් ABBA සාමාජිකයක් සතර දෙනා කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ මෙම කැපවීම පිළිබඳව අදහස් දක්වමින් බෙනී ගේ පුත් ලුඩ්විග් වරක පවසා සිටියේ, මෙම සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණෙන ඔබ දකින්නේ, යම් පුද්ගලයන් සතර දෙනෙකු මුල් ABBA සාමාජිකයන් සතර දෙනා මෙන් ත්‍රිමාණව ප්‍රතිනිර්මාණය වී රංගනයේ යෙදීමක් නොව, සැබෑ මුල් ABBA සාමාජිකයන් සතර දෙනාගේ ආත්මයෙන්ම පැමිණෙන ප්‍රාසාංගික රංගනය බවයි.

ලන්ඩනයේ ඉදිකළ නව ABBA රංග ශාලාව | Photo: Classic Pop Magazine

ලන්ඩනයේ ඉදිකළ නව ABBA රංග ශාලාව | Photo: The SUN

ලුඩ්විගේ ගේ එම ප්‍රකාශය බෙනීගේ පුතු වශයෙන් ඔහුටත්, ලොව මිලියන සංඛ්‍යාත ABBA රසිකයන්ටත් අතිශයින් සංවේදී මොහොතක් බවට පත්විය.

ඒ අනුව එළඹෙන මැයි 27 වන දින ලන්ඩනයේ ක්වීන් එලිසබෙත් ඔලිම්පික් පිටිය තුළ නිර්මාණය කළ රංග ශාලාවේ ABBA යාත්‍රාව නැංගුරම් ලනු ඇති.

Photo: Rolling Stones / BBC / Classic Pop / The SUN

Share

Recent Posts

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

15 hours ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

18 hours ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

1 day ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

2 days ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

2 days ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

2 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

2 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 days ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

3 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

4 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

4 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

4 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

4 days ago