ලොව යන අත

TV එකේ හිටියට කමක් නෑ – මූණ වහගනිල්ලා! – නවතම තලෙයිබාන් නියෝගය

2017 වසරේදී ඇරඹූ සෑන් රූපවාහිනිය (Zan TV station) එවැන්නකි. එය ඇෆ්ගනිස්ථානයේ පමණක් නොව මුළු ලෝකයේම සන්ධිස්ථානයකි. එය ස්ත්‍රීන් විසින් ස්ත්‍රීන්ගේ ප්‍රශ්න කතා කරන ආසියාවේ හොඳම රූපවාහිනී නාලිකාවක් බවට පත් ව තිබිණි. එහි සේවය කරන්නේ 99%ක්ම මාධ්‍යවේදිනියන් ය. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහ අයිතිවාසිකම් ඇතැයි කියන බටහිර රටවල පවා විරල සංසිද්ධියකි.

මේ අතර ගාඩියන් පුවත් සේවය පසුගියදාක වාර්තා කළේ තලෙයිබානයේ තරුණ සටන්කරුවන් රයිෆලය/තුවක්කුව වෙනුවට පෑන් අතට ගෙන ලියන්නට කියන්නට ඉගෙන ගනිමින් සිටින බවයි. එය නිසැකවම සුබ ලකුණකි. නමුත් ස්ත්‍රිය වැනි මාතෘකාවලට එළඹෙන විට ඔවුන්ට තවමත් සිය ‘අමු තලෙයිබාන් ගතිය’ වළක්වා ගත නොහැක.

ඊයේ දිනයේ තලෙයිබාන් පාලනය රූපවාහිනී නිවේදිකාවන් සඳහා සිය නවතම නියෝගය ලබාදුන්නේය. එයට අනුව ඇෆ්ගනිස්ථානයේ සියලු රූපවාහිනී නිවේදිකාවන්, තිරයේ දිස්වන හැම විටම සිය මුහුණු ආවරණය කරගෙන සිටිය යුතුය.

මේ නියෝගය “final and non-negotiable” ය. එනම් අවසානාත්මක වනවා පමණක් නොව, ඒ ගැන කතා කරන්නට ද බැරිය. නියෝගය ලබාදෙන්නේ රටේ තොරතුරු සහ සංස්කෘතික අමාත්‍යාංශයයි.

ඔබ සිතන්නේ ඇෆ්ගන් රූපවාහිනී මාධ්‍යවේදිනියන් මෙයට ප්‍රතිචාර දැක්වූයේ කුමන ආකාරයෙන් කියා ද? TOLO රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රකට නිවේදිකාව සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන යාල්දා අලි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ වහාම වීඩියෝවක් පෝස්ට් කළාය. එහි දැක්වුණේ ඇය සිය රූපවාහිනී සේවාස්ථානය තුළදී මුහුණ අනාවරණය කරගෙන සිටින ආකාරයයි.

https://www.instagram.com/yalda.ali.official/?utm_source=ig_embed&ig_rid=dafd5860-c487-40f0-afe5-6cf404864d1e

ෂම්ෂාද් නාලිකාවේ (Shamshad TV) ඉදිරිපත් කරන්නියක් ද මෙයට ප්‍රතිචාර දැක්වූවාය. ඇය මුලින් මුහුණු ආවරණයක් සහිතව තිරයේ පෙනී සිට, පසුව මුහුණු ආවරණය රහිතව ද තිරයේ පෙනී සිටියාය.

ඔවුන්ට මෙසේ දිගටම රැකියාව කළ හැකිදැයි විශ්වාස නැත. කලින් කී පරිදි මෙම අවාසනාවන්ත තීරණය අවසානාත්මක ය. ඒ ගැන කතා කිරීමට ද බැරි ය.

නමුත් මේ දිරිමත් කෙල්ලන්, හෙට දිනයේ තලෙයිබාන් උණ්ඩයට බිලි වුවත්, අද දිනයේ තමන් – තමන් ලෙස ජීවත් වීමට අදිටන් කරගෙන තිබේ. මේ සටහන ඔවුන්ගේ දිරියට උපහාරයක් ලෙස ලියැවුණකි.

Main Photo: Sky News

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

6 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

8 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

13 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

13 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

13 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

14 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago