අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15) ලන්ඩන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී විශේෂ කටයුත්තක් සිදු කෙරිණි. ඒ හිටපු එංගලන්ත නායක ඇන්ඩෘ ස්ට්‍රෝව්ස්ගේ හිටපු බිරිඳ වෙනුවෙන් අද දිනය වෙන් කිරීමයි.
ඇන්ඩෘ ස්ට්‍රෝව්ස්ගේ බිරිඳ රුත් ස්ට්‍රෝව්ස් පසුගිය දෙසැම්බර් මාසයේදී මියගියේ පෙනහළු පිළිකාවක් හේතුවෙනි.
ඇයව සිහිපත් කිරීම සඳහා ඇන්‍ඩෘ ස්ට්‍රෝව්ස්ගේ ප්‍රධානත්වයෙන් පිළිකා අරමුදලක් පිහටවූ අතර එය නම් කළේ RedForRuth නමිනි. ඊට හේතුව රුත් ස්ට්‍රෝව්ස්ගේ ප්‍රියතම වර්ණය රතු පැහැය වීමයි.
ඒ අනුව අද දිනයේදී RedForRuth පදනම වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීම සිදු වූ අතර එංගලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ ඒ සඳහා ලෝර්ඩ්ස් වෙත පැමිණ සිටි ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී තිබූ බවයි. දිනය අවසන් වනවිට RedForRuth පදනම සඳහා ස්ටර්ලින් පවුම් 385,000 ඉක්මවන තරමේ මුදල් ප්‍රමාණයක් ලැබී තිබිණි.
ස්ට්‍රෝව්ස් – රූත් යුවළගේ පුතුන් දෙදෙනා වන ලුකා සහ සෑම් එක්ව, ලෝර්ඩ්ස් ටෙස්ට් තරගවලට පමණක් ආවේණික සීනුව නාද කිරීමෙන් පසුව දෙවැනි දිනයේ තරගය ආරම්භ කෙරිණි.
ලෝර්ඩ්ස් වෙත එක්ව සිටි ප්‍රේක්ෂකයන්, විස්තර විචාරකයන් රුත්ගේ ප්‍රියතම පැහැය වූ රතු පැහැයෙන් සැරසී සිටි අතර එය දුටු ඇන්‍ඩෘ ස්‍ට්‍රෝව්ස් ඉතා හැඟීම්බරව අදහස් දැක්වීය. සිය බිරිඳගේ ප්‍රියතම වර්ණය පැළඳීම ගැන තමන් ආඩම්බර වන බවත්, තමාටත් දරුවන් දෙදෙනාටත් මෙය අතිශය හැඟුම්බර අවස්ථාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සංකේතාත්මකව රතු පැහැති තොප්පි පැළඳ ක්‍රීඩා කළ අතර තරගය අතරතුර RedForRuth පදනම සඳහා අවශ්‍ය අරමුදල් වෙනුවෙන් දෙපිලේ ක්‍රීඩකයන්ගේ ටී ෂර්ට් සහ කැප් තොප්පි වෙන්දේසියක් ද සංවිධානය කර තිබිණි.
උපුල් නිශාන්ත
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…