කාලීන

හතළිස් හත් වසරක දීගය නිමා කර බ්‍රිතාන්‍යය අද රෑ දික්කසාද වෙයි !

මෙයින් උද්දාමයට පත්ව සිටින්නෝ බොහෝ ය. බ්‍රෙක්සිට් සඳහා, එනම් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය එක්සිට් විය යුතුම බව පවසමින් ජනතාවගේ මනස සැදූ නයිජල් ෆෙරාජ්, කන්සවේටිව් නායක අගමැති බොරිස් ජොන්සන් ඒ අතර ඉහළින්ම සිටිති. මේ අතරවාරයේ, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද සිය දක්ෂිණාංශික නායක ට්‍රම්ප්ගේ සුබාශිංසන රැගෙන, වෙන්වීම සියැසින් ම දකිමින් මල් වෙඩි සමරන්නට එංගලන්තය බලා පැමිණීමට නියමිත ය.

නිසැක වශයෙන්ම ඉදිරියේදී එක්සත් රාජධානියට උදා වන්නේ සංක්‍රාන්ති සමයකි.

බ්‍රෙක්සිට් නිසා තව පැය කිහිපයකින් වෙනස් වන සහ වෙනස් නොවන බ්‍රිතාන්‍යයේ ඉරණම් කතාව සැකෙවින් මෙසේ ය.

එක්සත් රාජධානියේ සිටින යුරෝපා සංගම් මන්ත්‍රීවරුන්ට (MEPs) සිය ආසන අහිමි වේ.

GETTY IMAGES
2019 යුරෝපා සංගම් මැතිවරණයේදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ බ්‍රෙක්සිට් පක්ෂය විසිනි.

අද රාත්‍රියේ පටන් මේ අනුව එක්සත් රාජධානියේ යුරෝපා සංගම් නියෝජිත මන්ත්‍රීවරුන් 73 දෙනාටම යුරෝපා පාර්ලිමේන්තුවේ සිය ආසන ස්වයංක්‍රීයව අහිමි වේ. ඒ අතර දැඩි බ්‍රෙක්සිට්වාදීන් වන නයිජල් ෆෙරාජ් ද සිටියි. එසේ ස්වයංක්‍රීයව ඔවුන් යුරෝපා පාර්ලිමේන්තුවෙන් පිටමං කෙරෙන්නේ බ්‍රෙක්සිට් සිදුවූ සැණින්, යුරෝපා සංගමයේ සියලු දේශපාලන ආයතන සහ කාරක ආයතනවලින් ඔවුන්ට ඉවත් වීමට සිදුවන බැවිනි. නමුත් සංක්‍රාන්ති සමය අවසන් වන තෙක් එක්සත් රාජධානියට තමන්ගේම ජීවිතයක් ආරම්භ කළ නොහැකි ය. මේ සංක්‍රාන්ති සමය තුළ යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඔවුන් පිටමං කළත්, යුරෝපියානු යුක්ති අධිකරණය (European Court of Justice) තවදුරටත් එක්සත් රාජධානියට අදාළව ක්‍රියාත්මක වේ. එය ඔවුන්ගේ ආරාවුල් සම්බන්ධයෙන් අවසානාත්මක තීන්දු ලබාදෙන විනිශ්චයාධිකාරිය ලෙස තවදුරටත් පවතිනු ඇත. 

යුරෝපා සංගම් සමුළු අකැප වෙයි!

අනාගතයේදී එක්සත් රාජධානි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට යුරෝපා කවුන්සිලයේ සමුළුවලදී යුරෝපා රටවල රාජ්‍ය නායකයන් මුණ ගැසීමට අවශ්‍ය නම්, ඒ සඳහා ඔහුට අවස්ථාව නොලැබෙනු ඇත. එසේ වීමට නම් බොරිස් ජොන්සන්, විශේෂ ආරාධනයක් ලැබිය යුතු වේ.

මේ අතර, මත්ස්‍ය කර්මාන්තයේ සීමා යනාදිය ගැන සාකච්ඡා කිරීමට මේ දක්වා එක්සත් රාජධානි ඇමතිවරුන් නිරන්තරයෙන්ම වෙනත් යුරෝපා රටවලට සංචාරය කළ නමුත්, අද පටන් එවැනි අවස්ථා ද ඔවුන්ට අහිමි වනු ඇත.

භාණ්ඩ හා සේවා ගැන ලෝකය සමග අලුතනේම කතා කරන්නට සිදු වේවි!

එක්සත් රාජධානියට අද පටන් භාණ්ඩ හා සේවාවන් අලෙවිය හා මිලදී ගැනීම් පිළිබඳ නව රීති සකස් කර ගැනීමට සිදුවේ. මේ සඳහා මුළු ලෝකයම සමග අලුතෙන් වැඩ කිරීමට ද ඔවුන්ට සිදු වේ.

යුරෝපා සංගමයේ සාමාජිකයෙක් ලෙස සිටියදී මහා බ්‍රිතාන්‍යයට ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් සමග විධිමත් වාණිජ ගනුදෙනුවලට එළඹීමට හැකියාවක් තිබුණේ නැත. බ්‍රෙක්සිට් වලට හුරේ දමන්නන් දිගින් දිගටම කියා සිටියේ බ්‍රෙක්සිට් සමග ලැබෙන මේ නිදහස සමග ඔවුන්ට එක්සත් රාජධානි ආර්ථිකය වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි. ඔස්ට්‍රේලියාව කෙසේ වෙතත්, ඇමරිකාව නම් ඔවුන් පිළිගන්නට දෑත් විදහා බලා සිටියි. කෙසේ නමුත් මේ වාණිජ ගනුදෙනුවලදී ඔවුන් සාර්ථක වේ ද යන්න අනාගතයට අයිති කාරණයකි. තවද යම්කිසි වාණිජ ගනුදෙනුවක් සාකච්ඡා කෙරුණද, සංක්‍රාන්ති සමය ආරම්භ වන තෙක් ඒ කිසිවක් විධිමත් ලෙස ආරම්භ කිරීමට එක්සත් රාජධානියට හැකි වන්නේ නැත.

UK පාස්පෝට් එකේ පාට වෙනස් වේවි!

අවසාන වශයෙන් එක්සත් රාජධානි විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් වූයේ 1988 වසරේදී ය.

වත්මන් බර්ගන්ඩි පැහැයේ (රතු දුඹුරු පැහැයේ) එක්සත් රාජධානි විදේශ ගමන් බලපත්‍රය 1988 වසරට ම ආපසු යනු ඇත. එනම්, වසර 30 ක් තිස්සේ පැවති වර්තමාන විදේශ ගමන් බලපත්‍ර, අලුත් කිරීමේදී සහ අලුතෙන් නිකුත් කිරීමේදී පෙර පැවති නිල් පාටින්ම මුද්‍රණය කිරීමට සිදු වේ. 2020 මැද භාගයේදී නව වර්ණයෙන් යුක්තව එය මුද්‍රණය කරනු ඇත. මුලින්ම මේ නිල්-රන්වන් පැහැයෙන් යුක්ත පාස්පෝට් බ්‍රිතාන්‍යය පාවිච්චි කළේ 1921 වසරේ දී ය. එනම්, දළ වශයෙන් සියවසකට පෙර ය.

බ්‍රෙක්සිට් කාසි!

PA MEDIA
බ්‍රෙක්සිට් ප්‍රමාදයත් සමග කාසි අලුතෙන් සාදන්නට සිදු විය.

ජනවාරි 31- ‘‘සියලු ජාතීන් සමග සාමය, සෞභාග්‍යය සහ මිත්‍රත්වය‘‘ “31 January” “Peace, prosperity and friendship with all nations”

හෙට දිනයේ පටන් මහා බ්‍රිතාන්‍යයේ සංසරණය වනු ඇත්තේ මේ වදන් ඔබ්බවා ඇති අලුත් කාසි ය.

බ්‍රෙක්සිට් වලින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල ගැන අවදියෙන් සිටින ජනතාව පවසා තිබෙන්නේ තමන් මේ කාසි ප්‍රතික්ෂේප කරන බව ය.

බ්‍රෙක්සිට් සැබවින්ම සිදුවීමට නියමිත ව තිබුණේ 2019 ඔක්තෝබර් මාසයේදී ය. එවකට පැවති තෙරේසා මේ ගේ ආණ්ඩුව විසින් මේ දිනය සහිතව කාසි සාදා තිබුණත්, අවසානයේ බ්‍රෙක්සිට් ප්‍රමාද වීම හේතුවෙන් ඒ කාසි උණු කර ජනවාරි 31 සහිත නව කාසි නිපදවන්නට මහා බ්‍රිතාන්‍යයට සිදු වී තිබේ.

‘බ්‍රෙක්සිට් දෙපාර්තමේන්තුව‘ වසා දැමේ!

බ්‍රෙක්සිට්වලට අදාළව UK-EU සාකච්ඡා හැසිරවූ ‘බ්‍රෙක්සිට් දෙපාර්තමේන්තුව‘ අද පටන් අහෝසි වන්නේ යුරෝපා සංගමය සමග සියලු සාකච්ඡා අවසන් නිසා ය. ඉදිරියේදී යම් සාකච්ඡාවක් සිදු වේ නම් එය සිදුවනු ඇත්තේ ලන්ඩනයේ අගමැති කාර්යාලය වන ඩව්නින් ස්ට්‍රීට් හි අංක 10 දී ය.

ජර්මනිය එංගලන්ත වැසියන් උදර්පණය කිරීම නතර කර දමනු ඇත!

ජර්මනියට පළා එන බ්‍රිතාන්‍ය ජාතික අපරාධ සැකකරුවන් පිටුවහල් කර නැවත මහා බ්‍රිතාන්‍යයටම භාරදීම ජර්මනියේ මෙතෙක් පැවති සිරිතයි. නමුත් ජර්මානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මෙසේ උදර්පණය කළ හැක්කේ තවත් යුරෝපා සංගම් රටකින් පැමිණෙන්නන් පමණකි.

මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ ජර්මනියට පැමිණෙන එක්සත් රාජධානියේ අපරාධ සැකකරුවන්, ජර්මානු නීතිය අනුව නඩු අසා දඬුවම් ලැබීමයි.

බ්‍රෙක්සිට් නිසා මෙතෙක් වන බව කියූ මහා අවුල, දැන් ඇත්තටම සිදුවන්නට නියමිත ය. නමුත් නිගමනයක පැමිණෙන්නට පෙර පහත කරුණු 6 ත් කියවන්න!

දික්කසාද වූ බ්‍රිතාන්‍යය ‘ලිවින් ටුගෙදර්‘ වන හැඩ!

බ්‍රෙක්සිට් සිදුවූ වහාම සංක්‍රාන්ති සමය ඇරඹෙයි.

මේ සංක්‍රාන්ති සමය අවම වශයෙන් පුරා වසරක කාලයක් එනම්, 2020 දෙසැම්බර් 31 දක්වා පවතිනු ඇත. ඒ කාල සීමාව තුළ නොවෙනස් වන දේවල් මේවා ය.

විදෙස් ගමන්

GETTY IMAGES
සංක්‍රාන්ති සමය තුළ පමණක් එක්සත් රාජධානි පුරවැසියන්ට යුරෝපා සංගමයෙන් පෙර සැලකුමම ලැබෙනු ඇත.

ගුවන් යානා, බෝට්ටු සහ දුම්රිය පෙර පරිදිම ක්‍රියාත්මක වනු ඇත. සංක්‍රාන්ති සමය තුළ පමණක්, එක්සත් රාජධානි පුරවැසියන් හට යුරෝපා සංගමයෙන් පැමිණෙන්නන්ට වෙන් වූ පෝලිම්වල ඉඩ ලැබේ. ඉන්පසු ඔවුන්ට පෝලිම් ද අහිමි වනු ඇත.

රියැදුරු බලපත්‍ර සහ පෙට් පාස්පෝට්

රියැදුරු බලපත්‍ර සහ සුරතල් සතුන් ගුවනින් ප්‍රවාහනය කිරීමට අදාළ පෙට් පාස්පෝට්, ඒවා අවලංගු වන දිනය දක්වා වලංගු තත්වයේ පවතිනු ඇත. නමුත් ඒ තත්වයෙන් අලුත් කර ගත නොහැකි වනු ඇත.

යුරෝපියානු සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත් European Health Insurance Card (EHIC)

ALAMY
සංක්‍රාන්ති සමය තුළ පමණක් වලංගු යුරෝපියානු සෞඛ්‍ය රක්ෂණ කාඩ්පතක්

රෝගී තත්වයකදී හෝ හදිසි අනතුරකදී පාවිච්චි කිරීම සඳහා එක්සත් රාජධානි රජය විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත් ඕනෑම යුරෝපා සංගම් රටකදී පාවිච්චි කළ හැකි විය. ඒවා ස්විට්සර්ලන්තය, නෝර්වේ හා අයිස්ලන්තයේදී ද මෙතෙක් වලංගු විය. නමුත් එක්සත් රාජධානියට මේ අවස්ථාව හිමි වන්නේ සංක්‍රාන්ති සමය අවසන් වන තෙක් පමණි.

එක්සත් රාජධානිය තුළ ජීවත් වීම සහ වැඩකිරීම

නිදහසේ ගමන් බිමන් යාමේ හැකියාව සංක්‍රාන්ති සමය තුළදී එලෙසින්ම පවතිනු ඇත. ඒ අනුව එක්සත් රාජධානි පුරවැසියන්ට යුරෝපා සංගමයේ ඕනෑම රටක් තුළදී සිය නීතිමය තත්වය එලෙසින්ම පවත්වා ගැනීමට සංක්‍රාන්ති සමය තුළ පමණක් හැකියාව ලැබේ. ඉන්පසු සියල්ල අවුල් ජාලයක් බවට ද පත්වීමට ඉඩ තිබෙන්නේ ඔවුන්ගේ රැකියා ලයිෂන් පවා වෙනස් වීමට නියමිත නිසා ය. මේ තත්වය, එක්සත් රාජධානිය තුළ සිටින යුරෝපා සංගම් රටවල පුරවැසියන්ට ද අදාළ ය.

විශ්‍රාම වැටුප්

වාර්ෂික විශ්‍රාම වැටුප් වැඩිවීම් සමගින් යුරෝපා සංගම් රටවල් තුළ වෙසෙන එක්සත් රාජධානි පුරවැසියන්ට සිය විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ, සංක්‍රාන්ති සමය අවසන් වන තෙක් එලෙසින්ම ලැබෙනු ඇත.

යුරෝපා සංගම් අයවැය එලෙසින්ම පවතියි!

යුරෝපා සංගමයේ අයවැය (EU budget) සඳහා සංක්‍රාන්ති සමයේදී එක්සත් රාජධානිය ඒ අයුරින්ම සිය ගෙවීම් සිදුකරගෙන යායුතුය. ඒ අනුව මේ වසර තුළදී ද එක්සත් රාජධානියට යුරෝපා සංගම් අරමුදල් එලෙසින්ම ලැබෙනු ඇත. ඉන්පසු සියල්ල නතර වනු ඇත.

පසුවදනක්

අවුරුද්දක් යනු දිගු කාලයකි. මේ කාලය තුළ සිදුවිය නොහැක්කේ මොනවාද? යුරෝපා සංගමය නැවත නැවතත් කියා සිටින්නේ, ‘‘ආපහු ගෙදර එන්න.. ඕනෙම වෙලාවක ඔබව පිළිගන්නවා..‘‘ කියා ය. කියවන්න, මහා බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ආදර හසුනක්!

කෙසේ නමුත් අද රාත්‍රියෙන් මේ කසාදය අවසන් වේ. දික්කසාද වන නමුත්, එක් අවුරුද්දක් යුරෝපා සංගමය සමග එක ගෙයි වසන්නට එක්සත් රාජධානියට සිදු වේ. ඒ එක් අවුරුද්ද අවසාන වන විට මේ දෙපළ නැවත විවාහ වන්නටත් ඉඩ තිබේ!

කෙසේ නමුත් මහා බ්‍රිතාන්‍යයට පමණක් නොව මුළු ලෝකයටම දැන් උදා වී තිබෙන්නේ සංක්‍රාන්ති සමයකි. ට්‍රම්ප්ලාගේ, බොල්සොනාරෝලාගේ, බොරිස් ජොන්සන්ලාගේ දක්ෂිණාංශික රැල්ල ලොව පුරා පැතිර යද්දී සොබාදම් මව කුපිත වූයේ කලින් කියමින් නොවේ. එක් පැත්තකින් ඔස්ට්‍රේලියාව ගිනි ගත්තේය. ඒ ගිනි නිවන්නට ඇයටම සිතී වැසි වස්සවන විට එය මහා ගං වතුරක් බවට පත් වුණේය. ඒ ගං වතුර අඩු වන විට කෘමී උවදුරක් ඇති වුණේය. ඔස්ට්‍රේලියාව නිශ්චල වන්නට යන විටම නවසීලන්තයේ ගිනි කඳු පිපිරුණු අතර, මේ වන විට පිලපීනයේ ගිනි කඳු පුපුරා තිබේ. කැරිබියානු මුහුදේ රික්ටර් ඒකක 7.7 ක භූමි කම්පනයක් සමග සුනාමි උවදුර හටගත්තේ මෙයට දෙදිනකට පෙර ය.

මුළු ලෝකයම මේ විපත් සමග පාරිසරික හදිසි තත්වයන් සංවේදී වෙමින් සිටියදී මහා බ්‍රිතාන්‍යය කළේ ගෙට වීමයි! ගෙට වී දොරගුළු දමා ගැනීමයි! ලොවම ගිනි ගනිද්දී වීණා වයන නීරෝ බවට තව පැය කිහිපයකින් බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් පත් වනු ඇත.

මහා බ්‍රිතාන්‍යයේ මේ බ්‍රෙක්සිට් ආදර්ශය නිසා හෙට සිට කුල්මත් වන ජාතීන් ද සිටින බව ඉන්තේරුවෙන්ම කිව හැකිය. කදිමය. ලොවම මේ බ්‍රෙක්සිට් පරිච්ඡේදය ආදර්ශයට ගතහොත් කුමක් සිදුවනු ඇත්ද? ගෙයි වහලය සුළි සුළඟට ගසාගෙන යන තෙක්ම දොරගුළු දමාගෙන සිටින බ්‍රිතාන්‍යය ඉදිරි මාස 12 තුළ ලොවට කියා දෙනු ඇත්තේ ඒ පාඩමයි!

බ්‍රෙක්සිට් ගැන අවුට්බවුන්ඩ් ටුඩේ හි පළ වූ සියලු ලිපි මෙතැනින් කියවන්න..

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

8 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

12 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

20 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

21 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago