කාබුල් නුවර ඇද වැටීමට පෙර ද ඇෆ්ගනිස්ථානය තුළ ලක්ෂ 5.5 ක් දෙනා ට සිය නිවෙස්වලින් පළා යාමට බල කෙරී තිබිණි. එසේ පවසන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) යි. ඒ අනුව නවතම ඇස්තමේන්තු අනුව සිය රට තුළ අවතැන් වූ හෙවත් IDP බවට පත් වූ ඇෆගන් ජාතිකයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් මිලියන 3.5 හෙවත් ලක්ෂ 35 කි.
පහත දැක්වෙන්නේ 2018 සිට මේ දක්වා ඇෆ්ගන් දේශසීමා අතරතුරදී දේශපාලනික අස්ථාවරත්වය සහ ගැටුම් හේතුවෙන් අවතැන් භාවයට පත් වූ ඇෆ්ගන් ජනතාවගේ වැඩිවීමයි.
මේ අවස්ථාව වන විට එම සංඛ්‍යාව අවිනිශ්චිත ය. තලෙයිබාන් සටන්කරුවන් පැහැදිලිවම කියා තිබෙන්නේ වැසියන් රට දමා නොයා යුතු බවයි. වාර්තාවලට අනුව වාණිජ කටයුතුවල නිරත වන්නන් සහ වලංගු ගමන් බලපත්‍ර ඇති අයට පමණක් රටෙන් පිටව යා හැකි බව තලෙයිබාන් සංවිධානය කියා තිබේ.
‘‘ඇෆ්ගනිස්ථානයෙන් අති බහුතරයකට සාමාන්‍ය ක්‍රම හරහා රටෙන් පිටව යාමට අවස්ථාවක් නැහැ..‘‘ එසේ පවසන්නේ UNHCR ප්‍රකාශකවරයෙකි. ඔවුන්ට රටෙන් පිටව යාමට විධිමත් ක්‍රම තිබෙන්නේ 2 ක් පමණි. එනම් දේශසීමා සහ ගුවන්තොටුපොළ හරහා ය. කාබුල් ගුවන්තොටුපොළ හැරුණු විට සෙසු සියලු දේශසීමා සහ ගුවන්තොටුපොළවල් මේ වන විට තිබෙන්නේ තලෙයිබාන් පාලනය යටතේ ය.
කෙසේ නමුත් ඇතැම් සරණාගතයෝ මේ වන විටත් රටෙන් පිටව යාමට කෙසේ හෝ මාර්ග සොයාගෙන සිටිති.
කාබුල් නුවර ඇද වැටුණු වහාම දහස් ගණන් පිරිසක් පාකිස්ථානයට පැමිණ තිබේ.
1500 ක පමණ පිරිසක් උස්බෙකිස්ථානය බලා ගොස් තිබේ. ඔවුන් මේ වන විට ජීවත් වන්නේ දේශසීමාවට යාබද කූඩාරම්වල ය.
සිකුරාදා දිනයේ නේටෝ සංවිධානය පැවසූ පරිදි 18,000 ක් දෙනා රටෙන් පිටතට ගෙන යාමට හැකි ව තිබේ. නමුත් එයින් කී දෙනෙක් ඇෆ්ගන් ජාතිකයන්දැයි පැහැදිලි නැත.
අසල්වැසි රටවල් අතරින් වැඩිම ඇෆ්ගන් සරණාගතයන් පිරිසක් දරා සිටින්නේ පාකිස්ථානය සහ ඉරානයයි. පසුගිය වසරේ තත්වය එයයි. ඒ අනුව 2020 වසරේදී ඇෆ්ගන් වැසියන් මිලියන 1.5 ක් පාකිස්ථානය බලා පළා ගොස් ඇති අතර, ඉරානයේ 780,000 ක් ඇෆ්ගන් ජාතිකයෝ සිටිති. (මූලාශ්‍රය – UNHCR)
පහත දැක්වෙන්නේ 2020 වසරේදී ඇෆ්ගන් සරණාගතයන් භාරගත් රටවල් සහ එම ප්‍රමාණයන් ය. එහි 3 වැනි තැන ජර්මනියටත්, 4 වැනි තැන තුර්කියටත් හිමි ව තිබේ.
නමුත් මේ සියලු රටවල් ඇෆ්ගන් සරණාගතයන්ට ‘සුරැකි දෙව්ලොවක්‘ ලබාදෙන්නේ නැත. ඇතැම් රටවල් ලබාදෙන්නේ කූඩාරම් පමණි. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ සාරාංශයකි.
ඉරානය, ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ තිබෙන පළාත් 3 ක ඇෆ්ගන් සරණාගයන් වෙනුවෙන් හදිසි කූඩාරම් දැනටමත් ඉදිකර තිබේ. නමුත් ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ‘‘තත්වය යහපත් වූ පසුව ඔවුන්ව ආපසු හරවා යවන බව‘ ය. ඉරානයේ දැනටමත් ඇෆ්ගන් ජාතිකයෝ මිලියන 3.5 ක් ජීවත් වෙති. (මූලාශය UN)
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ජූනි මාසයේදී පැවසුවේ, තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගතහොත්, පාකිස්ථාන්-ඇෆ්ගනිස්ථාන් දේශසීමාව මුද්‍රා තබන බවකි. නමුත් වාර්තාවලට අනුව ඇෆ්ගන් වැසියන් දැනටමත් දෙතුන් දහසක් පාකිස්ථානය බලා පළා ගොස් තිබේ. අවම වශයෙන් එක් දේශසීමාවක් හෝ විවෘතව තබා ඇති බව ඒ අනුව පැහැදිලි ය.
සොල්දාදුවන් සහ ඇෆ්ගන් ජාතික හමුදාවේ සාමාජිකයන් ඇතුළුව දහසකට අඩු පිරිසක් ටජිකිස්ථානය බලා දැනටමත් පළා ගොස් ඇත. ජූලි මාසයේදී ටජිකිස්ථානය පැවසුවේ, ඇෆ්ගන් සරණාගතයන් 100,000 ක් දක්වා භාරගැනීමට තමන් සූදානම් බවයි.
ඇෆ්ගන්-උස්බෙකිස්ථාන් දේශසීමාව හරහා 1,500 දෙනෙක් පමණ උස්බෙකිස්ථානයට ඇතුල් වී සිටියි. ඔවුන් සඳහා කඳවුරක් ඉදි කර ඇත.
දිගු කාලීන පදනම යටතේ ඇෆ්ගන් සරණාගතයන් 20,000 ක් දෙනා භාරගැනීමට තමන් කැමති බව එක්සත් රාජධානිය කියා ඇත. පළමු වර්ෂයේ දී Afghan Citizens’ Resettlement Scheme යටතේ එක්සත් රාජධානියේ 5,000 ක් දෙනා පදිංචි කෙරෙනු ඇත. කාන්තාවන්, ළමුන් මෙන්ම ආගමික සහ සෙසු සුළුතරයන් මෙහිදී ඔවුන්ගේ විශේෂ අවධානයකට යොමු වෙයි.
ඇෆ්ගන් පවුල්, කාබුල් ගුවන්තොටුපොළෙන් යාමට නියමිත ඇමරිකානු හමුදා ගුවන් යානාවක් තුළ (GETTY IMAGES)
ජනපති ජෝ බයිඩන් විසින් ඇෆ්ගන් සරණාගතයන් සඳහා ඩොලර් මිලියන 500 ක් වෙන් කර තිබෙන්නේ ‘අනපේක්ෂිත හදිසි සරණාගතයන් සහ සංක්‍රමණිකයන්ගේ අවශ්‍යතා‘ සඳහා ය. නමුත් ඇෆ්ගන් වැසියන් කී දෙනෙකුට මෙම පහසුකම ලැබේදැයි නිශ්චිත නැත.
ඇෆ්ගන් සරණාගතයන් 20,000 කට සිය රටේ පදිංචිය ලබාදීමට කැනඩාව කැමැත්ත පළ කරයි. රජයේ සේවකයන් සහ කාන්තා නායිකාවන් මේ අතර වේ.
මානුෂවාදී වීසා ක්‍රමය යටතේ 3,000 ක් දෙනා සිය රට තුළට ඇතුල් කර ගැනීමට ඔස්ට්‍රේලියාව කැමැත්ත පළ කළේය. නමුත් වීසා වැඩසටහන යටතේ ඉතිරිව තිබෙන අවස්ථාවන්ට පමණක් නව ඇෆ්ගන් සරණාගතයන් සලකා බැලෙනු ඇත.
2015 වසරේ අත්දුටු සංක්‍රමණික අර්බුදය නැවත වරක් අත්දැකීමට තමන් සූදානම් නැති බව යුරෝපා සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙක් ප්‍රකාශ කර තිබේ.
සරණාගතයන්ගෙන් ‘සමහර කෙනෙක්‘ සාදරයෙන් පිළිගැනීමට තමන් සූදානම් බව ජර්මනිය කියා තිබෙන්නේ නිශ්චිත වශයෙන් සංඛ්‍යාවක් සඳහන් නොකරමිනි. 2015 වසරේ සංක්‍රමණිකයන් ලක්ෂ ගණනකට සිය රටේ දොර විවෘතකර දීම නිසා චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත් විවේචනයන්ට ද හසුවූවාය. දැන් ඇය විශ්‍රාම ගැනීමට සූදානම් වන අතර, ඇය කියා තිබෙන්නේ ජර්මනිය වෙනුවට ‘ඇෆ්ගනිස්ථානයට අසල්වැසි ආරක්ෂිත රටවලට සරණාගතයන් යොමුවීම‘ වඩා යහපත් බවයි.
ඇෆ්ගනිස්ථානයෙන් පැමිණිය හැකි ‘නීති විරෝධී සංක්‍රමණිකයන් රැල්ලෙන්‘ යුරෝපය ආරක්ෂා විය යුතු බව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැහැදිලිවම කියා ඇත. ප්‍රංශය උනන්දු වන්නේ ‘වඩාත්ම අවදානම්කාරී තත්වයන් තුළ පසුවන ඇෆ්ගන් ජාතිකයන්‘ රැක ගැනීමට පමණි. ‘‘යුරෝපයට පමණක් මෙහි ප්‍රතිවිපාක භාරගැනීමට නොහැක‘‘ යනුවෙන් ද ඔහු කියා තිබේ.
කිසිදු සරණාගතයෙක් භාර නොගන්නා බවට ඔස්ට්‍රියාව තීන්දු කර තිබේ. ඇෆග්නිස්ථානයේ සිට පැමිණ දේශපාලන රැකවරණය පැතූ අය රටෙන් පිටුවහල් කළ යුතු බව අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පවසයි. තවද ඇෆග්නිස්ථානයට යාබද රටවල ‘පිටුවහල් මධ්‍යස්ථාන‘ ඉදි කළ යුතු බව ද ඔහු කියා තිබේ. එයට හේතුව, ඇෆ්ගනිස්ථානයට සෘජු ලෙස පිටුවහල් කිරීම, කළ නොහැකි දෙයක් වන නිසා ය.
ඇෆ්ගනිස්ථානයේ සිට සෘජුව පැමිණෙන විශාල සරණාගත කණ්ඩායම් භාර නොගන්නා බව ස්විට්සර්ලන්තය කියා තිබේ.
තුර්කි දේශසීමාවේ රැඳී සිටින ඇෆ්ගන් පවුලක් (GETTY IMAGES)
ඇෆ්ගනිස්ථානය දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීමට තමන් පාකිස්ථානය සමග එක්ව ක්‍රියාකරන බව තුර්කිය පවසයි. ඒ, තුර්කියට අලුත් සරණාගත රැල්ලක් පැමිණීම වළක්වාගන්නට ය. සංක්‍රමණිකයන් පිටතින් තැබීම සඳහා තායිප් එර්දොගාන් රජය මේ වන විට ඉරාන දේශසීමාවේ ඉදිකරමින් තිබූ දේශසීමා තාප්පයේ කටයුතු ද නතර කර තිබේ.
ඇමරිකාවේ ඉල්ලීම මත තමන් පිළිවෙළින්, සරණාගයන් 450 ක් සහ 300 ක් දෙනා පිළිගැනීමට සූදානම් බව උතුරු මැසිඩෝනියාව සහ ඇල්බේනියාව කියා තිබේ. ඔවුන්ට ඇමරිකානු සංක්‍රමණික වීසා ලබාගන්නා තෙක් එහි රැඳී සිටිය හැකිය.
මේ අතර කොසෝවෝ රාජ්‍යය, ඇමරිකාව බලා යන තෙක් සරණාගතයන්ට තාවකාලික නිවස්න ලබාදීමට සැරසෙයි.
ඇෆ්ගන් සරණාගයන් 2,000 ක්දෙනා ලබාගැනීමට උගන්ඩාව කැමැත්ත පළ කර තිබේ. අප්‍රිකානු රටක සිටින වැඩිම සරණාගත ජනගහනය දැනටමත් සිටින්නේ මෙම නැගෙනහිර අප්‍රිකානු දේශයේ ය. තවද ලෝකයේ සරණාගත ජනගහනයෙන් 1/3 ක් ජීවත් වන්නේ ද උගන්ඩාවේ ය.
මුල් ලිපිය – BBC : Afghanistan: Where will refugees go after Taliban takeover?
ප්‍රධාන ඡායාරූපය – GETTY IMAGES
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…