ඉරානයේ මහ බැංකුව සහ එරට රජයේ වෙබ් අඩවිවලට හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉරාන මහ බැංකුව ඇතුළු රජයේ වෙබ් අඩවිවලට පිවිසුම අද (21) දින අවහිර වී තිබේ.
මෙම හැකර් ප්‍රහාරය දියත්කර තිබෙන්නේ තනි හැකර් කණ්ඩායමක් විසින් නොවන අතර, අන්තර්ජාල හැකර්වරුන්ගේ එකුමුතුවක් විසින් බවයි වාර්තා වන්නේ.
මෙම හැකර්වරුන්ගේ එකමුතුව, වෙබ් අඩවි අවහිර කිරීම ව්‍යාපාරයක් සේ පවත්වාගෙන යන, තමා හැකර් ක්‍රියාධරයන් (hacktivist) යනුවෙන් හඳුන්වා ගන්නා “ඇනෝනිමස්” නම් හැකර් ව්‍යාපාරය හා සබඳතාවයක් තිබෙන බවයි ඊශ්‍රායලයේ ප්‍රමුඛතම පුවත් වෙබ් අඩවියක් වන ජෙරුසලම් පෝස්ට් වාර්තා කරන්නේ.
මෙම හැකර් එකමුතුවේ නම ස්පයිඩර් (Spid3r) වන අතර, තම එකමුතුව ඉරාන රජයේ වෙබ් අඩවි හැක්කළ බව සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.
එමෙන්ම, මෙවන් හැකර් ප්‍රහාර සිදුකරන්නේ, ඉරාන රජයට විරෝධය පාන ජනතාව වෙනුවෙන් සයිබර් මෙහෙයුම්වලට සහාය පළකිරීමේ අරමුණින් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ඉරානයේ ඒකාධිපති පාලනය සහ මිනීමරු පොලිස් නිලධාරීන් පවතින තුරාවට ඔවුන්ගේ අන්තර්ජාල පැවැත්ම අතුගා දැමීමට මෙවන් මෙහෙයුම් දිගටම දියත් කරනු ඇති බවත්, ඉරානයේ පීඩිත පාලනය හමුවේ ඉරාන ජනතාව තනිවී නැති බවත් ඔවුහු වැඩිදුරටත් තම සමාජ මාධ්‍ය සටහන හරහා පවසා සිටිති.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…