කාලීන

Blockchain ගැන ඔබ දැනුවත්ද?

‘Blockchain’ එකක් යනු ඩිජිටල් ගණුදෙණු වල තොරතුරු එක්රැස් කර තබාගන්නා වර්තාවක් ලෙස හැදින්විය හැක. එහිදී සෑම වාර්තාවක්ම Block එකක් ලෙස හදුන්වන අතර නිතිපතා අලුත්වෙමින් වර්ධනය වන දත්ත වාර්තා ලයිස්තුව Chain එකක් ලෙස හදුන්වයි. Blockchain වල ඉතිහාසය වැඩි ඈතක නොවන අතර එය 2008 දී ජන ජාතික  සතෝශී නකමොටෝ විසින් පළමු වරට හදුන්වා දෙන ලදී.

Is this Satoshi Nakamoto, the mysterious founder of Bitcoin? He says no

Blockchain නිර්මාණය කර ඇත්තේ බාහිර පාර්ශවයට එහි දත්ත වල වෙනස්කමක් සිදු කළ නොහැකි වන ලෙසය. එසේම එය පාලනය කරනු ලබන්නේ Peer-to-Peer ලෙස හදුන්වන ජාල හරහාය. ’Blockchain’ සංකල්පය විවිධාකාරයෙන් භාවිතයට ගත හැකි අතර Bitcoin යනු එම සංකල්පය භාවිතයෙන් නිම වූ ප්‍රසිද්ධ අංගයකි. තවද එමගින් වඩා කාර්‍යක්ෂම සෙවාවන් සැපයීම සහ පිරිවැය අඩුවීම හේතුවෙන් බැංකුකරණයෙදී Blockchain සංකල්පය භාවිතය ඉතා ලාභදායී හා පහසු වේ. එසේම සෞඛ්‍ය ක්ෂෙත්‍රය තුල රෝගීන්ගේ දත්ත රහසිගතව ගබඩා කර තැබීමට හා රහසිගත ඡන්ද ප්‍රකාශ කිරීම් වලදී ද මෙහි භාවිතය වඩා වැදගත් වේ.

තරුණ පරපුර  අතර වඩාත් ජනප්‍රිය අංගයක් වන පරිගණක ක්‍රීඩා නිර්මාණයේදී මෙකී සංකල්පය යොදා ගැනීම ආරම්භ කර ඇත. ඒ සදහා හොදම නිදසුන වන්නේ මැතකදී කරළියට පැමිණී CryptoKitties යන පරිගනණක ක්‍රීඩාවයි.

වර්තමානය වන විට, ‘Blockchain’ වර්ග තුනක් භාවිතයේ පවතී. ඉන් පළමු වර්ගය පොදු Blockchain වන අතර නමෙහි අරුතරට සරිලන ලෙස ඕනෑමකෙනෙකුට ඊට ඇතුල් විය හැකිය. අන්තර්ජාල සබදතාවයක් හිමි ඕනෑම පාර්ශවයකට එයට ගණුදෙණු ඇතුලත් කළ හැකි අතර ගණුදෙණු ඇතුලත් කළ හැකි අතර ගණුදෙණු වල වලංගුතාවටයද පරික්ෂා කළ හැකිය.දැනට පවතින විශාලතම සහ ප්‍රසිද්ධම පොදු Blockchain වන්නේ  Bitcoin සහ Ethereum නම් වේ.

දෙවන වර්ගය වන්නේ පුද්ගලික Blockchain වේ, එයට ඇතුල්වීමට අවසර ඇත්තේ එහි කළමණාකරිත්වය විසින්  අවසර ලබාදෙන පාරශවයන්ට පමණී.මෙම Blockchain වර්ගය සුදුසු වන්නේ ආයතන සදහා වන අතර එමගින් ඔවුන්ට සංවේදී දත්ත වල සුරක්ෂිත බව තහවුරු කරගත හැකිය. සමූහව්‍යපාර Blockchain යනු තුන්වන වර්ගයයි.එය අර්ධ විමධ්‍යගත  එකක් ලෙස බොහෝවිට භාවිතා වේ. තවද, ආයතන කීපයක් මගින් එය පාලනය වේ.

Blockchain හදුන්වාදීමේ ප්‍රධන අරමුණ වූයේ ඩිජිටල් තොරතුරු සංස්කරණය නොකර වාර්තා කිරීම සහ බෙදා හැරීම සදහාය. Blockchain භාවිතයෙන් වාසි බොහෝමයකි, එහි නිරවද්‍යතාවය ඒ අතරින් සුවිශේෂි වේ. මිනිස් මැදිහත්හත්වීම බොහෝ දුරට අවමකර මිලියන ගණනක් වූ ජාලගත පරිගණ්ක මගින් එහි සිදුවන ගණුදෙණූ වල නිරවද්‍යතාවය තහවුරු කරයි. එසේම Blockchain තුලදී තුන්වන පාර්ශවයන්ගේ මැදිහත් වීමක් සිදුනොවන නිසා ගණුදෙණු වාර්තාකරණයට වැටය වන මුදල අවමය.තොරතුරු විමධ්‍යගතකරණය, එමගින් ලබාදෙන අනෙක් ප්‍රොයෝජනය යි.එහිදී ගණුදෙණු පිළිබදව තොරතුරු ජාලගත සියලුම පරිගණක වලට ලබාදෙන අතර අලුත් Block එකක් එකතු වූ විට ජාලගත සියලුම පරිගණක Update එක පිළිබදව දැනුවත් වේ.

නමුත් තවමත් එහි කාර්‍යක්ෂමතාවය,රහසිගතභාවය සහ අරක්ෂාව පිළිබද තවමත් විවිධ ගැටළු පවතින අතර ඒවා අවම කර වැඩි දියුණුකිරීමට පරීක්ෂකයන් උත්සුක වෙමින් සිටියි.

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

6 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

14 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago