මෙම ප්‍රථම භූමිකම්පාවට අමතරව රිෂ්ටර් මාපකයේ 6.3 ක් සනිටුහන් කළ දෙවෙනි හා තුන්වෙනි භූමිකම්පා තත්ත්වයක් ද එම කලාපයේ ම හටගෙන තිබේ.
එරට වේලාවෙන් අද (02) දින උදෑසන 2 ට හටගත් මෙම භූමිකම්පා තත්ත්වය නිසා පොළෝ ඉරිතලා යෑම් 24 ක් සිදුව ඇති අතර, ඉන් ඉරානයේ හෝමොස්ගන් පළාතේ ගල්ෆ් වෙරළ ආසන්නයේ පිහිටි සයේ කෝෂ් ගම්මානය සමතලා වී තිබේ. අවසාන වරට පොළොව ඉරිතලා යාමක් සිදුව ඇත්තේ උදෑසන 08ට පමණ ය.
තුවාල ලැබූ සියල්ල රෝහල් ගත කර ඇති අතර, ප්‍රතිකාර ගෙන මුදා හැර ඇති බව සඳහන්.
ජීවිත හානි සිදුව තිබෙන්නේ පළමු භූමිකම්පා තත්ත්වයේදී පමණි. ඉන් පස්දෙනෙකුගේ ජීවිත බිලිගෙන තිබේ.
මේ වන විට සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති බව ද වාර්තා වේ.
මෑත වසරවලදී විනාශකාරී භූකම්පා කිහිපයකටම ඉරානය ගොදුරු වූ අතර, භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ප්‍රධාන භූ විද්‍යාත්මක දෝශ භූමිය පුරා තිබෙන බවයි. 2003 වර්ෂයේ දී ඉරානයේ කර්මන් පළාතේ හටගත් රිෂ්ටර් මාපකයේ 6.6 ලෙස සනිටුහන් වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 31,000 ක් ජීවිතක්ෂයට පත්වූ අතර, එහි පැරණි නගරය වන බාම් සම්පූර්ණයෙන්ම සුනුවිසුණු වී ගියේය.
ඡායාරූප: රොයිටර්
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…