බින් ලාඩන් – පියා‍ගේ 10 වැනි බිරිඳට උපන් 24 වැනි පුතාද?

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ මව, ප්‍රථම වතාවට ලෝකය හමුවේ කතා කරයි.

ඕනෑම අම්මා කෙනෙකුට තම පුතා ගැන කියන්නට දිගු සහ සංවේදී කතාවක් තිබේ. පුතා ලෝකයක් දිනූ මිනිසකු නම් අම්මා ඒ කතාව දිග හරිනු ඇත්තේ පස්වනත් ප්‍රීතියෙන් පිනා ගිය හදකිනි. පුතා ලෝකයටම අවැඩක් කළ නොහොබිනා මිනිසකු නම් අම්මා ඒ පුතා ගැන කවරක් කියන්න ද?. අඩු තරමින් ඒ පුතා ගැන කිසිවක් කීමට අම්මා පෙරටවත් එයි කියා ඔබ සිතන්නේ ද?. ඒත් අපට මතක කළ නොහැකි එකම එක නියතයක් ඇත. එනම්, ලෝකයා මොනවා, කොහොම කිව්වත් සෑම අම්මා කෙනෙකුටම තමන්ගේ පුතා රටක් වටිනා පුතාම යන්නය. ආලියා ඝානෙම් (Alia Ghanem) කියන්නෙත් එහෙම අම්මා කෙනෙකි.

මෙහි දකුණු පස සිට දෙවැනියට සිටින්නේ බින් ලාඩන් ය. 1971 වසරේදී. | sama bin Laden (second from right) on a visit to Falun, Sweden, in 1971. Photograph: Camera Press

ලෝක ප්‍රකට ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන්, ආලියාගේ ආදරණීය වැඩිමහල් පුතු ය. මනුෂ්‍ය ජීවිත දහස් ගණනක් මහා පොළොවට අහිමි කළ තම පුතා ගැන ඒ අම්මා කවරක් කියනු ඇත්ද?

බින් ලාඩන්ගේ මව සහ පියා | Photograph: David Levene for the Guardian

වෙනස් මිනිහෙක්

“… මගේ ජීවිතය හරිම දුෂ්කර එකක්. මොකද, ඔහු ඉන්නේ මට වඩා හුඟක් දුරින්. ඒ කාලේ ඔහු ඉතා හොඳ කොළු පැටියෙක්. ඔහු මට පුදුමාකාර විධියට ආදරය කළා. … විශ්ව විද්‍යාලයේ හිටිය ඈයෝ තමයි ඔහුව වෙනස් කළේ. … ඔහු වෙනස්ම මිනිහෙක් වුණා. …” කියා ඈ පවසන්නීය. ඈ මේ බව පවසා තිබුණේ බ්‍රිතාන්‍යයයේ පළවන “ද ගාර්ඩියන්” නැමැති පුවත්පතේ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ සම්මුඛ සාකච්ඡාවක නියැලෙමිනි.

යේමන් ජාතික මොහොමඩ් බින් අවාද් බින් ලාඩන් සහ සිරියා ජාතික ආලියා ඝානෙම්ට දාව වැඩිමහල් දරුවා ලෙස බින් ලාඩන් 1957දී උපත ලැබුවේ සෞදි අරාබියේ රියාද් නුවරදී ය. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු හෙතෙම එක්දහස් නවසිය හැත්තෑ ගණන් අග භාගයේදී ජෙඩාහ්හි, අබ්දුල්ලාසීස් රජු විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු බැව් වාර්තාවන්හි දැක්වේ. එහිදී ඔහු හදාලේ කවර විෂයය ධාරාවක්ද යන්න පැහැදිලි නැත. ඇතැම් තැනෙක දැක්වෙන්නේ ඔහු සිවිල් ඉංජිනේරු උපාධියක් සම්පූර්ණ කළ බවකි. සමහර වාර්තාවන් පෙන්වා දෙන්නේ බින් ලාඩන් එම විශ්වවිද්‍යාලයෙන් මහජන පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ගත්තේ යැයි කියාය. ඒ කවරක් වුවත්, ඔහුට එහිදී අබ්දුල්ලාහ් අසාම් නමැති කෙනෙකු හමු වී තිබේ. අබ්දුල්ලාහ් අසාම්, “මුස්ලිම් සහෝදරත්වය” නැමැති සංවිධානයක සාමාජිකයකු ලෙස ක්‍රියා කළ කෙනෙකි. මේ ක්‍රියාකාරකම් හේතුවෙන් සෞදි අරාබියෙන් ඔහුව පසු කලෙකදී නෙරපා දැමූ බව සඳහන් වේ. මේ සිද්ධිවලින් අනතුරුව අබ්දුල්ලාහ් අසාම්, ඔසාමා බින් ලාඩන්ගේ අධ්‍යාත්මික උපදේශක බවට පත් විණ.

මොළ ශෝධනය දක්වා හොඳ පුතෙක්

ආලියා පවසන අන්දමට වයස අවුරුදු විසි ගණන්වල පසුවුණු බින් ලාඩන් ලජ්ජාශීලි, ආගමට දහමට ලැදි, අධ්‍යාපනයෙහි දක්ෂ එහෙත් ශක්තිමත් තරුණයෙකි. අබ්දුල්ලාසීස් රජු විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු තම පුතා රැඩිකල් මත දරන්නකු බවට පත් වූ බව ඈ පවසන්නීය.

“ … මොළ ශෝධනයක් කරන්නට සමත් මිනිසුන් අතට පත්වෙලා, වයස අවුරුදු විසි ගණන්වලදී මොළ ශෝධනයකට ලක්වන තුරු ඔහු (බින් ලාඩන්) හිටියේ ඉතා හොඳ දරුවකු හැටියටයි. … මම හැම වෙලාවේම ඔහුට (බින් ලාඩන්ට) කිව්වා; ඒ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. තමන් මොනවද කරන්නේ කියලා ඔහු මට පස්සේ පස්සේ කිව්වෙත් නැහැ. මොකද, ඔහු මට හුඟාක් ආදරය කළ නිසා. …” යැයි කියා ආලියා පවසා තිබිණ.

එක්දහස් නවසිය අසූ ගණන් මුල භාගයේදී ඔසාමා බින් ලාඩන් ඇෆ්ඝනිස්තානයට ගොස් රුසියානුවන්ට එරෙහිව සටන් කළේය. ඒ මතකය ආවර්ජනය කරමින් ඔසාමා බින් ලාඩන්ගේ අඩ සොයුරු හසන් පවසන්නේ මෙවැනි කතාවකි.

“… ඒ කාලේ ඔහුව හමුවුණු හැම කෙනෙකුම ඔහුට ගරු කළා. … ආරම්භයේදී අපි හැමෝමත් ඔහු ගැන ආඩම්බර වුණා. අනෙකක් තබා සෞදි රජය පවා ඔහුට සැලකුවේ වංශවතෙකුට සලකන විධියට. ඒ වගේම සෞදි රජයත් ඔහුට ගරු කළා. … ඔහුගේ සහෝදරයකු වීම ගැන මම ආඩම්බර වෙනවා. මම ඔහුගෙන් උගත් දේ බොහෝයි. ඒත්, මම මිනිහෙක් හැටියට ඔහු ගැන ආඩම්බර වෙන්නේ නැහැ. ඔහු ගෝලීය මට්ටමේදී ඉතා ඉහළටම ආවා තමයි. ඒත් කිසිවක් වැඩකට ඇති දේවල් නිසා නොවෙයි. …”

බිඳුණු පවුලක් තුළ

ඔසාමා බින් ලාඩන් හැදුනෙ වැඩුනේ බිඳුණු විවාහ සංස්ථාවක් තුළ ය. ඔහුගේ පියා ආලියාව විවාහ කරගෙන තිබෙන්නේ තමන්ගේ දස වැනි භාර්යාව හැටියට බව සඳහන් වේ. ඔසාමා බින් ලාඩන්, ඔහුගේ පුතුන් අතර 17, 18, 19, 20, 21, 22, 23 වැනි හෝ 24 වැනි හෝ පුතා බව සඳහන් වේ. ඔහු ඉපැදී වසර තුනක් වැනි කාලකින්ම ඔසාමා බින් ලාඩන්ගේ පියා, ආලියාව දික්කසාද කර වෙනත් විවාහයක් කරගෙන ඇත. එම දික්කසාදයෙන් වසර කිහිපයක් ගතවන විට ආලියා, මොහොමඩ් අල් අතාස් නැමැති වෙනත් කෙනෙකු සමඟ විවාහ වී තිබේ. මොහොමඩ් අල් අතාස් සමඟ විවාහයෙන් ආලියා පුතුන් තිදෙනෙකු සහ දියණියක ලත් බව සඳහන් වේ. හසන් යනු ඉන් එක් පුතෙකි. ආලියාගේ දෙවන විවාහයේ සැමියා ඔසාමා බින් ලාඩන්ට ඉතා ආදරයෙන් සැලකූ බවත් ආලියා සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කර තිබිණ. මේ විධියට ගොඩනැඟුණු පවුලේ සාමාජිකයන් 1999 දී ඇෆ්ඝනිස්තානයේ ඛණ්ඩහාර් වෙත දෙවරක් පැමිණ ඔසමා බින් ලාඩන්ව හමු වුණු අන්දමත් “ද ගාර්ඩියන්” පුවත්පතට විස්තර කර තිබුණේය.

“… අපි පැමිණියේ ගුවන් තොටුපොළ ආසන්නයේ තිබුණු පෙදෙසකට. ඒ පෙදෙස, රුසියා ග්‍රහණයෙන් මුදාගෙන තිබුණේ අපි එහි ළඟා වනවිට. ඔහු (ඔසාමා බින් ලාඩන්) ඒ වනවිට හුඟක් සන්තෝෂයෙන් හිටියේ. අපි හිටිය ප්‍රදේශයේ අවට ඔහු අපට පෙන්නුවා. ඔහු සතුන් මැරුවා. අපි විශාල භෝජන සංග්‍රහ පැවැත් වූවා. ඒ සඳහා ඔහු හැම කෙනෙකුටම ආරාධනා කළා. …”

ආලියා, සිය පුතුගේ ජිහාඩ් චර්යාවන් ගැන දන්නේ නැත. ඒ සම්බන්ධයෙන් දන්නා ටික වුව කතා කරන්නට ඈ ඉදිරිපත් වන්නේ ද නැත. ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ තවත් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම හෙවත් 9/11 සිද්ධිය සම්බන්ධයෙන් ඈ දරන්නේ එනිසා වෙනස්ම මතයකි.

“… 9/11 සිද්ධියෙන් පසු වසර 17ක් පමණ ගෙවිලා ගිහින් තියෙනවා. ඒත් ඒ සම්බන්ධයෙන් ඔසමා බින් ලාඩන්ට එල්ල වන චෝදනා තවමත් ඈ ප්‍රතික්ෂේප කරනවා. ඇය ඔහුට හුඟක් ආදරෙයි. ඒ නිසා ඔහුට චෝදනා කරන එක ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට ඈ කරන්නේ ඔහු වටා සිටි අයට චෝදනා නඟන එක. ඔහුගේ හොඳ පිරිමි ළමයා කියන පැත්ත විතරයි, ඈ දන්නේ. ඔහුගේ ජිහාඩ් හැසිරීම් ගැන ඈ දන්නේ නැහැ. …” කියා පවසන්නේ ඔසාම බින් ලාඩන්ගේ අඩ සොයුරු අහ්මඩ් ය.

9/11 ප්‍රහාර සිදුවුණු අවධියේදී මුහුණ දුන් අත්දැකීම් ගැන පැහැදිලි කරමින් අහ්මඩ් වැඩිදුරටත් කියා තිබුණේ මෙවැන්නකි.

“… ඒක හරිම ආගන්තුක හැඟීමක්. පළමුවෙනි පැය හතලිස් අට ඇතුළතම අපි දැනගෙන හිටියා, ඔසාමා දෙසට චෝදනා එල්ල වන බව. අපේ පවුලේ බාලම පුද්ගලයාගේ සිට වැඩිමහල්ම පුද්ගලයා දක්වා හැම කෙනෙකුම ඔහු ගැන ලැජ්ජාවට පත් වුණා. භයංකර ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවන බවත් අපි සියලුදෙනාම දැනගෙන හිටියා. විදේශගත වෙලා හිටිය අපේ පවුලේ අය සෞදියට ආවා. … සෞදිය තුළදී අපේ ගමනාගමනයත් තහනමකට ලක් වුණා. හැකි තරම් ඔවුන් අපේ පවුලේ කටයුතු පාලනය කරන්න පටන් ගත්තා. …”

එදා ඒ විධියට පාලනයකට යටත්ව හිටි ඔසාමා බින් ලාඩන්ගේ ඥාතීහු සෞදි ආරාබියේ ජෙඩාහ් නුවර දැන් වාසය කරති. බින් ලාඩන් පාකිස්තානයේදී ඝාතනයට ලක් වී නව වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද අසූ හතර හැවිරිදි මව හෝ අනෙකුත් ඥාතීන් හෝ ඔහු ගැන මාධ්‍ය හරහා කතා කරන්නට ඉදිරිපත් වී නැත.

එහෙත් ඔසාම බින් ලාඩන්ගේ ගරිල්ලා සාමාජිකයකු ලෙස සැරසී සිටින අන්දම දැක්වෙන ඡායාරූපයක් ඒ මව වෙසෙන නිවෙසේ සාලයේ තවමත් තිබේ. පුතා ලෝක ත්‍රස්තවාදියකු වුවත් අම්මාට පුතා, පුතාමය. හොඳ පුතාටත් නරක පුතාටත් අම්මාගේ ආදරයේ වෙනසක් නැත.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

15 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

17 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

18 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

19 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago