අඟහරුවාදා දිනයේ ඔහු නිරෝගි , ශක්තිමත් කොලුවකු විය. බදාදා ඔහු අසනීප විය. බ්‍රහස්පතින්දා මිය ගියේය.

ඔහු අවංක දැවැන්තයෙකි. සැමගේම හොඳම මිතුරා විය. ලෝකයේ නියමුවෙක්ද විය. සෑම දෙයකදීම නිතර ඔහු සිටියේ උද්‍යෝගයෙනි. මේ ගිම්හානයේ ඔහු වැඩ කළ ගොවිපොලේ ෆෝමන්වරයා ඔහු යෝධයෙක් යැයි සරල ලෙස කියාදමා තිබිණි.

ඔහු හදාගත් දරුවෙකි. මා අතිශය කැමැත්තෙන් හා සෙනෙහසින් යුතුව එසේ කියනුයේ බොහෝ විට හදා ගත් දරුවන් ගැන සඳහන් වන්නේ නරක දරුවන් පිළිබඳ කතාන්දරවලදී පමණක් වන නිසාය.

පුවත්පත්වල සඳහන්වන දාමරික මිනීමරුවන් හදාගත් දරුවන්ය. නොබෙල් ත්‍යාගලාභීන් හදාගත් දරුවන් නොවේ. පුවත්පත්වල මෙසේ කීමේ ආචාර ධර්මයක් තිබේ. “ මාපියන්ට දොස් නොකියන්න. ඔහු අසල්වැසියන් මැරුවේ ඔවුන්ගේ වරදකින් නොවේ!‘‘ නමුත් මේ කතාවේදී, ඔහු මෙතරම් කදිම දරුවෙකු වීම මගේ වරදක් නොවේ.

අප ඔහුගේ මුහුණුවර නොගැනීම හාස්‍යජනක යැයි ඔහු සිතුවේය.

මා අඩි පහයි අඟල් අටක් උස අතර, බර රාත්තල් 160 ක් පමණ විය. ඔහු අඩි හයයි අඟල් හතරකට ළංවූ අතර රාත්තල් තුන්සියයක් පමණ බරවන්නට ඇතැයි මම සිතමි. ඔහු නිතර සිනහවකින් මුව සැරුසුණු සිමෙන්ති කොට්ටයක් මෙන් විය. වතාවක් අවුරුද්දකට පමණ පෙර ඔහු මට මිතුරෙකුව හඳුන්වා දුන්නේය.

“ මේ මගේ තාත්තා.‘‘ ඔහු ආඩම්බරයෙන් කීය. මිතුරා මා දෙස බලා, ක්‍රිස් දෙස බලා , ඉන්පසු අවුල් සහගත විය. “ ඔයා මගේ අම්මවත් දකින්න ඕනෙ. “ ක්‍රිස් ඍජු ලෙස කීය.

පසුගිය නොවැම්බර් 29 වැනිදා, ඔහුගේ දාහත්වැනි උපන්දිනය දා මේ තීරුවෙන් මම ඔහුව හඳුන්වා දුන්නෙමි. අපේ පැරණි බලු සුරතලා එල්ලා වැටෙන කන් සහිත හවුන්ඩ් වර්ගයේ ෆිනගන් ගේ මරණය ගැනත්, ක්‍රිස්ටෝපර් සය හැවිරිදි වියේදී ඔහු සහ මා ගිය විනෝද චාරිකාවක් ගැනත් මම එහි ලිවීමි.අපේ සුනඛයන් දෙදෙනා ෆිනගන් සහ කන් උඩට පිහිටා තිබූ බූවියර් වර්ගයේ මැන්ඩිය. ඒ අතරින් ” ඔයා වැඩිපුරම කැමති කාටද? යැයි මම ඔහුගෙන් ඇසුවෙමි. “ ෆිනගන්ටද මැන්ඩිටද? ”

Pinterest

“ෆිනගන් ට ” ඔහු සැණෙන් පිළිතුරු දුන්නේය. “ ඇයි දන්නවද එයාගේ කන් ගොඩක් ලොකුයි. ඔයාට එයාගෙන් ඔයාගෙ කඳුළු වුණත් පිහිදාගන්න පුළුවන් .”

එම සන්ධ්‍යාවේ ඔහු එම කොලම කියැවීය. මේක ලිව්වට ඔයාට සල්ලි ගෙව්වද? ” ඔහු ඇසුවේය. ඔව් යැයි මම කීවෙමි. කොච්චරක්ද? ඔහු ඇසුවේය. මම එය ඔහුට පැවසීමි. “ ඔයා දන්නවා නේද…මේ කොලමේ මං ඇර වෙන දෙයක් ගැන නෑ. මං හිතන්නෙ මට ඒකෙන් බාගයක් ලැබෙන්න ඕනෙ”

එබඳු දරුවෙකි ඔහු. හැම දෙයක් ගැනම ඔහුට හැම විටම තමන්ගේ කෝණයක් තිබුණේය.

ඔහු ආදරණීය අයෙකු විය.

ඔහු හැම කෙනකුටම ආදරය කළේය. විශේෂයෙන්ම එය ආච්චිට හා සීයාට වූ නමුත් මව සහ පියාටත් “මම ඔයාට ආදරෙයි තාත්තා “ මුහුණ රතු කරගැනීමකින් තොරව අරුත්බර ලෙස ඔහු කියයි. එය අසාමාන්‍ය බවද ඔහු දැන සිටියේය. ගිම්හානය අවසන් වීමට පෙර එක් සැඳෑවක මගේ බිරිඳ සහ මම ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියෙමු. ඔහුට ගොල්ෆ් බෝලයක් සැතපුමක් පමණ ඈතට විසිවන පරිදි ගැසිය හැකිය. ඒ සැතපුම නැගෙනහිර දිශාවටද බටහිර දිශාවට දැයි කිව නොහැකි නමුත්. රෑ කෑමෙන් පසු අප කුමක් කරන්නේදැයි ඔහු ඇසුවේය. “අම්මයි මමයි එළියට යනවා “ මම කීවෙමි .” ඔයත් අපි එක්ක එනවද? ”

“ නෑහ්…” ඔහු කීවේය. “ මං ජෝයි එක්ක ඉන්නම් …” අප සමග එන ලෙස මම ඔහුට බල කළෙමි. අවසානයේ ඔහු මෙසේ කීය. “ මේ බලන්න තාත්තා, ඔයාට තේරෙන්නේ නෑ. මගෙ වයසෙදි ඔයා මාපියන්ට කැමතිවත් නැතිව ඇති….”

ඔහු විනෝදකාමි අයෙකු විය.

“ තාත්තා …” මාස දෙකකට පෙර ඔහු කීය. “ මං දන්නව ඊළඟ උපන්දිනේට මම කැමති මොනවගේ දෙයක් මට ලැබෙනවටද කියලා. අතෙන් හැදුව පාකිං ස්ටිකර් එකක්.

ඔයා දන්නවනෙ, වාහන නවත්වන්න, එහෙම් නවත්වන තැන්වලට වඩා හොඳ තැන් තව හුඟක් තියෙනවා. “ එවැනි අවසරයකට ඔහු වැනි වැඩුණු කොල්ලෙකුට වාහන නතර කරන්න දේ යැයි සිතිය නොහැකි බව මම ඔහුට කිවෙමි. එවිට, ඔහු සිය ඉගෙනුම ගැන විශාල උනන්දුවක් නොදක්වන්නෙකු වූ ක්‍රිස්ටෝපර් තම මාතෘකාව වෙනස් කළේය. “ ඔයා දන්නවද, මට එහෙම එකක් තිබුණා නම්, මට කැමති තැනක වාහනේ නතර කරන්න පුළුවන්. එහෙම වුණානම්, මට පුළුවන් ඒ වෙලාවත් ඉගෙනීමට යොදවන්න.”

මාපියන් වශයෙන් ඔබේ දරුවා වාහන අනතුරුකට ලක්වේයැයි ඔබ හැම විටකම බියෙන් පසුවෙයි. රියැදුරෙකු වශයෙන් ක්‍රිස් ගතවූ වසර එකහමාර ඇතුළත අපේ පවුලේ වාහන හතරම හප්පාගත්තේය. බලපත්‍රය ලත් දිනයේම ඔහු එක් වාහනයක් ගසක හැප්පීය. “ ඒක මගෙ වැරැද්ද නෙවෙයි තාත්තා” “ හොඳයි ක්‍රිස්ටෝපර් . “ මම කීවෙමි.” එක්කො ඔයාගෙ නැතිනම් ගහේ වැරැද්ද . එය දැන සිටි ඔහු මුලින් තර්ක කර හිතාමතාම ගසට දෝෂාරෝපණය කළයුත්තේ මන්දැයි පැහැදිලි කර දුන්නේය. පසුගිය වසන්තයේ ඔහු මගේ එක් මෝටර් රියක් හප්පා දැමුවේ මගේම තවත් මෝටර් රියක වූයෙන් එය එක්තරා, ආකරයක වාර්තාවක්ද විය.

රිය අනතුරු ගැන ඔහු මට දුරකතන ඇමතුමක් දී නිවේදනය කළේ මෙසේ කතාව අරඹමිනි. ‘‘තාත්තා ඔයා දන්නව නේද අර එයා බෑග් පිපුරුණාම හරි ගඳයි ”නමුත් වෛද්‍ය විස්කම් හා උද්‍යෝගිමත් බව නොතකා යෞවන දියවැඩියාව නිසා හටගත් ක්ෂමා තත්වයකින් ඔහු මරණයට පත්විය. එය බියකරු, අඳුරු සහ දුක්ඛජනක මරණයක් වූ අතර, ඔහුගේ දෙමාපියන්ගේ මාපියන් සිව්දෙනා, ඔහුගේ සහෝදරිය හා සහෝදරයා මිතුරන් හෝ දෙමාපියන් සනසාලන්නට කිසිදු වදනකින් හැකි නොවේ.

මා සේවය කළ රූපවාහිනියේ මිතුරු ටිම්රස්ට් මා අමතා, අප මෙන්ම අසරණ වී සිටියත් කළ හැකි එකම දෙය නිසා මෙලෙස කීය. “ මම ඔට්ටුවක් අල්ලනවා. ලස්සන, කදිම , නිරෝගි දරුවෙක් දාහත් අවුරුද්දකට මම ඔයාට දෙනවා. ඊළඟට මම එයාව අරගෙන යනවා. “ ටිම් කීය. “ ඔයා මේ ගනුදෙනුවට එකඟ වෙන්න ඕනෙ එක තත්පරෙන්. ”

ගනුදෙනුව එය විය

අපි එහි කොන්දේසි නොදැන සිටියෙමු.

මයිකල් ගාට්නර්

  • මයිකල් ගාට්නර් අයෝවා ක්ලබ් පැසිපන්දු සමාජයේ හිමිකරුය. පුවත්පත් කතුවරයෙකි. NBC News හි සභාපතිවරයා ද විය. 1997 දී කතුවැකි ලිවීම වෙනුවෙන් පුලිට්සර් ත්‍යාගය දිනාගත්තේය.

ප්‍රධාන ඡායාරූපය – Patch

පෙර ලිපි සඳහා පිවිසෙන්න..

ප්‍රේමය නම්..

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

2 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

4 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

4 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

4 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

6 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

10 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago