එසැණ පුවත්

දෙවියන්ගේ නාමයෙන් කාන්තාවන්ට තමා කැමති දෑ ඇඳීමට ඉඩ දෙන්න.. බයිඩන් ඉරානයට කියයි!

ඉරානයේ මර්දනකාරී රජයේ ක්‍රියාකලාපයට විරුද්ධව ජන අරගල නිර්මාණය වී තිබෙන අතර, ඉකුත් දින හිජාබය පැළඳීමේ අඩුපාඩුවක් මත ඉරාන සදාචාර පොලීසිය (Morality Police) විසින් අත්අඩංගුවට ටික දිනකට පසු අභිරහස් ලෙස මරණයට පත්වූ මාහ්සා අමීනි වෙනුවෙන් එකී ජන අරගල උත්සන්න වීම සිදුවිය.

ඉරාන රජය පවසන්නේ, මෙම ජන අරගල ඉරානයේ නවමු සංවර්ධන වැඩපිළිවෙල සහ තම රාජ්‍යයේ විශිෂ්ටත්වය හෑල්ලු කිරීමට සතුරන් විසින් දියත් කරන ලද දුර්වල කැරැල්ලක් බවයි.

මෙම ජන අරගල මර්දනය කිරීමට ඉරාන රජය කටයුතු කරන බවත්, එකී මර්දනකාරී ක්‍රියාපිළිවෙත තුළ විදෙස් සංචාරකයන් පවා ඉරානයේ අත්අඩංගුවට පත්ව ඇති බවත් පසුගිය දින වල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කාන්තාව පිළිබඳව ඉරානය දරන ආකල්පයේ වෙනසක් අපේක්ෂා කිරීමෙන් මෙම ජන අරගලය ශක්තිමත් වෙමින් පවතින අතර, ඉරාන බලධාරීන් විසින් මෙම ජන අරගලය හමුවේ පාසල් ළමුන් පවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

මේ අතර, එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් මහතා ඉකුත් දින කැලිෆෝනියාවේ අර්වින් වැලේ කමියුනිටි කොලේජ් (Irvine Valley Community College) හි පැවති උත්සවයකට සහභාගී වෙමින් අවධාරණය කර සිටියේ, ඉරානය තමාගේම පුරවැසියන්ට එරෙහිව දියත් කරන මෙම මර්දනය වහා නතර කිරීමට කටයුතු කළ යුතු බවයි.

දෙවියන්ගේ නාමයෙන්‘ කාන්තාවන්ට තමා කැමති ඇඳුමක් ඇඳීමට අයිතිය ඇති බවත්, ඉරානය විසින් තම රටේම පුරවැසියන්ට එරෙහිව දියත් කර ඇති මර්දනය නවතා දමා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම සිය කතාවේදී පවසා සිටියේය.

ඉරානයේ රාජ්‍ය විරෝධී ජන අරගල උත්සන්න කිරීමට හේතුවූ මරණය පත් මාහ්සා අමීනි ඉරාන සදාචාර පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේ ඈ හිජාබය පැළඳීමේදී හිසකේ පිටතට විවෘත වී ඇති අයුරින් එය පළැඳ සිටීමේ චෝදනාව මත ය.

ඡායාරූප: රොයිටර්

සබැඳි පුවත්:

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

12 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

13 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

17 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

20 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

21 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

21 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago