ඒ මහා පරිමාණ වංචා හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට ඔහු වරදකරු කරමින්.
ඇලෙක්සි යනු රුසියාවේ ජනපති ව්ලැදිමිර් පුටින් ප්‍රමුඛ ක්‍රෙම්ලින් පාලනාධිකාරිය දරුණුවටම විවේචනය කළ ප්‍රධාන දේශපාලන ක්‍රියාධරයායි.
ඉහත චෝදනා වලට වැරදිකරු කරමින් ඇලෙක්සිට දහතුන් වසරක සිරදඬුවම් පැමිණවීමට රුසියානු අභිචෝදකයන් ඉල්ලා සිටියේ මීට සතියකට පමණ ඉහත දී ය.
ඒ අනුව අද (22) දින අධිකරණ තීන්දුව ප්‍රකාශ කරමින් රුසියාවේ හිටපු විපක්ෂ නායකවරයා ට එම සිරදඬුවම ලබා දීම සිදුවිය.
අභිචෝදකයන් ඉල්ලා සිටියේ ඉහත වරදට අදාළව උපරිම සිරදඬුවම් සහිත මැදිරි පරිශ්‍රයක ඇලෙක්සි රඳවන ලෙසයි.
45 හැවිරිදි ඇලෙක්සි අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් වර්ෂයේ ජනවාරි මස දී ජර්මනියේ සිට පුනරුත්ථාපනය වී යළි නිවෙස් බලා පැමිණෙමින් සිටිය දී ය. ඔහු පුනරුත්ථාපනය වූයේ ඊට ද වසරකට ඉහත දී ගුවන් ගමනක් අතරතුර විෂ ශරීරගත වීමක් සමඟ රෝහල් ගත වීමෙන් අනතුරුව ය.
ඇලෙක්සි දිගින් දිගටම චෝදනා කරනු ලැබුවේ මෙසේ විෂ ශරීරගත වීම රුසියානු රජය විසින් තමා ඝාතනය කිරීමට සූක්ෂම ව දියත් කළ සැලසුමක් බවයි.
ඇලෙක්සි පුටින් ප්‍රමුඛ රජය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මත ඔහු නිහඬ කිරීමට විවිධ අවස්ථා වල රාජ්‍ය අනුග්‍රහය ලද ක්‍රියාන්විතයන් දියත් වී ඇති බවත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස සාවද්‍ය ලෙස මුදල් අක්‍රමිකතා චෝදනා මත ඔහුව සිරභාරයට ගැනීමට රුසියානු රජය කටයුතු කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, මෙම චෝදනා රුසියානු රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඇලෙක්සි ගේ දේශපාලන ව්‍යාපාර වලට ලැබි පවුම් මිලියන 3.5 ක ආධාර සොරකම් කිරීමේ චෝදනාව මත වසර තුනහමාරක සිරදඬුවමක් ඔහුට පනවා තිබිණි. මෙම චෝදනාව ඇලෙක්සි විසින් ප්‍රතික්ෂේප කරයි.
ඔහු රඳවාගෙන සිටි රුසියාවේ මොස්කව් නගරයේ නැගෙනහිර කලාපයේ උපරිම ආරක්ෂාව සපයා ඇති බන්ධනාගාරය තුළදී ම වංචා හා අධිකරණයට අපහාස කිරීමේ නව චෝදනා වලට අදාළ නඩු පැවරීම සිදුවූ අතර, ඊට අදාළ නඩු කටයුත්ත ද බන්ධනාගාර පරිශ්‍රය තුළදී සිදුවිය.
ඒ අනුව, ඉහත චෝදනා වලට අද දින වරදකරු වන ඇලෙක්සි නවාල්නි වසර 13 ක සිරදඬුවමක් විඳීමට නියමිත ය.
ඡායාරූප: ස්කයි නිව්ස්
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…