ගෝලීය වෙළඳපොළ තුළ විශාල කැළඹීමක් ඇති වීමට හේතු වූ මෙම පුවත අනාවරණය වී තිබෙන්නේ ටිම් කුක් විසින් ඇපල් සමාගමේ කොටස් හිමියන් වෙත යවා ඇති ලිපියකිනි. එයට අනුව සමාගමේ විශාලතම පාඩුව ‘ග්‍රේටර් චයිනා‘ කලාපයෙන් වාර්තා වේ. හොංකොං සහ තායිවානය ද මෙයට අයත් ය. ඇපල් උපාංග අලෙවියෙන් 20%කට වඩා වගකියන්නේ මෙම කලාපයයි.
තමන් විසින් මෙවැනි අවදානමක් පිළිබඳ බලාපොරොත්තුවෙන් නොසිටි බව ද ඇපල් ප්‍රධානියා තවදුරටත් අවධාරණය කරයි.
මෙම ලිපියේ වැඩිදුර තොරතුරු ප්‍රසිද්ධ වීමත් සමග ඇපල් කොටස් වෙළඳාම ද ඇණ හිටියේය.
අනතුරුව කොටස් වෙළඳාම ආරම්භ වන විට කොටස් මිල 8%කින් පමණ පහළ බැස තිබුණේ, සමාගමේ කොටස් වෙළඳපොළ වටිනාකමෙන් ඩොලර් බිලියන 55 ක මුදලක් අහිමි කරමිනි.
සිය ආදායම පහළ බැසීමට ප්‍රධාන කාරණය චීන ආර්ථිකය අඩාල වීම වශයෙන් හඳුනාගන්නා ටිම් කුක්, දෙවැනි කාරණය වශයෙන් හඳුනාගන්නේ ඇමරිකාව සහ චීනය අතර පවතින වාණිජ යුද්ධයයි. ඇතැම් චීන සමාගම් සහ චීන ආයතන විසින් සිය සේවකයන් හට ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරන්නැයි කියා තිබෙන බව ද මේ අතර වාර්තා වේ.
‘‘චීනය පුරා සමාගම් විසින් සිය කාර්ය මණ්ඩලයන් වෙත ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරන හුආවෙයි (Huawei) නිෂ්පාදන වෙත තම සහාය දක්වන්නැයි ඉල්ලීම් කර තිබේ‘‘ යැයි CNN පුවත් සේවය පවසයි. එයින් නොනැවතී ඇපල් නිෂ්පාදන පාවිච්චි කර හසුවන අයට දඬුවම් කරන බවට ද ඇතැම් චීන සමාගම් විසින් නිවේදන නිකුත් කර ඇත. එසේම චීන නිෂ්පාදන මිලට ගන්නන් සඳහා සහන සැලසීමට ද ඇතැම් සමාගම පියවර ගෙන තිබේ.
කෙසේ හෝ මේ සියලු කාරණාවල ප්‍රතිඵලයක් වශයෙන් 2018 වසරේ අවසන් කාර්තුවේදී ඇපල් සමාගමේ ඉපැයීම් ඩොලර් බිලියන 93 සිට ඩොලර් බිලියන 84 දක්වා අඩු වී තිබේ.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…