එය පැයට සැතපුම් 250 ක වේගයකින් යුත් ඉලෙක්ට්‍රික් හයිපර් මෝටර් රථයකි (250mph electric hypercar).
එයට තත්පර 1.69 ක් ඇතුළත පැයට සැතපුම් 60 ක වේගයකට ත්වරණය විය හැකිය.
මෙය නිපදවා තිබෙන්නේ ජපානයේ ‘ඇස්පාක් ඔව්ල්‘ (Aspark Owl) සමාගම විසිනි. එය සම්පූර්ණයෙන්ම විදුලි මෝටර් රියකි.
පසුගිය නොවැම්බර් 12-16 අතර පැවති ඩුබායි මෝටර් රථ ප්‍රදර්ශනයේදී මෙම මෝටර් රථය දොරට වැඩියේය.
මීට පෙර ‘රිමාක් කන්සෙප්ට් 2‘ නමින් නිපදවූ සුපිරි මෝටර් රථයට පැයට සැතපුම් 60 ක වේගය ලබාගැනීම සඳහා තත්පර 1.85 ක් ගත විය. ටෙස්ලා සමාගම විසින් නිපදවූ ‘රෝඩ්ස්ටා ‘ මෝටර් රථය ද පැයට සැතපුම් 60 ක වේගයක් ලබාගැනීමට තත්පර 1.9 ක කාලයක් ගත කරයි.
ඒ අනුව මෙම ඇස්පාක් සමාගමේ මෙම මෝටර් රථය අවිවාදයෙන්ම සැලකෙන්නේ මේ වන විට ලෝකයේ තිබෙන වැඩිම ත්වරණ බලයක් සහිත සුපිරි මෝටර් රථය වශයෙනි.
ත්වරණ වාර්තාවට අමතරව ඇස්පාක් මෝටර් රථය, ජපානයේ නිෂ්පාදිත පළමු-පූර්ණ ලෙස විදුලි බලයෙන් ක්‍රියාත්මක වන, ටොප් ටයර් සුපිරි මෝටර් රිය (top-tier supercar) බවට ද පත් වේ.
මහා මාර්ගවල පැද යා හැකි (ඒ සඳහා නීතිමය බාධාවන් නැති) ලෝකයේ වේගවත්ම සුපිරි කාර් අතරට ද මේ ඇස්පාක් රථය එක්වීමට නියමිත ය.
2020 මාර්තු මස ජර්මනියේ නියුරම්බර්ග් නුවරදී මෙම සුපිරි විදුලි මෝටර් රථයේ ටයර, මහ පොළොව සිප ගන්නවා ඇත.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…