Gossip

නයිජීරියාවේ සන්නද්ධ කල්ලි ප්‍රහාරවලින් 160 ක් මිය ගොස් 300 ක් තුවාල ලබයි

සන්නද්ධ කණ්ඩායම් මධ්‍යම නයිජීරියාවේ ගම්මානවලට එල්ල කළ ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 160 ක් මිය ගොස් 300 ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

බොක්කෝස් කලාපයේ ගම්මාන 18ක්, බාර්කින් ලඩි ප්‍රදේශය, ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් මරණ වාර්තා වී ඇති අතර කොල්ලකරුවන් වශයෙන් හඳුන්වන සන්නද්ධ කණ්ඩායම් වඩාත් හොඳින් සන්නද්ධ වී ප්‍රහාර දියත් කර විශාල නිවාස සංඛ්‍යාවක් ද ගිනිබත් කර තිබේ.

මෙම සන්නද්ධ කණ්ඩායම් කාලාන්තරයක් පුරා වයඹ සහ මධ්‍යම නයිජීරියාව කඳවුරුවල රැදී සිටිමින් කප්පම් සඳහා නිවැසියන් කොල්ලකෑමට සහ පැහැර ගැනීමට පුරුදු වී ඇති අතර ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රජාවන්ට නිරන්තරයෙන් එල්ල වන මාරාන්තික ප්‍රහාර අවසන් කිරීමට නයිජීරියානු බලධාරීන් අපොහොසත් වී ඇති බවට රජයට චෝදනා එල්ල වී තිබේ.

නයිජීරියාවේ වැඩි වශයෙන් මුස්ලිම්වරුන් වෙසෙන උතුර සහ ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානි දකුණ අතර බෙදුම් රේඛාවේ පිහිටා ඇති කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන අතර ශීඝ්‍ර ජනගහන වර්ධනය සහ දේශගුණික පීඩනය හේතුවෙන් තීව්‍ර වූ සංචාරක එඬේරුන් සහ ගොවීන් අතර ස්වභාවික සම්පත් සඳහා වන තරඟය සමාජ ආතතීන් උත්සන්න කිරීමටද හේතු වී තිබේ.

සශිකලා මධුෂාණි

Share

Recent Posts

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

1 hour ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

20 hours ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

24 hours ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

2 days ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

2 days ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

3 days ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

3 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

3 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

3 days ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

3 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

3 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

4 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

4 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

4 days ago