1985-1992 අතර කාලයේ ඇමරිකානු රූපවාහිනිය ඔස්සේ විකාශය වු ‘ද ගෝල්ඩන් ගර්ල්ස්’ සිට්කොම් මාලා නාටකය ඔස්සේ සොෆියා හෙවත් රත්තරන් කෙල්ල බවට පත් ව හොඳම ප්‍රහසන මාලා නාටකය ලෙස එමී සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රැසක් දිනා දුන්නේ ඇය බව නොරහසකි. විනෝදාස්වාදය සපයන්නියක ලෙස ඉතිහාසයේ වැඩිම කාලයක් ඇමරිකානු රූපවාහිනී ක්ෂේත්‍රයට දායක වූ තැනැත්තිය ලෙස ගිනස් වාර්තා පොතට 2013 වසරේදී එක් වී තිබියදීත් ඇය තවත් දශකයට ආසන්න කාලයක් පුංචි තිරයේ රැඳී සිටින්නීය. ඇය බෙටී වයිට් ය. 2022 ජනවාරි 17 දාට ඇගේ වයස අවුරුදු 100 කි.
“Saturday Night Live” ජනප්‍රිය වැඩසටහන මෙහෙයවන්නිය ලෙස ද බෙටී වයිට් කලක් කටයුතු කර තිබේ.
‘ද ගෝල්ඩන් ගර්ල්ස්’ හි චරිත නිරූපණය කරන විට වයස අවුරුදු හැට ගණන්වල පසුවුවද ඇය එදා නිරූපණය කළ තරුණ ජවය ඇමරිකානු පුංචි තිරය තුළ අදත් නොමැකේ.
The Golden Girls සැලකෙන්නේ ඇමරිකානු රූපවාහිනී ඉතිහාසය තුළ එදා මෙදාතුර විකාශය වූ හොඳම තිර පිටපතක් සහිත මාලා නාටක 101 අතරේ ය. එම විශිෂ්ට තිර පිටපත ද ඇගේ මහිමය වැඩි කරන්නට හේතු වන්නට ඇත.
දැන්, බෙටී වයිට්, තවමත් සුන්දර තරුණියක සේ මද සිනා පාමින්, තමන්ගේ සිය වැනි ජන්ම දිනය විශේෂම ක්‍රමයකට සමරන්නට සුදානම් වෙයි.
ඒ, “Betty White: 100 Years Young—A Birthday Celebration” නමැති විශේෂ චිත්‍රපට දර්ශනයක් සමග ය. ඇගේ දිනපතා ජීවිතය, සිය කාර්යාල කාර්ය මණ්ඩලය සමග ඇය කටයුතු කරන ආකාරය, තිරයෙන් පිටුපස දර්ශන මෙන්ම සත්ව හිමිකම් සුරකින්නියක් ලෙස සිය හඬ අවදි කළ ආකාරය ද ඇතුළත් මතක ගොන්නක් මෙයින් දිග හැරෙනු ඇත.
ඇමරිකානු ඉතිහාසය තුළ ජාතික තලයේ රූපවාහිනී වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කළ පළමු කාන්තාව මෙන්ම, එමී නාමයෝජනාවක් දිනාගත් පළමු කාන්තාව බවට බෙටී වයිට් පත් වූ ආකාරය ද මෙයින් දිග හැරෙනු ඇත.
ඇය සමග ඒ මතකය බෙදාගන්නට එකතු වී සිටින්නේ ද දැවැන්තයන් ගොන්නකි. ඒ අතර, සම්මානනීය නළු ක්ලින්ට් ඊස්ට්වුඩ්, ජිමී කිමෙල්, ටීනා ෆේ වැන්නෝ ද සිටිති.
කෙනෙක් මිය ගිය පසුව ලියැවෙන-ගැයෙන අනුස්මරණ කවි කතාවලට වඩා බෙටී වයිට් මෙහිදී පියවරක් ඉදිරියට තබයි. ලොව පුරා සිටින තමන්ගේ සියලු රසික රසිකාවියන්ට ඇය මේ චිත්‍රපට දැක්ම සඳහා එක්වන ලෙස ආරාධනා කරයි. ජීවිතයේ එළිපත්තේ සිටින චරිතවලට වැදගත් වන්නේ මරණින් මතු තමන්ගේ ගුණ සැමරෙන අයුරු සිතින් විමසමින් සතුටු වීම නොවිය හැක. සියලු සතුට-දුක අදාළ වන්නේ ජීවත් වන කාලයේ ය. බෙටී වයිට් හෙවත් රත්තරන් කෙල්ල, තමන්ව සැමරීමේ වගකීම තමන් විසින්ම භාරගන්නේ, එය සැමරීමේ වගකීම අනුන් වෙත නොපවරවමිනි. ඔව්, සැමරිය යුත්තේ ජීවිතය මිස මරණය නොවේ.
* * *
ඇමරිකාවේ ජාතික සම්පතක් (National Treassure) ද ලෙස සැලකුම් ලබන බෙටී වයිට්ගේ ජීවිතයේ ඡායාරූපමය මතකයකි, මේ.
“Life With Elizabeth” සහ “Date With the Angels” රූපවාහිනී මාලා නාටකවල සිටි 50 දශකයේ ජනප්‍රියම නිළියකි, ඇය. ABC Photo Archives/Getty Images
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…